ගැහැණු පිරිමි භේදයක් නැතුව හැදෙන ලෙඩක් තමයි ඔළුව කැක්කුම කියන්නේ.මේ ඔළුව කැක්කුම නැත්නම් Headache එක ඉතින් කිය කිය එන ලෙඩක් නෙමෙයිනේ.ඔයාටත් නිතරම ඔළුව කැක්කුම හැදෙනවා කියලා මම දන්නවා.මේ ඔළුව කැක්කුමට එක හේතුවක් නැහැ ඉතින්.Stress එක නිසා තමයි ඔළුව කැක්කුම ගොඩක් වෙලාවට හැදෙන්නේ.මේ Headache එකේ Pain එක ටිකක් වැඩි වෙලා ඉරුවාරදය වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්.ඉතින් මම හිතුවා ඔයාට වගේම වැඩ වලටත් වදයක් වෙලා ඉන්න Headache එකට මොකක්ද කරන්නේ කියලා ඔයාට කියන්න.
ඉරුවාරදයේ ලක්ෂණ

- මේ තත්වය ඇති වෙන්න කලින් සමහර අයගේ අත් සීතල වෙනවා.
- තෙහෙට්ටුව
- නිතරම බඩගිනි දැනීම සහ නුරුස්සන ගතිය.
- Faint වෙනවා.
- ගොතගැසීම වගේ ලක්ෂණත් මතු වෙනවා
අක්ෂි ඉරුවාරදය (Eye migraines)

- එක් ඇසක කෙටි කාලීන, අර්ධ හෝ සම්පූර්ණ ලෙස පෙනීම නැති වෙනවා.
- ඇසේ පිටුපස ඇති තද කැක්කුමත් එක්ක ඔයාගේ සම්පුර්ණ හිස පුරාම මේ Pain එක පැතිරිලා යනවා.
අවධානම් හිසරදයට හේතු

- විජලනය (Dehydration)
- රුධිරයේ සීනි මට්ටම අඩු වීම සහ ආතතිය. ( Reduced Blood Sugar Levels And Stress)
- මොළේ උණ . (Brain Fever)
- මෙනින්ජි ප්‍රදාහය (Meningeal inflammation)
- මොළයට රුධිරය සපයන රුධිර වාහිනී වල අසාමාන්‍යතා (Abnormalities In Blood Vessels That Supply Blood To The Brain)
- අධි රුධිර පීඩනය (high blood pressure)
- මොළේ ඇතිවන පිළිකාවන් (Brain cancer)
- හිසට ඇතිවන අනතුරක් .(A head injury)
- ඔසප් කාලයේදී සිරුරේ ඊස්ට්‍රජන් හෝමොනයේ සිදුවන වෙනස් වීම් (Changes in the body’s estrogen hormone during menstruation)
මීට අමතරව
ෆෝලික් අම්ලය විටමින් B12

- ඔයාට ඉක්මනට තරහා යන එක අවධානය අඩු වෙන එක වෙන්නේ මේ අම්ලය අඩු වුණහම.
- Aspirin අඩංගු ඖෂධ ගන්නේ මෙන්න මේ හේතුව හින්දා.
- මේ අම්ලය ලබා ගන්න නම් නිවිති, වට්ටක්කා අලිගැටපේර, කැරට්, බිත්තර ,ආහාරයට ගන්න පුළුවන්.
තඹ සහ යකඩ

- Copper සහ iron කියන සංයෝග අපේ ශරීරයේ තියෙන්නේ ගොඩක් අඩුවෙන් නිසා හිසරදය ඇති වෙනවා .
- බෝංචි ,එළු මස් ,අලිගැට පේර, සලාද කොළ ,ඇල්ගී ආහාරයට ගත්තොත් මෙන්න මේ හිසරදය මග අරගන්න පුළුවන්.
විටමින් B6

- විටමින් B6 ශරීරයේ නැති වුණාම හිසරදය ඇති වෙනවා.
- මේ විටමින් වර්ගය වැඩි කරගන්න නම් නැවුම් එළවළු ,ධාන්‍ය වර්ග ආහාරයට ගන්න ඕනි .
- ඒ නිසා නිවිති , කැරට්, ගෝවා, බ්රොකොලි, අර්තාපල්, සුදුළූණු,තක්කාලි, සැල්දිරි,ලීක්ස් ,වම්බටු සහ මුං ඇට වගේ කෑම ඔයාගේ ආහාර වලට එකතු කරගන්න
විටමින් D

- ඉර අව්වට ගියාම විටමින් D නිකම්ම අපිට හම්බවෙනවා.උදෑසන හිරු එළියට නිරාවරණ වෙලා විනාඩි 15 – 30 ක කාලයක් ඉන්න පුළුවන් නම් ශරීරයේ විටමින් D නිපද වෙනවා .
- බිත්තර, මුහුදු ආහාර ,කිරි, සැමන් , ඕට්ස්, ටුනා මාළු, චීස්, හතු, ධාන්ය ආහාර, තැඹිලි වතුර,කොඩ්ලිවර් ඔයිල්,දොඩම් යුෂ,මාළු බිත්තර වැනි අහාර වල විටමින් D වැඩි වශයෙන් Ingred වෙලා තියෙනවා.
හිසරදයෙන් මිදෙන්න පුළුවන්

- හැමදාම එකම වේලාවකට නිදාගන්න වගේම නැගිටින්නත් පුරුදු වෙන්න .
- දිනකට කෝපි කෝප්ප දෙකකට හෝ කෝලා බීම දෙකකට සීමා වෙන්න.
- නියමිත වෙලාවට කෑම ගන්න නම් අමතක කරන්න එපා.
- නිතරම ඔයා කැමතිම සිංදු අහන්න.
- හොඳට වතුර බොන්නත් ඕනී.අඩුම තරමේ 4Lක්වත්.
ඔයාට වඳ දුන්න මේ හිසරදය නැති කරගන්න කරපු කිසිම දෙයක් හරි ගියේ නැහැ කියලා මම දන්නවා.බෙහෙත් වර්ගත් ඕනි තරම් doctorsලා දෙන්නත් ඇති.මේ කිසිම දෙයකින් පාලනය කර ගන්න බැරි වුන ඔයාගේ මේ දරුණු හිසේ වේදනවාට මොකක්ද කරන්නේ කියලා අපිට කියන්න ඕනී වුණා.මම ඔයාට කියපු මේ දේවල් try කරලා වදයක් වුණ headache එකට නැත්තටම නැති කරලා දාන්න ඔයාටත් දැන් පුළුවන්.අමතක කරන්න එපා ඔයාගේ ප්‍රතිඵල ගැන අපිටත් කියන්න.



