Wedding එක කියන්නේ අපි හැමෝගෙම ලස්සන Dream එකක්නේ.එදාට අපිට ඕනේ අපිට අපිවවත් අඳුරගන්න බැරි වෙන තරමට ලස්සන වෙන්න.මොකද Wedding එක කියන්නේ Film එකක් වගේ ලොකු වැඩක්.මේ Film එකේ Main Character එක කරන්නේ ඔයයි,එයයි.Wedding එකට කලින් අනිවාර්යෙන්ම අපි අපේ ලස්සන සහ පෙනුම ගැන හිතන්න ඕනේ.නැත්නම් අපි කරන Treatment වල හැටියට මුහුණ එක පාටක් ඇඟ එක පාටක් වෙනවා.ඒ නිසා සම්පුර්ණ Body එකම එකම Colour එකකට ගන්න පොඩි රහසක් ගැන මම ද ඔයාට කියලා දෙන්නම්
මොනවද ඕනේ වෙන්නේ
- දොඩම් ගෙඩි 01
- ලෙමන් ගෙඩි 01
- කොළ පාට ඇපල් ගෙඩි 01
- බීට් ගෙඩි 01
- කැරට් අල 01
- බෙහෙත් නෙල්ලි ගෙඩි 02
- ඉඟුරු පොඩි කෑල්ලක්
- මින්ට් කොළ 4 – 5
- වතුර අවශ්‍ය ප්‍රමාණයට
මෙහෙම හාදා ගමු

මම ඔයාට ගන්න කිව්ව හැමදෙයක්ම අරගෙන පොඩි කෑලි වලට කපා ගන්න.ඊළඟට දොඩම් සහ ලෙමන් වල යුෂ වෙන වෙනම මිරිකා ගන්න.ඊට පස්සේ අපි මේ Drink එක හදාගන්න ගත්ත හැමදෙයක්ම Blender කරගන්න.හැබැයි මේක බොන්න ඕනේ උදේ හිස්බඩ.
මේ Drink එක, එක දවසක් බීලා නම් Result ගන්න බැහැ.ඒ නිසා මාසෙට දවස් 08ක් විතර බොන්න වෙනවා.
මොනවද මේ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵල
දොඩම් යුෂ

- විටමින් C
- සමේ අඳුරු පැහැය වළක්වනවා
- සම රැලි වැටීම වලක්වනවා
- කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා
- ශරීරයට කාබෝහයිඩ්රේට් පරිවෘත්තීය කිරීමට උපකාර කරනවා ලෙමන්
- සිරුර පිරිසිඳු කරනවා
- කුරුලෑ ඇති වීමේ අවධානම අඩු කරනවා
කොළ ඇපල්

- ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි
- සම වයසට යාම පාලනය කරනවා
- සමේ වැඩ්පුර ඇති තෙල් පාලනය කිරීම
- විටමින් c ලබා දෙයි
බීට් රූට්

- රුධිර පවිත්‍රකාරකයක්
- සමේ දීප්තිමත් හා සෞඛ්‍ය සම්පන්නව තබා ගනියි
- මෙහි ඇති විටමින් C නිසා කැළැල් ඉවත් කිරීම
- සමේ පැහැය වර්ධනය කර ස්වභාවික දීප්තියක් ලබා දෙනවා
කැරට් යුෂ

- සම හිරු කිරණ වලින් ආරක්ෂා කරයි
- සමේ පටක අලුත්වැඩියා කිරීමට
- විකිරණවලින් සම ආරක්ෂා කිරීම
- නිරෝගී, දීප්තිමත් සමක් ලබා දෙයි.
ඉඟුරු

- ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි
- සමට ස්වභාවික දීප්තියක් ලබා දෙනවා
- රුධිරය පිරිසිදු කිරීම
- සමේ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට
- ප්‍රතිබැක්ටීරීය ගුණය සහිතයි
මින්ට් යුෂ

- සම පිරිසිදු කිරීම
- ආසාදන හා කැසීම සුව කිරීමට
- කුරුලෑ අඩු කර ගැනීමට
ඉතින් දැන් ඔයාට බය නැතුව Full Fody එකම එක Colour එකකට ගන්න පුළුවන්.ඒ වගේම බය වෙන්න දෙයකුත් නැහැ.මේ Drink එකේ තියෙන්න Natural Ingredientනේ.ඔන්න Wedding එක දවසට බය නැතුව Face කරන්න දැන් ඔයාට පුළුවන්



