ආදරේ කියන්නේ අපි හැමෝම බලාපොරොත්තු වන දෙයක්.දෙදෙනෙක් ආදරේ කරන්නේ ඒ ආදරේ සදාකල් පවතී කියන. බලාපොරොත්තුවෙන්.හැබැයි සමහර ආදර කතා වලට නම් ආයුෂ අඩුයි.විවාහය ගැනත් හිතාගෙනම ආදරේ කරන අය අතරේ මාසයෙන් දෙකෙන් ආදරයට තිත තියන අයත් ඉන්නවා.ඒ නිසා මම ඔයාට කියන්න යන්නේ ඔයාගේ ආදරේ සදාකලිකව පවත්වා ගන්නේ කොහොමද කියලා.හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ ආදරය කාගෙන්වත් බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒත් එය රැක ගන්න ඔයා උත්සහ කරන්න.
01) විශ්වාසය

ඒ කියන්නේ ඔයාගේ ආදරේ කවදාවත් දාලා නොයයි කියන විශ්වාසය නෙවෙයි.ඔයාලා දෙන්නා අතරේ තියෙන විශ්වාසය. මොකද සමහරු ඔයාට ආදරේ කරන්නේ ඔවුන්ගේ කායික අවශ්‍යතා ඉටු කරගන්න විතරයි.තවත් සමහරු සල්ලි වලට ආදරේ කරනවා.ඒත් මතක තියාගන්න, ඔයාගේ අඩුපාඩු තිබුනත් ඒවා නිවරැදි කරගෙන , නොගැලපෙන අදහස් ගලපගෙන ඔයත් එක්ක ජිවිත කාලය පුරා ඉන්න කෙනෙක් තොරාගන්න.හැබැයි ආදරයෙන් අන්ධ වෙන්න, රැවටෙන්න නම් එපා.
02) හොදින් හදුනාගන්න

සමහර අය ඉන්නවා හරිම ගුප්තයි.ඒ වගේ අයව තේරුම් ගන්න ටිකක් අමාරුයි.මේ අයගෙන් කිසිම දෙයක් දැන්ගන්න ලැබෙන්නේ නැහැ.ඒ නිසා මෙවැනි අයත් එක්ක දිගුකාලීනව ආදර සම්න්ධතා පැවත්වීම ලේසි නැහැ.මේ නිසා ඔයාලා දෙන්නා කාතාබහ කරලා හොඳින් තෙරුම් ගන්න ඕනේ.ඒ වගේම සමාජය සමඟ හොඳින් ගනුදෙනු කරන්න.
03) ගැඹුරු කතා,බොළඳ කතා

සමහරු හිතන්නේ ආදරේ කරද්දී ඒ දෙන්නා කතා කරන්න ඕනේ ගැඹුරු කතා කියලා.තවත් අය කියනවා ආදරේදී කියන්නේ බොළඳ කතාලු.ඒ දෙකම වැරදි.ඒත් ඇත්තටම ඔයා කතා කරන්න ඕනේ දෙන්නට දෙන්නා ආස හිතෙන කතා.පැය ගාණනක්, අවුරුදු ගාණනක් වුණත් ආදරෙන් කතා කරන්න හිතෙන විදිහට කතා කරන්න.
04) Demand නැතුව ආදරේ කරන්න

අද ගොඩක් ආදර කතා demand වෙනවා.හැබැයි එහෙම ආදරේ කරන්න ගියොත් නම් ඔයාගේ ආදරේ වැඩි කාලයක් රදවා ගන්න අමාරුයි.අපි ආදරේ කරන කෙනාව පුංචි පුංචි දෙවල් වලින් සතුටු කරන්න උත්සහ කරනවා.ඔයා එයාව සතුටු කරලා එයාගෙන් ඔයාට මුකුත් ලැබුනේ නැත්නම් දුක් වෙනවා.සමහර වෙලාවට එයා දුන්නේ නැත්නම් ඔයා දෙන්නෙත් නැහැ.හැබැයි පුංචි පුංචි Gift නොදී වුණත් ආදරේ අඩුවක් නම් කරන්නේ නැහැ.ඒ නිසා කිසිම වෙලාවක ඔයාගේ ආදරේ demand කරන්න එපා.
05) ඔයාලා දෙන්නා දෙන්නෙක්ද?.

ගොඩක් අය හිතන්නේ ආදරය කරනකොට ඒ දෙන්නා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා.නමුත් ඒක නම් වැරදි කතාවක්.ආදරේ කරන දෙන්නෙක් ඔවුන්ගේ ජිවිතය එකිනෙකා සමඟ බෙදා ගන්නවා.එහෙමයි කියලා නීති දාලා ඒ බැදීම කොටු කරන්න එපා.දෙන්නා දෙන්නෙක් විදිහට හිතන්න.නැත්නම් ඔයාගේ ආදරේ ඉක්මනින්ම අහිමි වෙයි. .
06) නිතරම කතා කරන්න

ඔයාලා දෙන්නා දෙන්නෙක්.සමහරවිට අදහස් ,ආකල්ප ,කැමති අකමැති දේවල් වෙනස් වෙන්න පුළුවන්.එතකොට හෙමි හෙමින් දෙන්නට සිද්ධ වෙනවා එකිනෙකාගේ ගතිගුණ වලට පුරුදු වෙන්න.හැබැයි ඔයා ඒ දේවල් වලට කොහෙත්ම කැමති නැත්නම් ඒ ගතිගුණ තියෙනවා නම් ඒ ගැන දෙන්නත් එක්ක කතා කරන්න.එයා අස්පස් කරන්න කැමති නැති කෙනෙක් නම් ඔයයි එයයි එකතු වෙලා මාරුවෙන් මාරුවට ගෙදර අස් කරන්න.එයා කැමති ඔයා කැමති සිංදු වලට music වලට නෙමෙයි නම් ඔයාට පුළුවන් Headset එකක් දාගෙන ඔයා කැමති සිංදුවක් රස විඳින්න
ඉතින් මේ දේවල් එක්ක ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරේ හැමදාම රැක ගන්න.මම අද ඔයාට කියලා දුන්න දේවල් හරියටම කළොත් එයාගේ එයාට ඔයා ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙයි.ඒ විතරක් නෙමෙයි ආදරේ සදාකාලිකවම රැක ගන්න පුළුවන්



