Wedding එක කියන්නේ ඔයාගේ ලොකු හීනයක් සැබෑ වන දිනයක්. ඉතින් ඒ දිනය ගොඩක් ලස්සන කර ගන්න තමයි ඔයා හීන මවන්නේ. හැබැයි ගොඩක් අය ඔවුන්ගේ wedding එක සැළසුම් කරනකොට සැළකිළිමත් වෙන්න අතපසු කරන ඒත් අනිවාර්යෙන්ම සැළකිළිමත් වෙන්න ඕන දේවල් කිහිපයක්ම තියනවා.ඔයා ළඟදී විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ පොදුවේ කරන වැරදි හදාගන්න.
ඔයා සම්ප්‍රදායනුකූල මත පමණක් විශ්වාස කරන කෙනෙක්ද?

ඔයාගේ Wedding එක සැළසුම් කරද්දී ඊට සම්බන්ධ සියළුම දේවල් සම්ප්‍රදායිකව කරන්න උත්සාහ කරනවා නම් එහිදී ගැටළුකාරීයන් ඇති වෙන්න පුළුවන්. මේ කියන්නේ සිරිත් විරිත් මඟ හරින්න කියලා නෙවෙයි. උත්සවයේ සියළුම සැරසිලි ගීත ඒ වගේම නර්ථන ආදී සියළුම දේවල් සම්ප්‍රදාය මත ඒවා පදනම් කරගෙන කරනවා නම් ඔයාගේ Wedding එක දැන් අනිත් අයට නීරස වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අලුත් genration එකට. සම්ප්‍රදායට ගරු කරමින් ඔයාගේ උත්සවය ඔයාට ඕන විදිහට සැළසුම් කළාට කිසිම වැරැද්දක් නැහැ. ඒත් ගොඩක් ඈත අතීතයට යන්න උත්සාහ කරන්න එපා. සම්ප්‍රදාය රැක ගනිමින් අලුත් අලුත් දේවල් එකතු කරගන්න. අලුත් Genration එකක් විදියට අනිවාර්යෙන්ම අලුත් අලුත් දේවල් අත්හදා බලන්න ඕන.
මංගල සභාවට වැඩිපුර කාලයක් වෙන් කිරීම

Wedding එකේ පවත්වන කථා ඉතාමත් දිගු ඒවා නොවිය යුතුයි. ඉතාමත්ම කෙටියෙන් ඒවා සකස් කර ගැනීමට මංගල සභාව මෙහෙයවන පුද්ගලයාට උපදෙස් දෙන්න. මොකද ගොඩක් අය කැමති නැහැ කථා අහගෙන ඉන්න. ගොඩක් දුරට කථා දීර්ඝ වීමෙන් ඔයාගේ wedding එක නීරස එකක් වගේම අමුත්තන්ට එපා වුණ එකක් වෙන්න පුළුවන්. ඒ නිසා සභාව ඇමතීමට සිටින අයට ඉතාම කෙටියෙන් ඔවුන්ගේ කථාව අවසන් කරන ලෙස කලින්ම ඔවුන්ව දැනුවත් කරන්න.
Wedding සැළසුම් ප්‍රමාද කිරීම්

ගොඩක් අය සිතන්නේ තමන්ට wedding එකට ලක ලෑස්ති වෙන්න ඕන තරම් කාලයක් තියනවා කියලා. ඒ නිසා කලබල වෙලා මංගලය සැළසුම් කරන්න ඕන නැහැ වගේ කියලා ගොඩක් අය කියනවා. ඒත් කාලය ඉක්මනින්ම ගෙවී යනවා. අන්න ඒ නිසා අනිවාර්යෙන්ම කල් තියලා දෙන්නම එකතු වෙලා උත්සවය සැළසුම් කරන්න ඕන. ඔයා සියල්ල කිරීමට අවසාන මෙහොත වෙන තෙක් සිටියහොත් කාලය මදි වෙන්න පුළුවන්. අවසානයට වෙන්නේ මංගල දිනයේදී ඔයා හෙම්බත් වී ආතතියට පත් වීම විතරයි. ඒ නිසා සෑම දෙයක්ම ඔයාම කරන්නේ නැතුව විශ්වාසවන්ත කිහිපදෙනෙකුට එම වැඩ කටයුතු පවරන්න.
Wedding එකට දරුවන් තොරා ගැනීමේදී.

මල් කුමරියන් සහ කුමාරයන් තෝරා ගැනීමේදී දැනුම් තේරුම් වයසේ දරුවන් තෝරා ගන්න ඕන. ඒ වගේම පැය ගානක් රස්තියාදු වීම නිසා දරුවන් බොහෝ දෙනෙක් මේ wedding එක දවසේදී නිරාහාරව සිටින නිසා හෙම්බත් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්නට අවදානය යොමු කරන්න හා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලන්න කලින්ම ඔයාගේ විශ්වාසවන්ත කෙනෙක්ට බාර දෙන්න.
දැන් ඔයා හිතලා බලන්න ඔයාගේ wedding එකට සැලසුම් කළ දේවල් ඒ විදිහටම තියෙනවාද? නැත්නම් මෙවැනි අඩුපාඩු ඔයත් කරලා තියෙනවද කියලා.එහෙනම් දැන්ම ඔයාගේ සැලසුම change කරන්න සිදු වෙයි.



