බර අඩු කර ගන්න කොච්චර හිතුවත් තාමත් කර ගන්න බැරි වුණා නේද? හැමදාම කෑම අඩු කරන්න හිතුවත් තාමත් කන්නේ බොන්නේ වෙනදා වගේමයි නේද? ඔයා ගොඩක් plan කරන්න ඇති. ඒ වගේම කෑම තෝරාගෙන කන්න ඇති. හැබැයි තාමත් ඔයා හිටියා වගේමද? එහෙනම් මෙන්න ඕනෑම කෙනෙකුට ගැලපෙන diet plan එකක්.
01 වෙනි දවස

උදේ කෑම
දවසේ බරම කෑම වෙලා තමයි මේ.නිවුඩු හාල් පිටි එක්ක කෙසෙල් ගෙඩියක් සහ මේදය අයින් කරපු කිරි ටිකක් මිශ්ර කරලා කෑමට ගන්න. ඒ වගේම අලිගැටපේර, ඇපල්, දොඩම් වගේ පලතුරකුත් මේ එක්කම කෑමට එකතු කර ගන්න.
දවල් කෑම
මයෝනිස්, බැදපු ගම්මිරිස් කුඩු, සලාද කොළ තියපු sandwich එකක් කෑමට ගන්න. ඔයා කැමති නම් මස් පෙත්තක් එකතු කර ගන්නත් පුළුවන්.
රෑ කෑම
Boiled chicken එක්ක තක්කාලි පෙති දෙකක් කෑමට ගන්න
02 වෙනි දවස

උදේ කෑම
වතුර වීදුරුවකින් පටන් ගන්න.කෙසෙල් ගෙඩියක් එක්ක මේදය නැති කිරි එකක් mix කරලා බොන්න.තම්බපු බිත්තර දෙකක් වුණත් ඔයාට ගන්න පුළුවන්.
දවල් කෑම
වට්ටක්කා,තක්කාලි දැමු එළවලු සුප් එකක් බොන්න.(කැමති නම් මස් ටිකක් එකතු කර ගන්න)එහෙම නැත්නම් තනිකරම Vegetable burger එකක් කන්නත් පුළුවන්.
රෑ කෑම
ඔලිව් තෙල් වලින් බැද ගත්ත මාළු එක්ක නිවිතිය කොලයක තම්බලා ආහාරයට එකතු කර ගන්න.
03 වෙනි දවස

උදේම ඇපල් විනාකිරි එක්ක කෝමාරිකා යුෂ තේ හැන්දක් හිස්බඩ බොන්න
උදේ කෑම
මොනවා හෝ එළවළුවක් සමඟ තොසේ, උප්මා, ඉට්ලි වැනි යමක් කෑමට ගන්න
දවල් කෑම
කැමති ධාන්ය වර්ග කිහිපයක් එකතු කරලා හදපු රොටී එක්ක Vegetable salad එකක් කන්න.ඒ එක්කම යෝගට් එකකුත් කන්න.
රෑ කෑම
තම්බපු මුං ඇට ටිකක් කෑමට ගන්න. ඒ එක්ක තම්බපු එලවලුවකුත් එකතු කර ගන්න.
04 වෙනි දවස

උදේ කෑම
අඩු මේදය සහිත කිරි සමග මී පැණි ටිකක් කෑමට ගන්න.ඒ එක්කම ඕට්ස් ටිකක් එකතු කර ගන්න.
දවල් කෑම
කැමති එළවළු වර්ග ටිකක් සමග කැමති නම් Chicken එකතු කර ගන්න. ඇපල් හෝ කෙසෙල් ගෙඩියකුත් ඔයාට මේකට එකතු කර ගන්න පුළුවන්.
රෑ කෑම
Bake කර ගත්ත අර්තාපල් එක්ක ඉස්සෝ කිහිප දෙනෙක් කෑමට ගන්න
05 වෙනි දවස

උදේ කෑම
පෙති කපන ලද ඇපල්, අඩු මේදයක් තියෙන චීස් එක්ක Toast කර ගත්ත Muffin එකක් කෑමට ගන්න.
දවල් කෑම
Vegetable salad Cup එකක් , පරිප්පු එක්ක බත් Cup එකක් කෑමට ගන්න. අවශ්ය නම් යෝගට් එකක් කන්නත් පුළුවන්
රෑ කෑම
හතු මිශ්ර එළවලු සලාදයක් එක්ක රොටි සහ චට්නි කෑමට ගන්න පුළුවන්.
06 වෙනි දවස

උදේ කෑම
ධාන්ය පිටි වලින් හදා ගත්ත Waffle ටිකක් කන්න.ඒකට ඔයාට පුළුවන් chocolate Syrup ටිකක් එකතු කර ගන්න.
දවල් කෑම
Noodles හෝ pasta එකතු කර ගන්න
රෑ කෑම
ළුණු, සුදුළුනු සහ මහදුරු ටිකක් දමා සැමන් තම්බා ගන්න.එකටම තම්බා ගත් අර්තාපල් ගෙඩියක් එකතු කර ගන්න.
07 වෙනි දවස

උදේ කෑම
ඕට්ස් සහ ධාන්ය වර්ග කිහිපයකින් කැද ටිකක් පානය කරන්න.
දවල් කෑම
Vegetable salad, රොටී සහ කව්පි ටිකක් ගන්න. කැමති නම් Fruit Cup එකක් වුණත් කෑමට ගන්න පුළුවන්.
රෑ කෑම
තම්බා ගත් ඉස්සන් කිහිපයක්, රතු බත් Cup එකක් එක්ක තම්බපු කැරට් Cup එකක් ගන්න
ඔන්න ඔහොම තමයි ඔයාට සතියක diet plan හම්බවෙන්නේ. ඉතින් ඔයා මොකද කියන්නේ? Challenge එක බාර ගන්න ලෑස්තිද? ඔයාට පුළුවන් හෙට ඉදන්ම මේ විදියට කෑම අර ගන්න. Try කරලා බලන්නකෝ. ඔයාට පුළුවන් ඔයාගේ යාළුවො එක්ක, එහෙම නැත්නම් ගෙදර අය එක්ක මේ plan එක කරලා බලන්න.



