1
ආප්ප නම් අපි කාලා තියෙනවනේ.ඒ කියන්නේ plain ආප්ප ,බිත්තර ආප්ප ,පැණි ආප්ප ඔය කියන එක එක විදිහේ ආප්ප කාලා තියෙනව.ඒවා කෑවට ඔයා කාලා තියෙනවද කේරල ආප්ප.ඒ කියන්නේ ඉන්දියාවේ හදන ආප්ප විශේෂයක්.මම අද ඔයාට ඒක හදන හැටි කියලා දෙන්නම්
අවශ්‍ය වෙන්නේ මොනවාද

- ගාගත් පොල් කෝප්ප 01
- පැය 2ක් පමණ පොඟවාගත් හාල් කෝප්ප 02
- ලුණු
- ඊස්ට් තේ හැඳි 01
- සීනි මේස හැඳි 01
- මද රස්නෙ වතුර
මේ විදිහට හදාගමු

- හාල්, පොල්, ලුණු සහ සීනි පොඩි ප්‍රමාණයකට වතුර කෝප්ප 1/2ක් වගේ දාලා Blender කරගන්න.
- ඊටපස්සේ ඊස්ට් වලට ඉතිරි සීනි හා මද රස්නෙ වතුර දාලා ඊස්ට් ටික ඇක්ටිව් කරගන්න.
- Blender කරගත් බැටර් එකට ඊස්ට් එකතු කරලා හොඳට කලවම් කරගෙන පැය 5ක් පමණ පිපෙන්න තියන්න.
- බැටර් එක උකු වැඩි නම් වතුර චුට්ටක් එකතු කරලා කලවම් කරගන්න
- ඊළඟට අපි සාමන්‍යයෙන් ආප්ප හදන විදිහට තාච්චියේ හදාගන්න.
කේරල ආප්ප කිව්ව්හම ගොඩක් වෙලා යන ගොඩක් දේවල් ඕනේ වෙන කෑමක් කියලා හිතුවා නේද.නැහැ නැහැ .එහෙම නැහැ කියලා ඔයාටම තෙරුනනේ.ඒ නිසා ඔයාට තනියම වුණත් මේක හදාගන්න පුළුවන්.ඒ තරම් ලේසියි
1



