Like
Like Love Haha Wow Sad Angry

ඔයා ළඟදීම Wedding එකක් ගන්න සූදානම් වන කෙනක් වෙන්න පුළුවන්. හැබැයි අද කාලේ Wedding එකක් ගන්න එක එතරම් ලේසි වැඩක් නෙවෙයි. Wedding එකක් ගත්ත cuple එකක් නම් ඒ ගැන හොඳින්ම දන්නවා. මොකද කොච්චර හොඳට plan කළත් මොනවා හරි දෙයක් මඟ හැරෙනවා.විශේෂයෙන්ම ඔයාට groomට වඩා කරන්න ගොඩක් වැඩ තිබෙනවා.ඒ නිසා කලබල අස්සේ wedding එක දවසට ඔයාට ගොඩක් දේවල් අතපසු වෙන්න පුළුවන්.

Wedding එක දවසට මේවා අතපසු වුණොත්?

සමහර වෙලාවට සාරී jacket එක design කරන තැන දාල ඇවිත්, Shoes කියන්නෙත් ගොඩක් වෙලාවට අමතක වෙන දෙයක්. එතකොට පෝරුවේදී අවශ්‍ය වන දේවල් හෝටල් රූම් එකේ දාල එනවා. මුදු මාරු කරද්දී Wedding rings අමතකවෙලා ඇවිත්. නැත්නම් Photographers ලා වෙලාවට ඇවිත් නැහැ. ඉතින් මේ අතපසුවීම් නිසා Wedding එකේදී mood එකම සවුත්තු කරගෙන තමා ඉන්න වෙන්නේ.

Event Planner කෙනක් තෝරා ගැනීමේ වාසි

ගොඩක් couples කරන්නේ තමන්ගේ ලඟම ඉන්න අයට වැඩ පවරලා දෙන එක. හැබැයි සමහර අය තමාගේ වගකීම් හරියටම කරද්දී, තවත් අයට ඒ වගකීම අමතක වෙනවා. ඒ නිසා ඔයාගේ Wedding එක Event Planner කෙනෙක්ට බාර දෙන එක නුවණට හුරුයි. එය අමතර වියදම් වුණත් ඔයාගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනේවි. මොකද Event Planner Wedding එකට කලින් ඉඳන්ම Wedding එකේ හැමදේම plan කරන නිසා කිසිම අඩුපාඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා Wedding එක දවසටත් relax එකේ couple එකට Wedding එක enjoy කරන්න පුළුවන්.

ඒ නිසා ඔයාගේ Wedding එකට එන කිසිවෙක් එහි පුංචි හෝ අඩුපාඩු නොකියන තරමට ලස්සනට Wedding ගන්න උත්සහ කරන්න. එතකොට Wedding එක දවසේ විතරක් නෙවෙයි Wedding එකෙන් පස්සෙත් හිතේ නිදහසේ, සතුටින් ජීවිතය විඳින්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here