සමහර වෙලාවට එයා ඔයාත් එක්ක කතා නොකර ඉන්නවා වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් එයා ඔයා කියන කිසිම දෙයක් අහන්නේ නැතුව ඉන්නවා වෙන්න පුළුවන්.මම දන්නවා එහෙම වුණහම ඔයාට ගොඩක් දුකයි.ඒ වගේම තරහත් යනවා.ඔයා හොයලා බැලුවද ඇයි එයා මේ විදිහට හැසිරෙන්නේ කියලා.ඒකට හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්.මම අද ඔයාට කියන්නම් එයා මේ විදිහට ඔයා කියන කිසි දෙයක් අහගෙන ඉන්නේ නැත්තේ කියලා
01) හොඳ මානසිකත්වයක් නැතිනම්

සාමන්යයෙන් ඔයා වුණත් යාළුවෙක් කතා කරනකොට එයා කියන දේ අහන්න තරම් mood එකක් නැත්නම් කියනවනේ “අපි පස්සේ කතා කරමු” කියලා.මේකත් අන්න ඒ වගේ තමයි.ඔයා කතා කරනකොට husbandට ඔයා කියන දේ ගැන අහන්න තරම් මානසිකත්වයක් නැති වෙන්න පුළුවන්.එහෙම වුණහම ඔයා කොච්චර කතා කලත් එයා ඔයා කියන දේ අහන්නෙත් නැහැ,ඇහුවත් අහන්නේ වුවමනාවක් නැතුව වෙන්න පුළුවන්.ඒ වගේම ඔයා ඉන්නේ ලොකු ප්රශ්නයකින් නම් එයාට හිතෙන්න පුළුවන් ඔයාට මානසික සැනසීමක් දෙන්න එයාට පුළුවන්කමක් නැහැ කියලා.
02) ඔයා කතාකරන එක එයාට බාධාවක්ද ?

එයා ඉන්නේ වැඩක නම් ඒ කරන දේ ගැන ලොකු අවදානයකින් ඉන්නේ.ඒ වෙලාවට එයාට හැකියාවක් නැහැ ඔයා කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න.පුරුෂ පාර්ශවය කියන්නේ අපි වගේ බහුකාර්යයන් කිරීමට දක්ෂ පිරිසක් නෙමෙයිනේ.ඒ නිසා එක වෙලාවකට එක වැඩක් විතරයි එයාලට කරන්න පුළුවන්.ඒ නිසා එයා busy කියලා ඔයා දැක්කොත් ටිකක් ඉවසන්න.ඉවසලා එයාගේ වැඩේ ඉවර වුණාට පස්සේ එයත් එක්ක කතා කරන්න
03) තරහව

හැඟීම් වැඩියෙන් දැනෙනකොට කෙනෙක් කියන දෙයකට හොඳින් ඇහුම්කන් දෙන්න අමාරුයි.විශේෂයෙන්ම තරහ ගිහින් ඉන්න අවස්ථාවකදී.ඒ නිසා තරහෙන් ඉන්න වේලවන් වලදී ඔයා කතා කරන්න යන්න එපා.එයට ඉඩ දෙන්න.නැත්නම් ඔයත් කතා කරන්න ගිහින් වෙන්නේ තරහ තවත් වැඩි වෙන එක.ඒ නිසා එයාගේ තරහා නිවුනට පස්සේ ආදරයෙන් කතා කරලා එයාගේ හිත හදන්න.ඊට පස්සේ ඔයාට කියන්න තියෙන දේවල් එයාට කියන්න
04) කවුද හරි

කවුරුවත් කැමති නැහැනේ 02nd වෙන්න.හැබැයි හැමවෙලාවෙම හරි තමන් විතරයි කියලා ඔයා හිතනවා නම් එතන ලොකු වැරද්දක්.ඒ වගේම එයත් එහෙම හිතනවා නම් ඒකත් ලොකු ප්රශ්නයක් වෙනවා.ඒ වගේ අය ඇහුම්කන් දෙන්න කැමති නැහැ.හැබැයි එයාල කියන දේවල් අපි අහගෙන ඉන්න ඕනේ.එහෙම අහගෙන හිටියේ නැත්නම් එයාලට තරහා යනවා.ඒ නිසා ඔයාට යමක් කියන්න තියෙනවා නම් කතා කරන්න වෙන්නේ මෙන්න මේ විදිහට තමයි.මුලින්ම එයාට ආදරයෙන් පැහැදිලි කරලා දෙන්න.ඊට පස්සේ එයා ඔයා කියන දේවල් අහගෙන ඉන්නවා.
ඉතින් මේ හේතු නිසා තමයි එයා ඔයත් එක්ක වැඩිය කතා කරන්නේ නැති වෙන්න හේතුව.හැබැයි ඔයාට මම කිව්වනේ කොහොමද මේ දේවල් balance කරගන්නේ කියලා.දැන් ඔයාට පුළුවන් එයා ඉන්නේ මොන වගේ තත්වයක්ද කියලා බලලා එයත් එක්ක කතා කරන්න.මොකද ඉතින් එක ගෙදර ඉන්නකොට ගොළුවෝ වගේ ඉන්නත් බැහැනේ.ඒ වගේම පවුල් අතර ප්රශ්නත් ඇති වෙනවනේ,ඒ නිසා ඒ හැමදෙයක්ම control කරගන්න වෙන්නෙත් ඔයාටම තමයි.



