සමහර වෙලාවට ඔයාට හිතෙනවා නේද එයා දැන් වෙනස් වෙලා කියලා.මටත් එහෙම හිතෙන වෙලාවල් නම් ඕනි තරම් තියෙනවා.ඒ වුණාට ඔයා එහෙම හිතුවට එයා ඔයාට ගොඩක් ආදරය කරනවා.සමහර වෙලාවට ඔයාට එහෙම හිතෙනවත් ඇත්තේ ඔයාගෙම වැරදි නිසා වෙන්නත් පුළුවන්.හැබැයි මේ දේවල් Try කරලා බැලුවොත් නම් එයාගේ ආදරය ඔයාට දිනා ගන්න එක මහලොකු දෙයක් නම් නෙමෙයි.වෙනදාටත් වඩා ඔයාට එයාගේ ආදරේ Feel වෙයි.
01) කෙළින් කියන්න

ඔයා එයාට කියන්න තියෙන දේවල් අඟවන්න ගියොත් වෙන්නේ ඔයාගෙම හිත රිදෙන එක.පෙම්වතියක් විදියට ඔයා හැම වෙලාවේම ඔයාගේ හැගීම් ගැන කෙළින්ම එයාට කියන්න.ඇයි දන්නවද මම එහෙම කියන්නේ, පිරිමි පාර්ශවය නිතරම මතුපිට අර්ථයෙන් විතරක් ගොඩක් දේවල් තේරුම් ගන්න පිරිසක් නිසා.
02) අගය කරනවා නම් එයා කැමති

ඔයා හිතුවේ නැති වුණාට එයා ඔයා වෙනුවෙන් විතරක් නෙමෙයි Affair එක වෙනුවෙනුත් ගොඩක් දේවල් කරනවා.ඒ දේවල් ගැන ඔයා අවධානයෙන් ඉන්නවා කියලා එයාට පොඩ්ඩක් අඟවන්න .ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් එයාට Thank You කරන්න.මේ වගේ.”ඔයා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා.ඒකට Thank You “වගේ දෙයක් කියන්න පුළුවන්.ඒත් එක්කම එයා වෙනුවෙන් කාලය වෙන් කරනවා කියලා ඉඟියක් දෙන්නත් පුළුවන්.
03) ඊළඟට Surprise

Surprise කරන්න නම් ලොකු ලොකු දේවල් කරන්න ඕනිම නැහැ.එයා නොහිතන වෙලාවක ආදරෙයි කියලා යවන පූංචි මැසේජ් එකක්, කෝල් එකක් වෙන්නත් පුළුවන්.ඒ වගේම එයා ආස කරන තැනකට එයාට නොකියා එයාව එක්කන් යන්නත් පුළුවන්.ආස කරන කෑමක් අරන් දෙන්න ,ඔයා අතින්ම කෑමක් හදලා දෙන්න.ඔයාගේ පෙම්වතාගේ උපන්දිනය ඔයයි එයයි විතරක් ඉන්න පුංචි partyයක් වුනත් කමක් නැහැ.ඔයා හිතුවේ නැති වුණාට මේ හැමදෙයකින්ම එයාට ලොකු සතුටක් දැනෙනවා.
04) Creative gift දෙන්න.

එයාට special hobby එකක් තියෙනවා නම් ඔයාගේ Gift එක එයා කැමති දෙයින් Select කර ගන්න.එයා වෙනුවෙන් දෙන්න ඕනී මොකද්ද කියලා හිතාගන්න බැරිනම්,එයාගේ Friend කෙනෙක්ගෙන් පුංචි support එකක් ඉල්ල ගන්න.තව හොර වැඩක් කරන්නත් පුළුවන්.Gift එක දෙන්න තියෙන දවසට සතියකට විතර කලින් එයාගෙන් අහලා බලන්න,එයා සාමාන්‍යයෙන් එයාට අවශ්‍ය දේවල් ගන්නේ කොහෙන්ද කියලා.හැබැයි සැක හිතෙන්නේ නැති විදිහට.තව දෙයක් එයා ලස්සනට ඉන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් එයාට ගැලපෙන Beauty Pack හදලා දෙන්න.
04) සතුටින් ඉන්න

ඔයාගේ Experiences එයත් එක්ක බෙදා ගන්න.හැබැයි ඉතින් ඒ දේවල් වලින් එයා සතුටු වෙනවා නම් විතරයි.එතකොට ඉතින් එයා ඔයත් එක්ක නිතරම කතා කරන්න,Meet වෙන්න ගොඩක් කැමති වෙයි.ඔයා හැමවෙලාවෙම එයාව සතුටු කරන්න උත්සහ කරන නිසා එයා තුල ඔයා ගැන වටිනාකමක් නිර්මාණය වෙනවා.
05) මෙහෙම ආදරය කරන්න

ස්පර්ශය කියන දේ Sexual සහ Non-Sexual කියලා කොටස් දෙකක් තියෙනවා.ගොඩක් වෙලාවට අතින් අල්ලාගෙන කතා කරනවා නම්, kiss එකක් දෙනවා නම් හරි ,ආදරෙන් ඔලුව අතගානවා නම් හරි එයා හරි කැමති. ඒකට ඔයත් කැමති කියලා මම දන්නවා.ස්වභාවයෙන්ම පිරිමි පාර්ශ්වය තුළ ආදරය ඇතිවන්නේ රාගික හැඟීමත් එක්කම් තමයි. Love Affair එකකදී ඔයා හැඟීම්වලට ඉඩ දුන්නත් එයා ආදරයේදී ස්පර්ශය කියන එක නම් බලාපොරොත්තු වෙනවා.
06) ඔයයි එයයි එක්කෙනෙක්ද ?

කවදාවත් ආදරයේ දී ඔයයි එයයි එක්කෙනෙක් නෙමෙයි.මොකද දෙන්නගෙම අදහස්,හැඟීම්වල ගොඩක් Changes තියෙනවා.ආදරය සුන්දර වෙන්නේ මේ අපූරු වෙනසත් එක්ක.සිතුම් පැතුම්, රුචි අරුචිකම් ආශාවන්වල තියෙන Change එක ඔයාලා දෙන්නම තේරුම් ගන්න ඕනී.දෙන්නගෙම අදහස් වෙනස් වුනත් ඒ වෙනස නිසාම ආදරය තවත් සුන්දර වෙනවා.
Ideas වලින් එකඟ වුණේ නැතත් ඔයාලා දෙන්නාගේම හිතේ ආදරය තියෙනවා.එයා ආදරය කරන්නේ එයාටම ආවේණික ලක්ෂණ එක්ක.ඔයා ඒවා Understand කර ගන්නවා නම් ගොඩක් හොඳයි.Affair එක Success වෙන්න නම් ඔයාලා දෙන්නගෙම මේ වෙනස්කම් අඳුරගෙන අවබෝධයෙන් කටයුතු කරන්න.
07) ඔයා වෙනස් වෙන්න

එයා Meet වෙන හැම දවසකම වෙනස් විදියට යන්න.හුරුබුහුටි ඇදුමක් අඳින්න , Hair style වෙනස් කරන්න ,අලුත් වගේම ගැලපෙන ක්‍රම අත්හදා බලන්න,එයාටත් ලස්සන වෙන්න එක එක Tips කියන්න.එයාගේ ලස්සන ගැනත් ඔයා හිතනවා කියලා ඔයා එයාට අඟවන්න.එයාට ගැලපෙන Cream එකක් Perfume වගේ දේවල් ගැන කියන්න.එයාව උනන්දු කරවන්න.
ඔන්න අද මම ඔයාට කිව්වේ එයාගේ ආදරය දිනාගන්න විදිය.බැලූ බැල්මට නම් හිතෙන්නේ හරි පොඩී දේවල් ටිකක් වගේ.හැබැයි මෙච්චර කල් ඔයා මේ දේවල් කරන්න උත්සහ කළේ නැතුව ඇති.ඒ නිසාම ප්‍රශ්නත් ඇතිවෙලා ඇති.ඉතින් අද ඉදන් මේ මඟ ඇරුණ දේවල් අත්හදා බලන්නකෝ.වෙනදාටත් වඩා එයා ඔයා ළඟම ඉඳියි.



