girlsලා අපහසුතාවයට ලක් කරන සහ වේදනාකාරී රෝගී තත්වයක් තමයි යෝනිය කැසීම.ගොඩක් වෙලාවට මේ තත්වය ඇති වන්නේ යෝනි ප්‍රදේශයේ ප්‍රතික්‍රියා ඇති කරන ද්‍රව්‍ය භාවිතා කිරීම, ආසාදන මඟින් හෝ ඔසප් වීම හේතුවෙන්. මේ කැසිල්ලට ඔයා බය වෙන්නත් පුළුවන්. මොකද ඇතැම් සමාජ රෝග නිසාත් මෙවැනි රෝග ලක්ෂණ ඇති වීමේ ඉඩකඩ පවතින නිසා. හැබැයි මේ කැසිලි තත්වයට තවත් හේතු සාධක තියෙනවා.
ප්‍රතික්‍රියා ඇති කරන ද්‍රව්‍ය

දැවිල්ල ඇති කරන රසායනික ද්‍රව්‍යවල යෝනි මාර්ගය නිරාවරණය වීමෙන් යෝනි කැසීම ඇති වෙන්න පුළුවන්. එම ද්‍රව්‍ය ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් කිරීමේ හැකියාව තියෙනවා. එමඟින් යෝනි මාර්ගය විතරක් නෙවෙයි ශරීරයේ විවිධ ප්‍රදේශවලට මෙම කැසීම ව්‍යාප්ත වීමේ ඉඩකඩ වැඩියි. ඒ වගේම දියවැඩියාව තියෙනවා නම් හෝ මුත්‍රා පහ කිරීම අපහසු නම්, ඒ හේතුවෙන්ද යෝනි කැසීම ඇති වෙනවා. ඊට අමතරව පොදු රසායනික ප්‍රතික්‍රියා කරන සංඝටක අඩංගු මේ දේවල් නිසාත් යෝනියේ කැසීම ඇති වෙන්න පුළුවන්.
- සබන්
- Body spray
- Condom
- Cream
- Perfume
- washing powder
- Toilet paper
යීස්ට් ආසාදන ඇති වීම

යීස්ට් කියන්නේ යෝනිය තුළ ස්වාභාවිකවම ඇති වන දිලීරයක්.හැබැයි එමඟින් ඔයාට කිසිම හානියක් වෙන්නේ නම් නැහැ. ඒත් එය පාලනයකින් තොරව සිදු වුණොත් ආසාදනයක් සිදු වෙන්න පුළුවන්.එම ආසාදනය යෝනි යීස්ට් ආසාදනයක් ලෙස හඳුන්වනවා. මෙවැනි ආසාදන සුලභව දකින්න ලැබෙන තත්වයක්. සාමාන්යයෙන් girlsලා 4 දෙනෙකුගෙන් 3දෙනෙකුට යම් අවස්ථාවකදී මේ තත්වය ඇති වෙනවා.
ඔයා ප්‍රතිජීවක ඖෂධ අධික ප්‍රමාණයකින් ගත්තොත් මෙම ආසාදන තත්වය ඔයාට ඇති වෙන්න පුළුවන්. මොකද ප්‍රති ජීවක ඖෂධ ඔයාගේ සිරුරේ රෝගකාරක බැක්ටීරියා වගේම සිරුරට හිතකර බැක්ටීරියාද විනාශ කර දමන්න සමත් වෙනවා. යෝනියේ යීස්ට් වර්ධනය පාලනය කරන්න නම් හොඳ බැක්ටීරියා අත්‍යවශ්‍යයි . මෙම ආසාදන තත්වය නිසා ඔයාගේ යෝනි මාර්ගයේ කැසීම, දැවිල්ල සහ ගැටිති විසර්ජනය වැනි අපහසු රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.
සමේ ඇති වන රෝගී තත්වයන්

දද සහ eczema, psoriasis වැනි සමේ රෝගී තත්වයන් නිසා ඔයාගේ යෝනි ප්‍රදේශයේ කැසීම සහ රතු පැහැ වෙනවා. මේ Eczema තත්වය ඇදුම හෝ අසාත්මිකතා ඇති girl’s ලා තුළ ඇති වන කැසීමක්. එහිදී රතු පැහැයට හුරු කුෂ්ට සහ කැසීම් සහිත වන අතර ඔයාගේ යෝනි මාර්ගය දක්වා එය පැතිර යන්න පුළුවන්.
psoriasis කියන සමේ රෝගයේදී හිස්කබලේ හා සන්ධි දිගේ කොරපොතු ඇතිවීම, කැසීම, රතු පැල්ලම් ඇති වන අතර සමහර අවස්ථාවලදී මෙම රෝග ලක්ෂණ යෝනිය දක්වාද පැතිර යනවා.
ඔයාට ඔසප් වීම සහ ආතතිය

ඔයාට ඔසප් වීමේදී යෝනි කැසීම ඇතිවීමේ අවදානම වැඩියි. මොකද ඔසප් වීමේදී සිදුවන ඊස්ට්‍රජන් මට්ටම අඩු වීම යෝනි වැහැරීමට හේතු වන නිසා.මෙය අධික වියළි ස්වභාවයක් ඇති කළ හැකි ශ්ලේෂ්මල තුනී කිරීමක්. හැබැයි ඔයා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් වියළි බව, කැසීම සහ දැවිල්ලක් ඇති කරන්න පුළුවන්.
ඒ වගේම ඔයාගේ ශාරීරික හා මානසික ආතතිය නිසා යෝනියේ කැසීම සහ දැවිල්ලක් ඇති කරනවා. ඒක එතරම් සුලභ දෙයක් නම් නෙවෙයි.ඒත් ඔයාගේ මානසික ආතතිය සිරුරේ ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කර කැසීම ඇති කරන ආසාදන වලට ගොදුරු වීමේ අවදානම වැඩි කරනවා.
යෝනි මුඛ පිළිකා තත්වයන්

මෙය girlsලට හැදෙන දුර්ලභ රෝගයක්. ලිංගේන්ද්‍රයේ බාහිර කොටස වන යෝනි මුඛය තුළ වර්ධනය වන පිළිකා වර්ගයක්. යෝනි මුඛ පිළිකා සෑම විටම රෝග ලක්ෂණ ඇති කරන්නේ නැහැ. හැබැයි රෝග ලක්ෂණ ඇති වූ විට, කැසීම, අසාමාන්ය රුධිර වහනයක් හෝ යෝනි ප්‍රදේශයේ වේදනාව ඇති වෙන්න පුළුවන්.
මේ යෝනියේ ඇති වන කැසීම බරපතළ නොවුණත් යෝනි කැසීම ඇතිවීමේ අපහසුතාව අඩු කරන්න නම් විවිධ ප්‍රතිකාර තිබෙනවා. ඒ නිසා යෝනියේ කැසීම, යෝනිය අවට තුවාල හෝ බිබිලි ඇති වීම, ලිංගික අවයවයේ වේදනාව හෝ සංවේදීතාව දැනීම, ලිංගික රතු වීම හෝ ඉදිමීම, සාමාන්ය යෝනි ශ්‍රාව , ලිංගික සංසර්ගය අතරතුර දැනෙන වේදනාව ඔයාටත් තියෙනවා නම් ඉක්මනින්ම වෛද්ය උපදෙස් ලබා ගන්න. මොකද කලින් කිව්වා වගේ යෝනි මුඛ පිළිකා හෝ සමාජ රෝග වැනි බරපතළ තත්වයන් වුණත් ඇති වෙන්න පුළුවන්.



