Like
Like Love Haha Wow Sad Angry

අපේ ශරීරයේ තියෙන දිගම අවයවය තමයි Liver එක.අපි වැඩිය හිතුවෙ නැති වුණාට අක්මාව කියන්නේ හැම මොහොතකම ක්‍රියාකාරී අවයවයක්.ඉතින් Liver එක සම්බන්ධ ජනප්‍රියම රෝගයක් විදිහට ‘Cirrhosis’ හඳුන්වන්න පුළුවන්.Cirrhosis තියෙන රෝගීන්ට මහන්සිය දැනීම, ශරීරයේ බර වැඩිවීම, සම සහ ඇස් කහ පාට වීම වගේ ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.රෝගී අක්මාවක් කියන්නේ ඒ රෝගියාට වද දෙන වගේම හෙමින් හෙමින් වේදනාකාරීව මරණය ගෙන එන රෝගයක්.ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් වර්ෂයකට අක්මා රෝගවලින් 31,000කට ආසන්න පිරිසක් මිය යනවා.ඒ වගේම ශ්‍රී ලංකාවේ වසකට සිරෝසිස් නිසා 1700ක් මිය යනවා. හැබැයි අද අපි කතා කරන Drink වලින් පුළුවන් අක්මාවේ නිසි ක්‍රියාකාරී මට්ටම ආරක්ෂා කරගනිමින් අක්මාව නීරෝගීව තබාගන්න.

කැරට් ජූස්

කැරට් වල විටමින් A බහුලව අඩංගු වෙනවා.ඉතින් Liver එකේ රෝග බොහෝමයක් සුව කිරීමේ හැකියාව විටමින් A වලට තියෙනවා. කැරට් වල ෆ්ලේවොනොයිඩ්ස් සහ බීටා කැරොටීන් බහුලව අඩංගු නිසා ශරීරයට ලැබෙන ප්‍රතිලාභ තවත් වැඩියි. ඒ විතරක්ම නෙමෙයි කැරට් අපේ ශරීරයේ තවත් බොහෝ කොටස්වලට ගුණදායකයි.

කොල පාට කොළ සහිත එළවළු

ගෝවා, නිවිති වගේ එළවළු Liver එකට ගොඩක් හොඳයි වගේම ගුණයි.අනෙක් Juice වලට වඩා මේවායින් Juice හදාගෙන බොන්න පුළුවන්නම් ඒක වෙනස්ම අත්දැකීමක් වෙයි.Liver එක පිරිසිදු කරන්න විශිෂ්ට හැකියාවක් මේ කොල පාට කොළ සහිත එළවළු වලට තියෙනවා.ඔයාට පුලුවන්නම් කොල පාට කොළ සහිත එළවළු වලින් ජූස් එකක් හදාගෙන Daily පානය කරන්න ඒක ඔයාගේ Health එකට ගොඩක් හොඳයි

ග්‍රීන් ටී

ග්‍රීන් ටී කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණය බහුලව අඩංගු පානයක්.ඒ නිසා ශරීරයේ මේදය දහනය කරන්න ග්‍රීන් ටී වලින් විශාල සහයෝගයක් ලැබෙනවා.ග්‍රීන් ටී කෝප්ප දෙකක් දිනකට පානය කරනවා නම් අක්මාවේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් වෙනවා.අක්මාවේ මේදය ඉවත් කරන්න සහයෝගය ලබා දෙන ග්‍රීන් ටී පානයේදී සීනි හෝ වෙනත් පැණි රස එකතු කරගන්න එක නම් හොඳ වැඩක් නෙමෙයි.

පළතුරු

පලතුරු කියන්නේ නම් මේ හැම පලතුරක්ම නම් නෙමෙයි.පැඟිරි කුලයේ ඒවා විතරයි.පළතුරු බීම පානය කිරීම අක්මාවේ සෞඛ්‍යයට හරිම වැදගත්.මේවායේ විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩියෙන් තියෙනවා.හැබැයි මේ පානයන් ශීතකරණයේ තබා පානය කරන්නට යෑමේදී ඒවායේ ගුණයට හානි සිදුවෙනවා. මේ සරල පානයට ඔබේ අක්මාව පිරිසිදු කර මනා ක්‍රියාකාරීත්වයක් ලබා දෙන්නත් පුදුම හැකියාවක් තියෙනවා.

තන්තු බහුල ආහාර

අක්මාවේ තියෙන විෂ ඉවත් කරමින් කියාකාරීත්වය ඉහළ නංවන්න තන්තු බහුල ආහාරවලට පුළුවන්.ඉතින් තන්තු ගුණය වැඩි කෙසෙල්, අලි පේර ,අඹ සහ ඕට්ස් වගේ දේවල් අපේ ආහාරවේලට එකතු කරන්නවා නම් ගොඩක් හොඳයි.ඒ වගේම ගොඩක් හොඳ result ලබා ගන්නත් පුළුවන්

ඉතින් මෙන්න මේ දේවල් අහරියට කරන්න පුළුවන් නම් ඔයාට කිසිම දවසක Liver problem ඇති වෙන්නේ නැහැ.ඒ වගේම healthy life එකක් ගෙවන්නත් පුළුවන්.මොකද අපි හැමෝම කැමති healthy life එකක් ගෙවන්නනේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here