අපි රැකියාවක් කරනවනේ.අපිට මාසේ අන්තිමට salary එක ලැබෙනවා.ඔන්න ටික දවසක් දවසක් යනකොට අතේ සතේ නැහැ,හැබැයි salary එකත් හම්බ වුණා.අහ්.ඒ ඇයි දන්නවද? කියක්වත් ඉතුරු කරලා නැහැ.ඔක්කොම අරවට මේවට වියදම් කරලා.දන්නෙත් නැහැ ඔක්කොම සල්ලි ඉවරයි.ඉතින් මාසේ පඩිය කීය වුණත් කොහොමද ඒක ඉතුරු කරගන්නේ කියලා මම අද ඔයාට කියලා දෙන්නම්.
අඩුවෙන් වියදම් කරන්න

ගොඩක් අය කරන වැරදි වැඩක් තමයි තමන්ගේ ආදායමට වඩා වියදම් කරන්න ලැස්ති වෙන එක.සමහර වෙලාවට fancy shop වලට ගියාම ඕනේ එකයි එපා එකයි දකින දකින හැම එකම අරන් එනවා.අන්තිමට අතේ සතයක්වත් නැතුව තමයි shop එකෙන් එළියට එන්නේ.ඊටපස්සේ ඉතින් මාසේ ඉතුරු දවස් ටික ගෙවන්න වෙන්නේ කාගෙන් හරි ණයට සල්ලි ඉල්ලගෙන.අන්තිමට ණයකරයෙකුත් වෙලා.ඒ නිසා හරියට list එකක් හදාගන්න.budget එකක් වෙන් කරලා ඒ දේවල් ගන්න.හැබැයි ඊට කලින් කීයක් හරි ඉතුරු කරගන්න.
ණය බරෙන් මිදෙන්න

ණය ගන්නවා කියන්නේ හිතාමතාම අමාරුවේ වැටෙනවා කියන එක.ඒ නිසා කවදාවත් loan ගන්න නම් එපා.ඔයාට මොනවා හරි loans තියෙනවා නම් ඒ හැමදෙයක්ම ඉක්මණින් ඉවර කරගන්න.නැත්නම් ජිවිත කාලයේම ණය ගෙව ගෙව ඉන්න වෙයි
ඉතුරු කිරීමේ ගිණුමක් පටන් ගන්න

දැන් ඕනෙම විදිහකින් ඉතුරු කරන්න පුළුවන්නේ.ඒ නිසා හොඳ වැඩක් තමයි ඉතුරු කිරීමේ ගිණුමක් හදාගන්න එක.ගිණුමක් හදලා නිකන් ඉන්න එපා.ඒකට salary එකේ ගාණක් බැර කරන්න.එහෙම නැත්නම් හොඳම වැඩේ තමයි salary එක කෙලින්ම ඉතුරුම් ගිණුමකට බැර කරන එක.නැත්නම් salary එකම අතට ආපු ගමන් දන්නෙත් අන්හ් ඉවර වෙනවා
තවත් අදායම් මාර්ගයක් හොයාගන්න

ඔයාට හිතනවා නම් මේ job එකෙන් ලැබෙන salary එක මදි කියලා ඔයාට පුළුවන් අමතර ආදායම් මාර්ගයක් හොයාගන්න.දැන් ඕනේ තරම් එහෙම Part Time online jobs.ඉතින් ඔයාටත් පුළුවන් එහෙම එකක් කරන්න.මේ වගේ jobs කරන්න ඔයාගේ time එකෙන් එකම එක පැයක් වැය කළත් ඇති.ලොකු ගාණක් හොයාගන්න පුළුවන්
ඉතින් මෙන්න මේ දේවල් ඔයාටත් කරන්න පුලුවන්නම් Salary එක අනවශ්‍ය විදිහට වියදම් වෙන එක නතර කරගන්න පුළුවන්.ගොඩක් වෙලාවට අපේ තියෙන්නේ අනවශ්‍ය වියදම්නේ.ඒ නිසා ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි



