Like
Like Love Haha Wow Sad Angry
4

සාමාන්‍යයෙන් අපි Nails ගැන ගොඩක් හිතනවනේ.හිතන්නේ නැති අයත් ඉන්නව ඉතින්.ඒ කොහොම වුණත් අපි අපේ Nails ලස්සනට තියාගන්න ඕනේ.ඉස්සර saloon එකෙන් හැමදෙයක්ම කර ගත්තා.දැන් නම් saloon යන්න ඕනේ නැහැ.ගෙදර ඉදන්ම කරගන්න පුළුවන්.ඒ කොහොමද කියලා නේද දැන් ප්‍රශ්නේ.මම අද කියන්න හදන්නේ ඒ ගැන දෙයක් තමයි.ඒ තමයි කොහොමද අපි අපේ Nails ලස්සනට ආරක්ෂිතව තියාගන්නේ කියලා.

ලෙමන් සහ බේකින් පවුඩර්

ලෙමන් යුෂ සහ බේකින් පවුඩර් එකට දාල mix කරගන්න.ඊටපස්සේ ඒවා Nails වල ගාලා දත්බුරුසුවක් මාර්ගයෙන් නියපොතුවල ගල්වලා මද වෙලාවක් ඉඳලා සෝදා හරින්න.

දොඩම් යුෂ

දොඩම් යුෂ අරගෙන විනාඩි 5ක් පමණ ඇඟිලි ඒ තුළ ගිල්වන්න.ඊට පස්සේ හොඳින් හෝදන්න.අන්තිමට ඔලිව් ඔයිල් වලින් massage කරන්න

පිපිඤ්ඤා

පිපිඤ්ඤා කැබලි කිහිපයක් අරෙගන Blender කරගන්න. විනාඩි 5ක් පමණ ඒ සාරය තුළ ඇඟිලි ගිල්වා තබන්න.ඊටපස්සේ සෝදන්න

පොල්තෙල්

පොල්තෙල් බිංදු කිහිපයක් ගෙන ඇඟිලි සහ නියපොතු වල ගල්වා හොඳින් සම්බාහනය කරන්න.ඊටපස්සේ ඒවා හොඳට අවශෝෂණය කරගන්නකම් ඉන්න.

මේ විදිහට ඔයාට Treatment කරන්න පුළුවන් නම් නියපොතු වල අවපැහැ බව නැති කරනවා වගේම නියපොතු ශක්තිමත් කරනවා.හරියටම Treatment කරන්නත් ඕනේ.හොඳ Result එකක් එනකන් දිගටම කරන්න

Like
Like Love Haha Wow Sad Angry
4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here