කාන්තාවකගේ ඇදුමක් ගත්තම මල් තියන එක සාමාන්‍ය දෙයක්. අනිවාර්යෙන්ම ඔයා ළඟත් මල් තියන ඇදුම් ඕන තරම් ඇති. මේ කාලේ මල් වලට, මල් තියන් ඇදුම් වලට විතරක් නෙවෙයි.මල් තියන ornament, bags, සපත්තු පවා හැමෝම පාවිච්චි කරනවා ඔයා දැකල ඇති. ඉතින් අද කතා කරන්නේ මල් එක්ක ලස්සන වෙන ඇදුම් ගැන.
සරල වෙන්න

මල් තියන ඇදුම් තෝරා ගන්න වෙලාවට එකම මල් තියන ඇදුම් වලට විශේෂ තැනක් දෙන්න පුළුවන්.ඒ වගේම ඔයා blouse අදිනවානම් ඉරි තියන කලිසම්, කපු කලිසම් වගේ දේවල් එක්ක mix කර ගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට මල් වලින් කරපු පොඩි සැරසිල්ලක් කොණ්ඩෙට දාන්න පුළුවන් නම් එකත් ලොකු ලස්සනක් වෙයි.සරල නිසා ඔයාට පහසුයි වගේම වෙනස්ම පෙනුමක් ඔයාට එකෙන් ලැබේවි.
පාට එකතු කරන්න

ඔයා ඇදගෙන ඉන්න මල් තියන ඇදුමට ගැලපෙන තව ඇදුම් ඔයාට එකතු කර ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයා ඇදගෙන ඉන්නේ pink color frock එකක් නම් ඔයාට පුළුවන් ගැලපෙන්න scarf එකක් දාන්න. නැත්නම් ඔයාට පුළුවන් cardigan එකක් අදින්න. ඔයාට නොහිතන විදියේ ලස්සනක් ඒකෙන් ගෙනේවි.
ගොඩක් Match කරන්න එපා

ඔයා අදින ඇඳුමේ colour එකෙන්ම ornaments, shoes, bags ඔක්කොම match වෙන්න අරන් යන්න එපා. ඒකෙන් ඔයාට වයසක පෙනුමක් ගෙනේවි. ඒ නිසා ටිකක් match කරන්න. ඇදුමේ අඩුවෙන් පේන colour එකකින් පොඩි මල් ඉත්තක් කොණ්ඩෙට දාන්න පුළුවන් නම්, එක ඔයා හිතනවට වඩා fashionable look එකක් ගෙනේවි.
ආභරණ අඩු කරන්න

ඔයා ලස්සන මල් තියන Chiffon ඇදුමක් ඇදගෙන යනවනම් ඒකට පොඩි bangle එකක් විතරක් use කරන්න.එතකොට ඔයාගේ අඩුම විශේෂයෙන් පේනවා වගේම හරි සැහැල්ලු විදියට පෙනෙන්න ගනීවි. අනික් අයගේ ඇස වලට ඒක හරිම ලස්සන දර්ශනයක් වේවි.ඒ වගේම ඔයාට ලොකු පහසුවක් දැනේවි.
ඉතින් මලක් වගේ ලස්සනට ඉන්න මල් එක්ක ඇදුම් අදින ඔයාට තවත් ලස්සනට ඉන්න තැනමයි මේ පුංචි උපදෙස් ටික. හැමෝම ඉන්න තැන ලස්සනට කැපිලා පේන්න ඔයාටත් පුළුවන්.
..



