Like
Like Love Haha Wow Sad Angry

අපිට නැතුවම බැරි දෙයක්නේ hand bag කියන්නේ.යන යන තැන ගොඩක් දේවල් අරගෙන යන්න අපි hand bag use කරනවා. සමහර අය ළඟ ඇඳුමට match bags තියෙනවා.තව සමහර අය bags ගන්නකොට main color එකක් අරගෙන ඕනෑම ඇදුමකට match කර ගන්නවා. ඉතින් අද කියන්න යන්නේ ඇදුම් වලට match වෙන විදියටම කොහොමද bags තොර ගන්නේ කියලා. Bag shop වල ගොඩක් වෙලා ගත නොකර හරියටම ගැලපෙන bag එක ගන්නේ කොහොමද කියලා බලමු.

Tote bag

සාමාන්‍යයෙන් මේ වගේ bag එකක් ගැලපෙන්නේ office යද්දී අරන් යන්න තමයි.සරලයි වගේම හරිම පහසුයි.රතු, කළු, වගේ color එකකින් ගන්න පුළුවන් නම් ඕනෑම office ඇදුමකට මේක ගලපන්න පුළුවන්.මේ bag එක A4 size නිසා හරිම හුරුබුහුටි පෙනුමක් තමයි තියෙන්නේ.

Slouch Bag

Bag විලාසිතා වල හැමදාමත් එක වගේම ඉල්ලුමක් තියන bag එකක් තමයි මේ ඔයාට කැමති රෙදි වර්ගයකින් කැමති පාටකින් මේ වගේ bags ගන්න පුළුවන්.Bag එකේ desing print කරලා තියෙනවනම් එකට අදින්න ඕනේ තනි color එකක් තියෙන ඇදුමක්. ඒ වගේම තනි color එකක bag එකකට printed රෙදි වලින් මහපු ඇදුමක් තමයි ගැලපෙන්නේ.ඒ වගේම jeans වලටත් මේ bag එක ලස්සනට ගැලපෙනවා.

Casual Bag

බැගී කලිසම්, office ඇදුම්, casual ඇදුම් මේ ඕනෑම එකකට ඔයාට මේ bags use කරන්න පුළුවන්.high-waist trousers වලටත් මේක හරිම ලස්සනට ගැලපෙනවා.ඔයා තියන එක පාටකට ගැලපෙන්න ඔයාට මේ bag ගන්න පුළුවන්.

Clutch Bag

පාටියකයට යනකොට, නැත්නම් හවසක ඇවිදින්න යනකොට වගේ මේ bags ගෙනියන්න පුළුවන්. පොඩි දම්වැලක් එක්ක තියන මේ bags වලින් ඔයාට හරි ලස්සන පෙනුමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටිකක් බඩ තියන අයට මේ bag එකෙන් එක නොපෙන්වා ඉන්න ලේසි. Stones, metals වලින් කරලා තියෙන bags ගන්න. Party ඇදුමකට ඒ වගේ stones අල්ලපු bags හොදටම ගැලපෙනවා.

මෙච්චර කල් ඔයාට ඇදුමට හරියටම හරි යන bag එක තොර ගන්න බැරි වුණා නම් දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඔයා දන්නවද bag එක කියන්නේ ඔයාගේ personality එකේ එක කොටසක්.ඒ නිසා bag එක ගැන ඔයාට හොද අවධානයක් තියෙන්න ඕනේ.ලස්සන ලස්සන bag ගන්න.ලස්සනට ඉන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here