අපි fashion කරන්න ගත්තම නොකරන දෙයක් නැහැ.පුළුවන් හැමදෙයක්ම කරනවා.ඉතින් මොන දේ කලත් කොහේ ගියත් අමතක වෙන්නේ නැති දෙයක් තියෙනවා.ඒ තමයි අපේ makeup එක.එක එක අය එක එක විදිහට makeup එක දානවා.ඒ ඔයාගේ තියෙන ලස්සන තවත් වැඩි කරගන්න.හැබැයි කාලයක් යනකොට makeup නිසා ඔයාගේ ලස්සන අඩු වෙනවා නම් හරි ඔයාගේ තිබුන පෙනුම නැත්තටම නැති වෙලා නම් හරි ඒක ඔයාගේ පෙනුමට හානියක්.ඒ නිසා මේ දේවල් ගැන නම් දැනගෙන ඉන්නම වෙනවා
පෙනුමට ගැලපෙන වර්ණ

ඔයා makeup කරනකොට ඔයාගේ skin colour එකට match වෙන colours select කරගන්න ඕනේ.වෙන කෙනෙක්ගේ skin එකකට ලස්සන colours ඔයාගේ skin එකට ගලපන්නේ නැති.ඒ නිසා වර්ණ සහ ඒවායේ ප්‍රභේද නිසි පරිදි match කරගන්න ඕනේ.ඒ වගේම office එකට, party එකකට,සාමාන්‍ය ගමනකට භාවිතා කරන වර්ණ වල පැහැදිලි වෙනසක් තියෙන්නත් ඕනේ.මොකද ඔයා select කරගන්න වර්ණ අනුව ඔයාගේ පෙනුම තීරණය වෙනවා.
makeup එක කළින් ready කරන්න

මෙහෙමයි.හිතන්නකෝ ඔයා හෙට office යනවා.එහෙනම් අද රෑට ඔයා අඳින්නේ මොකක්ද කියලා තීරණය කරන්න.ඊට පස්සේ ඒ ඇඳුමට ගැලපෙන makeup colours මොනවද කියලා බලන්න.එහෙම බලලා ඔයාගේ කණ්නාඩි මේසය උඩ makeup බඩු ටික තියලා තියන්න.එතනකොට උදේට කිසිම කලබලයක් නැතුව ලස්සනට makeup එක දාගන්න පුළුවන්.
ඒ වගේම දිගු වේලාවක් පවතින makeup තෝරාගන්න.මොකද දවසකට දෙවතාවකට වඩා makeup කරන්න වෙනවා නම් ඒක වෙලාව අපතේ හැරීමක්.
- ජලයට ඔරොත්තුදෙන (water proof) අඩු ශ්‍රමයකින් පවත්වාගත හැකි makeup තෝරාගන්න.
- ආසාත්මිකතා ඇති නොවන්නට කල් ඉකුත් නොවූ සහ උසස් ප්‍රමිතියෙන් යුතු makeup වර්ග තෝරාගන්නට වග බලාගන්න.
- අධික ලෙස Powder සහ Foundation ආලේප කිරීමෙන් වළකින්න.
- Lip gloss දවස පුරාම ලස්සනට තියාගන්න ඕනේ නම් lip gloss ආලේප කරන්න කළින් Lips අයිස් කැටයකින් තවන්න.
- ඇස් යට concealer ආලේප කිරීමෙන් ඇස්වල ගිලුණුපෙනුම සහ කළු පැහැය නැතිකර ලස්සන පෙණුමක් ලබාදෙන්න පුළුවන්.
අපි වැඩිය හිතන්නේ නැති දෙයක් තියෙනවා.ඒ තමයි වතුර.අපි වතුර බොන්නේ තිබහක් ආවොත් විතරයිනේ.එහෙම නැතුව නිතරම වතුර බොන්න පුරුදු වෙන්න.එතකොට skin එක dry වෙන එක නැති වෙනවා.අනිත් කාරණාව තමයි වතුර බිව්වේ නැත්නම් කොච්චර makeup දැම්මත් වැඩක් නැහැ.skin එක මළානික වෙලා තමයි පෙන්නේ.ඉතින් දැන් වතුර බොන එක හිතලම කරන්න
මේ විදිහට හිතලා මතලා වැඩ කරනවා නම් makeup දාල ලස්සනට ඉන්න පුළුවන්,නැත්නම් ලස්සන වෙන්න දාපු makeup එක නිසා කතා වෙන්න තමයි වෙන්නේ.ඉතින් ඔයත් පුළුවන් තරම් මේ කියපු දේවල් වලට මුල්තැන දෙන්න අමතක කරන්න එපා



