Like
Like Love Haha Wow Sad Angry

මේ දවස් වල ලෝකයේ ගොඩක් අය ජිවත් වෙන්න බයෙන්.ඒ මොකද දන්නවාද ලෝකයම වෙලාගත්ත මාරාන්තික කොරෝනා වෛරසය නිසා.මේ වෛරසය ගැන චීනයේ විතරක් නෙමෙයි මේ වෙනකොට මුළු ලෝකයේම අවදානය සහ කතාබහට ලක්වෙලා තියෙනවා කියලා මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.ඔයත් ඉන්නේ දැන් මොනවා වෙයිද කියලා හිත හිත කියලා මම දන්නවා.හැමෝම update එකේ ඉන්න මේ වෙලාවේ කොරෝනා ගැන තවත් Details ඔයාට කියන්න ඕනේ කියලා මට හිතුනා.

කොරෝනා වෛරසය ඇති කරන වෛරසය වන්නේ

Middle East respiratory syndrome coronavirus (MERS-CoV).

රෝග ලක්ෂණ

  • සෙම්ප්‍රතිශ්‍යාව
  • උණ
  • කැස්ස
  • හිසරදය
  • උගුරේ අපහසුව
  • සිරුරේ අපහසුතා
  • හුස්ම ගැනීමේ අපහසුව
  • නියුමෝනියා තත්වය

ඔබ දන්නවාද

පුද්ගලයෙක්ට කොරෝනා වෛරසයේ ඇති වී එහි රෝග ලක්ෂණ මතු වෙන්නටත් පෙර තවත් පුද්ගලයෙක්ට රෝගය හැකියාව තිබෙනවා.ඒ කියන්නේ මේ රෝගය අපි හිතනවටත් වඩා ඉක්මනින් පැතිරෙනවා කියන එක

රෝගයෙන් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි

  • ආසාදිත පුද්ගලයින් ඇසුරු කිරීමෙන් අනතරුව, ආහාර සැකසීමේ දී, වැසිකිළි යාමෙන් පසු, ආහාර ගැනීමට පෙර, සුරතල් සතුන් හෝ සත්ව මළපහ ඇල්ලීමෙන් පසු හෝ දෑත් අපිරිසිදු යැයි ඔබට හැගී යන සෑම අවස්ථාවකම Soap හෝ disinfectant භාවිත කර අත් සේදීම.
  • කැස්ස ඇති විට සහ කිවිසුම් යාමේ දී ලේන්සුවක් හෝ ටිෂූ භාවිත කිරීමටත් ලේන්සුවක් හෝ ටිෂූ නොමැති නම් වැලමිට ඇතුළ පැත්ත භාවිත කිරීම හෝ අතේ ඉහළ බාහු කොටස භාවිතා කරන්න
  • භාවිත කළ ටිෂූ නිසි ලෙස කසළ බඳුන් වෙත බැහැර කිරීමත්
  • කැස්ස ඇතිවිට හෝ කිවිසුමක් යාමේ දී එය වළක්වා ගැනීමට අත්ල භාවිතා නොකිරීමට කටයුතු කළ යුතුයි.
  • උණ සහ සෙම්ප‍්‍රතිෂ්‍යාව වැළදුනු පුද්ගලයින් සමග සමීපව ඇසුරු කිරීමෙන් වලකින්න
  • ඔවුන් ඇසුරු කිරීමට සිදු වන්නේ නම් ඇස්, නාසය, මුඛය ඇල්ලීමෙන් වැළකී සිටින්න
  • ආහාර සඳහා පිළියෙළ කර ගන්නා මාංශ සහ බිත්තර හොදින් පිස ගැනීමෙන් පසු ආහාරයට ගැනීම, සත්ව ගොවිපොළවල හෝ ඒ ආශ්‍රිත රැකියා කටයුතු සිදු කිරීමේ දී මුඛ ආවරණ පැළදීම සහ අත් ආවරණ පැළදීම
  • ඔබ සත්ව ගොවිපොළක හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ රැකියාවක නිරත වන්නේ නම් ඉහත ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිපැදීමට ක්‍රියා කළ යුතු වෙනවා.
  • රාජකාරි කටයුතු වලින් අනතුරුව සෑම අවස්ථාවකදීම සබන් හෝ විෂබීජ නාශක ද්‍රව්‍ය භාවිත කර අත් සේදීම හෝ ශරීරය පිරිසිදු කර ගැනීම

රෝගය හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ

  • Molecular Test
  • Serology Test
  • Sputum Test
  • Respiratory Samples
  • Stool Test

මේ රෝගය ඉතාමත් සිඝ්‍රයෙන් පැතිරී යන නිසා හැමවෙලාවෙම රෝගයෙන් ආරක්ෂා වීමට හැකි හැම දෙයක්ම කරන්න වෙනවා.ඒ රෝගය විතරක් නෙමෙයි බෝ වන රෝග වලට ගොඳුරු නොවී සහ තවත් කෙනෙක්ට බෝවීම වැලක්වීමට කටයුතු කරන එකත් කරන්නම වෙනවා.මොකද වෛරසයක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයිනේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here