Like
Like Love Haha Wow Sad Angry
1

Marriage එකෙන් පස්සෙ ගොඩක් couple දකින dream එකක් තමයි ඒ දෙන්නා අතරට තුන්වැනියෙක් එහෙමත් නැත්නම් පුංචි දරු පැටියෙක් එන එක.Wedding එකට කලිං එයයි ඔයයි happy එකේ,freedom එකේ Life එක ගෙනිච්චත් Marry කළාට පස්සේ නම් ඒ Freedom එක ටිකක් අඩු වෙනවා.මොකද එතකොට අපිට වඟකීම් වැඩි වෙන නිසා.හැබැයි ඉතින් ඔයාගේ ගෙදරට පුංචි පැටියෙක් එනකොට නම් ඔයාගේ වඟකිම් තියෙනවාටත් වඩා ගොඩක් වැඩි වෙනවා.ඒ විතරක් නෙමෙයි ඔයාගෙයි එයාගෙයි කැදැල්ලට පුංචි පැටියෙක් ආවට පස්සෙ life එකේ සිද්ද වෙන්න පුළුවන් වෙනස්කම් ගොඩක් තියෙනවා.ඒවාට සාර්ථකව මුහුණ දෙන්න නම් කලින් ඉඳලම ඒවා ගැන Plan කරගන්න එක වටිනවා.

අලුත් සාමාජිකයා එක්ක ඇතිවන බැඳීම

මුලින්ම ඔයා හිතන්නේ ලෝකයේ වාසනාවන්තම අම්මා / තාත්තා ඔයයි එයයි කියලා.ඒක හැම අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ටම හිතෙන දෙයක්.ඉතින් දරු පැටි‍යා ටිකෙන් ටික ලොකු මහත්වෙනවා.එහෙම දකින එක ඔයාලා දෙන්නටම වචනයෙන් කියාගන්න බැරි තරම් සතුටක් වෙයි.ඒ විතරක් නෙමෙයි මේ ඉන්නේ මගේ දරුවා කියලා හිතලා හැමවෙලාවෙම දෙයක් කරන්න කලින් හොඳට හිතලා තීරණ ගන්නත් ඔයාලට පෙළඹෙනවා.

නිහඬ රණ්ඩුවල වැඩිවීමක්

විවාහ වෙලා මුල් කාලෙ ඔය දෙන්නා අතර තිබුණු පුංචි පුංචි රැවිලි ගෙරවිලි වගේ නිහඬ රණ්ඩු දරුවෙක් ලැබුනට පස්සෙ ටිකක් වැඩිවෙලා වගේ ඔයාට දැනෙන්න පුළුවන්. දරුවාගේ වැඩ නිසා ශරීරයට දැනෙන මහන්සිය ,නින්ද නොයෑම නිසා කේන්තිය පාලනය කරගන්න බැරිවෙන්න පුළුවන්.ඒ වෙලාවට හොඳම දේ තමයි දෙන්නගෙන් එක්කෙනෙක් ඉවසන්න පුරුදුවීම. මොකද ඉතින් දෙන්නම ඉවසන්නේ නැතුව රණ්ඩු වෙන්න ගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙලා නතර වෙන්නේ

ඔයයි එයයි අතරේ සමීප බව බිඳ වැටීම

දරුවෙක්ට කිරි දෙන අම්ම කෙනෙක්ගේ ඇඟේ සිද්ධ වෙන හෝමෝන වෙනස්කම් නිසා ඔයා එයාට දක්වන අවදානය අඩුවෙන්න පුළුවන්.ඉතිං මේ නිසා එයා ඔයා එක්ක කිසිම තේරුමක් නැති රණ්ඩු වල පැටලෙනවා.දරුවෙකු ගේ පැමිණීමෙන් පසු මවක් තුළ සිදුවන ජීව විද්‍යාත්මක වෙනස්කම් පිළිබඳ එයා දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත්.

ඉරිසියාව ඇති වීම

සාමන්‍යයෙන් ඔයාට බබා ලැබුනට පස්සේ ටික දවසකින් husband රැකියාවට යන්න පටන් ගන්නවා.ඉතින් දවසේ වැඩි වේලාවක් එයා නිවසින් බැහැර වෙලා ඉන්න නිසා දරුවාගේ වැඩ වලට සහභාගී වෙන්න බැරි වෙනවා.එතකොට ඉතින් ඔයාට එයා එක්ක පුංචි Jealous එකක් ඇති වෙන්න පුළුවන්.“මම දවසෙම බබාගේ වැඩ.එයා ඔෆිස් එකේ ජොලියෙ ඉන්නවා” වගේ හැඟීම් බිරිඳ තුළ ඇති වෙනවා.ඒ වගේම “දරුවා එක්ක ඉන්න මට තියෙන්නෙ කොච්චර අඩු කාලයක්ද? Wife නම් ගෙදරට වෙලා දරුවා එක්ක සතුටින් ඉන්නවා” වගේ හැඟීමක් සැමියන් තුළ ඇති වෙන්න පුළුවන්.ඒ නිසා නිසි අවබෝධයකින් කටයුතු කිරීමෙන් මෙහෙම හිතන එක වළක්වාගෙන සතුටින් ඉන්න Couple එකකට පුළුවන්.

මුදල් අමාරුකම් දැනෙන්න පුළුවන්

දරු පැටියෙක් Family එකට අවහම ඒ family එකේ වියදම වැඩි වෙනවා.ඒක සාමාන්‍ය දෙයක්.ඒ වගේම අනෙක් වියදම් සීමා කරලා බබා වෙනුවෙන් වියදම් කරන්නට මුදල් ප්‍රමාණවත් තරමට තබා ගැනීම එයාගේ වගේම ඔයාගෙත් වගකීම. හිතන්න දරුවෙක් ලැබුනට පස්සේ ඔයාට කාලයක් යනකං රැකියාවට යන්න බැරි වෙනවා.එතකොට පවුලේ ආදායම අඩුවෙලා husbandගේ කරට වැඩි වගකීමක් පැවරෙනවා.ඉතිං මේ වගේ වෙලාවට දෙන්නම එකතුවෙලා වියදම් කළමනාකරණය කරගන්න Plan එකක් හදාගන්න එක හරිම වැදගත්.

අපි මේ කියපු දේවල් ගැන එයයි ඔයයි දෙන්නම එකතුවෙලා Discuss කරන්න.ඒක හරිමම වැදගත් දෙයක්.මොකද ඕනේ සම්බන්දතාවයක් රැඳිලා තියෙන්නේ එකිනෙකා මත ඇති communication එක මත නිසා.ඉතින් අපි මොකටද බොරුවට ප්‍රශ්න ඇති කරගන්නේ.ඒ ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව මේ දේවල් ගැන කතා කරන්න

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here