ඔයා ළඟ ගොඩක් ආභරණ වර්ග තිබුනත් ඒවා දිඟින් දිඟටම පාවිච්චි කරනකොට ඒවායේ තියෙන පාට අඩු වෙනවා.ඔයා අසාවෙන් ගත්ත ලස්සන ආභරණ වල පාට අඩු වෙලා කැත වෙලා ගියොත් ඔයාට මාරම upset.ඉතින් එහෙම upset වෙන්න නැතුව අභරණ වල පෙනුම කාලයක් තියා ගන්න මම කියන දේවල් අනුගමනය කරලා බලන්න.ඔයාට හිතා ගන්නත් බැරි කාලයක් ආභරණ වල පෙනුම ඒ විදිහටම තියා ගන්න පුළුවන්.

මෙහෙමයි කරන්නේ
- ඔයාගේ ආභරණ මාස තුනකට සැරයක් මෘදු මස්ලින් රෙදි කැබැල්ලකින් පිස දමන්න.එයින් දූවිලි ඉවත් වී ඔපය වැඩි කර ගන්න පුළුවන්
- දුහුවිල්ල, විදුලිය, වාතය, තාපයට අධික ලෙස නිරාවරණය වුනොත් නම් ආභරණ වල තියෙන shine එක නැති වෙනවා.
- ඔයාට සමහර වෙලාවට ආහාර ගැනීමේදී , නෑම වගේ අවස්ථා වලදී අභරණ ඉවත් කරන්න අමතක වෙනවා.අද ඉදන් ඒ වැඩේ නතර කරන්න.
- තව දෙයක් තමයි ඔයා ක්ලෝරීන් භාවිතය වැඩි කෙනෙක් නම් ක්ලෝරීන් වලට නිරාවරණය වීමේදී අභරණ ඉවත් කරන්න අමතක කරන්න එපා
- ඒ වගේම ආභරණ වෙනම මෘදු රෙදි කැබැල්ලක ඔතා තැබීමෙන් ඒවාට වන හානිය අවම කර ගන්න පුළුවන්.
- ඔයා උදේට දත් මදීන්න ගන්න දන්තාලේප රත්රං ආභරණ වල ආලේප කලොත් අලංකාර දිස්නයක් ලැබෙනවා.
- අනිත් කාරණය තමයි රිදී අභරණ වල පෙනුම තවත් වැඩි කර ගන්න සුදු විනාකිරි කෝප්ප බාගයක් එක්ක බේකින් සෝඩා මේස හැඳි 2ක් මිශ්‍ර කරලා ආභරණ වල පැය 03ක් විතර ගිල්වලා තියන්න.ඊට පස්සේ කරන්න තියෙන්නේ සිසිල් ජලයෙන් සෝදලා පිහදාන එක විතරයි.

ආභරණ වල තියෙන colour එක ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා ඔයා දැනගෙන හිටියේ නැහැ නේද.ඉතින් දැන් මම කිව්වනේ point ටිකක්.ඔයාට පුළුවන් ආභරණ ටික කළු වෙන්නේ නැතුව ලස්සන shine එකක් එක්ක තව කාලයක් පාවිච්චි කරලා බලන්න.



