සාමාන්‍යයෙන් අපි ඇඳුමක් ගන්නකොට එකේ ගැලපීම නොගැලපීම තීරණය කරන්නේ අපේ body shape එකෙන්.හැබැයි අපි කවදාවත් hand bag එකක් ගන්න ගියහම body shape එක බලනවාද? නැහැ නේද? අපි හිතුවේ නැති වුණාට hand bag එකටත් අපේ body shape එක බලපානවා.ඉතින් අපි බලමු ඒ කොහොමද කියලා.
01) ඉන ප්‍රදේශය උරහිසට සහ උකුල් ප්‍රදේශයට වඩා විශාල සිරුර

සාමාන්‍යයෙන් ඇපල් ගෙඩියක් වගේ body shape එකක් තියෙන කෙනෙක් ගැන තමයි මේ කියන්නේ.ඉතින් ඒ වගේ body shape එකක් තියෙන අයට Match වෙන Bag style වලට වඩා නොගැලපෙන විලාසිතා තමයි වැඩි ප්‍රමණයක් තියෙන්නේ.මේ වගේ අයට ප්‍රමාණයෙන් කුඩා බෑග් හෝ උරහිසේ පළඳින කිසිම බෑග් වර්ගයක් මෙයාලාට හරියන්නේ නැහැ.පළල්,සෑහෙන තරම් ඉඩ ඇති බෑග් මොවුන්ට ගැලපෙනවා.
02)ඉන, උරහිස් සහ උකුළ ප්‍රදේශය එක සමාන සිරුර

මේ නම් කියන්නේ සෘජුකෝණාස්‍ර හැඩැතිව උරහිස් ඉඳන් පහළට එකම විදියකින් තියෙන සිරුරක්.මෙතනදී කෙට්ටු වෙන්න පුළුවන්, මහත වෙන්න පුළුවන්.ඒ කොහොම වුණත් අදාළ ප්‍රදේශ සමානව තියෙන්න ඕනේ.එහෙම කෙනෙක්ට සෙට් වෙන්නේ Hobo bags, ප්‍රමාණයෙන් විශාල tote bag වගේ bag.මේවා normally ප්‍රමාණය අතින් අනෙක් bag වලට වඩා විශාලයි
03) ඉන සහ උකුල උරහිස්වලට වඩා කුඩා වුණ සිරුර

ඒ කියන්නේ ත්‍රිකෝණාකාර හැඩැති සිරුරු ගැන.මේ වගේ body shape එකක් තියෙන අයගේ bag ප්‍රමාණයත් විශාල වෙන්න බැහැ.උරහිසේ පළඳන්න හැකි බෑග්, Hobo bags, cross body bags හොඳටම ගැලපෙනවා.
04) ඉන සහ උකුල් ප්‍රදේශවලට වඩා උරහිස කුඩා වූ සිරුර

පෙයාර්ස් ගෙඩියක හැඩැති මේ සිරුරට match වෙන සියලුම bag වල පටි කුඩා වෙන්න ඕනේ.මෙවැනි සිරුරක බර රැඳෙන්නේ ඉනේ සහ උකුල් ප්‍රදේශයේ .ඒ නිසා bag එක ගන්නකොට ප්‍රමාණයෙන් කුඩා ඒවා නැතුව විශාල හෝ මධ්‍යම ප්‍රමණයේ ඒවා ගන්න.
05) ඉන පෙදෙස පමණක් විශාල සිරුර

මේ වගේ body shape එකක් තියෙන අයගේ සිරුරේ ඉන විශාල වුණාට උරහිස් සහ උකුල් ප්‍රදේශ සිහින්.එහෙම සිරුරක අවධානය රැඳෙන්න ඕනේ ඒ සිහින් ප්‍රදේශ කෙරෙහිම තමයි. ඒ නිසා මේ වගේ body shape එඅක්ක තියෙන කෙනෙක්ට ගැලපෙන්නේ ඉතා දිගු පටි තියන කුඩා බෑග්.
ඉතින් ඔය විදිහට තමයි body shape එකේ විදිහට hand bag select කරගන්නේ.ඔයාට පුළුවන් දැන් ඔයාගේ shape එකට ගැලපෙන hand bag එකක් ගන්න.එතකොට ඔයාගේ තියෙන ලස්සන තවත් වැඩියෙන් අනිත් අයට පෙනෙයි.අනිත් එක එයාලා අහයි ඔයා වෙනදට වඩා අද වෙනස් කියලා.එතකොට ඔයාට පුළුවන් එයාලටත් ඔයාගේ මේ රහස ගැන කියලා දෙන්න



