Like
Like Love Haha Wow Sad Angry

ගොඩක් අය ලක්ෂපතියෝ,මිලියනපතියෝ වෙන්නේ අම්මා තාත්තා දුක් මහන්සියෙන් උපයා ගත්ත සල්ලි වලින්.හැබැයි එහෙම නෙමෙයි වෙන්න ඕනේ.තමන්ගේම උත්සාහයෙන් ජීවිතය ජය ගන්න තමයි හැමෝම try කරන්න ඕනේ.එතකොට තමයි තෘප්තිමත් වෙන්න පුළුවන්.ජිවිතේ ඉස්සරහට යන්න නම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.හැබැයි ඒවායින් පැනලා යන එක නම් නෙමෙයි වැඩේ.ඒ ප්‍රශ්න වලට උත්තර හොයන එක.උත්තර හොයා ගත්තොත් ජීවිතේට මාර්ගයක් හොයාගන්න පුළුවන්.ඉතින් අපි බලමුද එයාලට දියුණු වුණේ කියලා.

01) අදායම් වියදම්

දියුණු වෙන කෙනෙක් අනිවාර්යයෙන් තමන්ගේ අදායම සහ වියදම ගැන අවබෝදයකින් ඉන්න ඕනේ.ලෝබ වෙන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ.ඔයා කොච්චර උපයනවාද ,ඒ අනුව කොච්චර වියදම් වෙනවද කියලා ඔයා බලන්න ඕනේ.හැබැයි මනෝමයෙන් ගණන් එකතු කරන්න අඩු කරන්න නම් යන්න එපා.මොකද දන්නවද.එතකොට ඔයාට ඊළඟ දවසේ හිතාගන්න බැහැ කියක් වියදම් වෙලාද කියලා.ඒ නිසා Money manger වගේ app එකක් use කරන්න

02) සෝබනේට වියදම නම් හොඳ නැහැ

සාමන්‍යයෙන් කෙනෙක්ගේ රැකියා තත්වය උසස් වෙන්න උසස් වෙන්න අදායම වැඩි වෙනවා.එතකොට වියදම වැඩි වෙනවා.මෙතනදී ගොඩක් අයට පාලනයක් නැතුව යනවා.ඒ කියන්නේ වියදම control කරගන්න බැරි වෙනවා.අපි හිතමු ඔයාට වැඩ කරන්න laptop එකක් තියෙනවා.එහෙමයි කියලා ඔයා ගන්න ඕනේ නැහැ මිලෙන් අධික හොඳ තත්වයේ laptop එකක්.ඒ වගේම ඔයාට තියෙනවා නම් දුරකතනයක් ඒකෙන් calls ගන්න පුළුවන් නම් තව අලුත් phone එකන් අරගෙන වැඩක් නැහැ.මොකද කවුරුවත් ඔයගේ තියෙන laptop එකෙන්වත් phone එකෙන්වත් නෙමෙයි ඔයගේ තත්වේ මනින්නේ

03) plan එකක්

හැමෝම ළඟ plan B එකක් තියෙන්න ඕනේ.ඒ කියන්නේ ඔයා කරන Job එකට සම්පුර්ණ අවදානය දෙනවත් එක්කම තව income එකක් එන විදිහට ඒක හදාගන්න ඕනේ.හැබැයි ඔයාගේ plan B එක ඔයාට ඕනෙම විදිහකට හදාගන්න පුළුවන්.ඒ කියන්නේ ඔයාගේ තියෙන talent එකට අනුව ඔයාට පුළුවන් ඒ දේ තීරණය කරන්න.ඒ වගේම ඔයාගේ main talent එකට අමතරව තවත් talent දියුණු කර ගැනීම සහ තවත් ක්ෂේත්‍රයක් ඇතුළේ දැනුම වර්ධනය කර ගැනීම මේ plan එකේම කොටසක් තමයි!

04) සල්ලි ඉතුරු කරන විදිහ

සල්ලි ඉතුරු කරනවා කියන්නේ කැටේට දාන එක නම් නෙමෙයි.ගෙදර කොහෙවත් තියලා තියෙන එකත් නෙමෙයි.ඒකට කරන්න ඕනේ ඔයා සල්ලි බැංකුවක දාලා තියෙන එක.හැබැයි ඉතින් නිකන්ම ගිහින් බැංකුවක දානවට වඩා හොඳ පොලියක් ගන්න පුළුවන් bank එකක deposit කරන්න.එතනදිත් හිතන්න ඕනේ මේ ආයෝජනය කරන්නේ කොච්චර කාලයකටද කියන කාරණාව.ඒ ගැනත් හොඳට හිතලා ඔයා ඔයාගේ ආයෝජනය සිදු කරන්න

ඔයාටත් පුළුවන් මිලියනපතියෙක් වෙන්න බැරි නම් ලක්ෂපතියෙක් හරි වෙන්න.ඒ නිසා ඔයා ඔයා ගැන මුලින්ම හිතන්න.ඔයා ගැන හිතුවොත් විතරයි ඔයාට පුළුවන් මේ target එකට යන්න.මොකද හොඳ plan එකක් තියෙනවනේ.මේ plan එකේ විදිහට ඔයාට ඉස්සරහට යන්න පුලුවන්නම් ඔයාට ලක්ෂපතියෙක් හරි වෙන්න පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here