2
Cake කියන්නේ රසවත් වගේම අපි හැමෝම කන්න කැමති කෑම වර්ගයක්.අපි cake එක එක රස වලින් කනවනේ.හැබැයි ඒ හැම cake වර්ගයක්ම පැණි රසයි.මම අද කියන්න යන්නේ ඔයා වෙනදට කන cake වර්ග ගැන නම් නෙමෙයි.මම අද කියන්න යන්නේ ඊට වඩා ටිකක වෙනස් cake වර්ගයක් ගැන.ටිකක් නෙමෙයි ගොඩක්ම වෙනස් cake වර්ගයක් ගැන.මම දන්නවා ඔයා ගොඩක් පුදුම වෙනවා මම මේ අද හදන්න කියලා දෙන cake එක ගැන ඇහුවොත්.අද මම සැමන් කේක්.හදලම බලමු රස කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය

- සැමන් ග්‍රෑම් 200
- පොඩිකරගත් ළූණු ගෙඩි 1
- කොටුවට කපාගත් බෙල්පෙපර් ගෙඩි 01
- ඔලිව්තෙල්
- බටර්
- බිස්කට් කුඩු කෝප්ප 1/4
- බිත්තර 2
- සෝයාසෝස් මේස හැඳි 02
- ලුණු
- ගම්මිරිස් කුඩු
- පොඩිකරගත් කොත්තමල්ලි කොළ
මේ විදිහට හදාගමු

- සැමන් වල කටු ඉවත් කරලා හොඳට පොඩි කරගන්න.
- පෑන් එකකට තෙල් සහ බටර් එකතු කරගන්න
- දැන් පොඩිකරගත් ළූණු ටික දාගන්න.
- ඊළඟට ළූණු බැදෙනකොට වෙනකොට බෙල්පෙපර් ටික දාගන්න.
- ටිකක් තෙම්පරාදු කරගෙන ලිපෙන් බාලා පොඩි කරගත් සැමන් වලට මේ හදාගත්තු මිශ්‍රණය දාලා කලවම් කරගන්න.
- මේකට බිස්කට් කුඩු හා බිත්තර දෙකක් දාගන්න.
- ඊළඟට සෝයා සෝස්, ලුණු, ගම්මිරිස් කුඩු හා කොත්තමල්ලි කොළ එකතු කරගන්න.
- දැන් මේ ඔක්කොම mix කරගෙන පැතලි බෝල හදාගන්න.
- ඊළඟට බටර් ගාගත් tray එකක තැනින් තැන තියලා ඔලිව් ඔයිල් උඩින් ස්ප්‍රේ කරල සෙල්සියස් 180ට රන්වන් පාට එනකම් බේක් කරගන්න.
- එහෙමත් නැත්තම් පෑන් එකක තෙල් පොඩ්ඩක් දාල දෙපැත්ත බැදගන්නත් පුළුවන්.
බලන්නකෝ රස.රස විතරක් නෙමෙයි පෙනුමත් ගොඩක් හොඳයි නේද? ඇත්තටම ඔයා හිතුවේ නැහැ නේද සැමන් cake එකක් කිව්වහම මේ විදිහට එයි කියලා.අනිත් cake වගේ වුණේ නැතත් මේක රසයි කියලා නම් මම දන්නවා
2



