Like
Like Love Haha Wow Sad Angry
8

Body shape එක කියන්නේ girl කෙනෙක්ගේ ලස්සන රදා පවතින main point එකක්. හැබැයි දැන් කාලේ නම් ශරීර සම්බන්ධයෙන් තියෙන එකම topic එක බර වැඩි වෙන එක නෙවෙයි. ඒත් ගොඩක් අය වැඩි අවධානයක් දීලා තියෙන්නේ ඒකට.

හැබැයි ඉතින් කාලා වැඩි වෙලා ඇඟ අඩුකරගන්න දඟලන අය අතරේ කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති අයත් ඉන්නවා.අන්න ඒ අය චුට්ටක් හරි මහත් වෙන්න විදින දුක දන්නවා නම් මහත අය කෙට්ටු වෙන්න නම් කවදාවත්ම try කරන්නේ නෑ.

ඔන්න ඉතින් අද කෙට්ටු අයට ඉක්මනට natural විදියට මහත් වෙන්න tips ටිකක් තමයි අපි අරගෙන ආවේ.

මේ විධියට කෑම කන්න.

කෑම කන්න කලින් වතුර බොන්න නම් පුරුදු වෙන්න එපා.ඒ වගේම දවසේ තුන් වේලට පුළුවන් තරම් පිෂ්ඨමය ආහාර එකතු කරගන්න. තව ඉතින් වේල් දෙකකටවත් බිත්තර දෙකක් කන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. අර තුන් වේලට අමතරව පුළුවන් නම් තවත් වේල් කීපයක් දෛනිකව එකතු කරගන්න. තරමක් ලොකු කෑම පිඟානක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. පොඩි පිඟානකට කෑම චුට්ටක් බෙදාගැනීම නොදැනුවත්වම සිද්ධ වෙන දෙයක්. කෑම වේලට almonds, රටඉඳි වගෙ දේවල් එකතු කරගන්න. කෑම කනකොට ඉස්සෙල්ලාම protein වැඩි ආහාරවලට අවධානය දෙන්න. එළවළු අන්තිමට කන්න.

 Milky foods

කිරි තියෙන දේවල් හැමවෙලේම වගේ කෑවොත් ඔයාට ඉක්මනින්ම මහත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිරි, චීස්, බටර් වගේ දේවල්.

ඊට අමතරව milkshakes බොන එකෙනුත් මහත් වෙනවා. ලොකු ලොකු අය fashion එකට protein shakes කියලා බොන එක නෙවේ, town එකේ පළතුරු බීම කඩෙන් පුරුද්දක් විදියට milkshake එකක් බොනවා නම් බලන් ඉද්දි මහත් වෙන්න පුළුවන්.

Exercise

Exercise කරන්නේ ශරීරයේ බර අඩු කරගන්න විතරයි කියලා හිතනවා නම් ඒක වැරදි දෙයක්. Exercise කරන්නේ ඔයාගේ body shape එක හරියටම maintain කරගෙන යන්න. Gym එකකට යනවා නම් විශේෂයෙන් මේ ගැන gym එකේ trainer එක්ක කතා කරලා ඔහුගේ අධීක්ෂණය යටතේ කරන්න පුළුවන්.

ගෙදර ඉඳන් කරනවා නම් Pushups සහ Squats හොඳයි. ඒ වගේම තමයි exercise කරන්න පටන් ගන්න කලින් සහ පස්සේ ආහාර වේල් දෙකක් ගන්න ඕනේ.

Fruit juice

පළතුරු නිකන්ම කනවට වඩා juice හදලා බොනකොට fructose ගතිය වැඩියි. Grape juice, apple juice, orange juice වගේ juice වර්ග තමයි ඉතින් ඒකට match වෙන්නේ. මොකද ඒ පලතුරු වල සීනි වැඩියි සහ ඒවයේ කැලරි ප්‍රමාණයත් වැඩියි.

හැබැයි ශරීරය මහත් කරවන්න පෝෂ්‍ය පදාර්ථ හරියටම ලැබෙන්නේ smoothie වර්ගවලින්. Banana, peanut butter වගේ smoothie වර්ග ඕනම juice center එකක තියනවා.

රටඉඳි

මහත් වෙන්න ආසාවෙන් ඉන්න අයට කියාපු කෑම තමයි රටඉඳි. අමාරුවෙන් කන්න ඕනි දෙයකුත් නෙමෙයි නිසා අවුලක් නැහැ. දවසට රටඉඳි පහක් හයක් කෑවම හොදටම ඇති. නිකන්ම කනවට වඩා butter, කිරි නැත්නම් peanut butter එක්ක කනවා නම් instant result එකක් ගන්න පුළුවන්.රටඉඳි කියන්නේ ඉතින් සීනි සහ කැලරිවලින් පිරුණු ආහාරයක්.

ඉතින් මෙච්චර කල් මොන දේ කලත් මහත් වුණේ නැත්නම් දැන්ම මේ tips ටික try කරලා බලන්න.මේ දේවල් කරලත් ඔයාට result නැත්නම් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ doctor කෙනෙක් හොයාගෙන යන එක විතරයි. එතකොට හිතටත් බයක් නැහැනේ. හැබැයි ඉතින් nutritionist කෙනෙක්ගේ උපදෙස්වලින් කවදාවත් සතියෙන් මාසෙන් මහත් වෙන්න බෑ.ඉතින් ඒ නිසා මහත් වෙන්න ඕනේ කියලා හිතුමනාපෙට දකින දකින දේවල් කන්න බොන්න නම් යන්න එපා.  

Like
Like Love Haha Wow Sad Angry
8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here