Like
Like Love Haha Wow Sad Angry

දැන් අපි ඉන්නේ face mask age එකක කිව්වොත් ඒක වැරදි නැහැනේ.Covid-19 වසංගතයත් එක්ක තමන්ගේ වගේම අනුන්ගේත් safety එක වෙනුවෙන් face mask දාන්න කියලා doctorsලා වගේම රජයත් කියනවා.හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට face mask ගැන හරි හැටි දැනුමක් නැති එක.

ඒ කියන්නේ face mask etiquette, එහෙම නැතිනම් face mask එක තියෙන්න ඕනේ හොඳ පුරුදු ගැන දැනුමක් නැති එක.ඔය විදියේ face mask හොඳ පුරුදු පිළිපදින්නේ නැති වුණහම, ඒක තමන්ට විතරක් නෙවෙයි අවුල.අනික අපි face mask දාන්නේ covid -19 වලින් ආරක්ෂා වෙන්නනේ.අන්න ඒ අරමුණත් ඉටු නොවෙන්න පුළුවන්.ඉතින් ඒ නිසා තමයි අපි face mask එකක් හරියටම use කරන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න හිතුවේ.

හවුලේ mask එපා

මේක ඉතින් අමුතුවෙන්ම කියන්න ඕන දෙයක් නෙවෙයිනේ.තමන් use කරන face mask එක තවත් කෙනෙක්ට දෙන එකෙන්, face mask එක දාන අරමුණ ඉෂ්ට වෙන්නෙත් නෑ විතරක් නෙවෙයි, තව වෙන සෞඛ්‍ය ගැටළුත් ඇතිවෙන්න පුළුවන්.Face mask එකක් දාගෙන ඉඳලා, ඒක තව කෙනෙක්ට දෙන එක නිකං, ඔයා use කරන tooth brush එක හෝදන්නෙත් නැතුව තව කෙනෙක්ට දෙනවා වගේ වැඩක් .

හරියට දාමු

Face mask etiquette වලට face mask එක හරියට දාන්නේ කොහොමද කියන එකත් අදාළයි.මුලින්ම සබන් වලින් හොදට අත් හෝදගන්න ඕනේ.දැන් mask එක කන් වටේ පැළඳලා, නහයත්, කටත් වැහෙන විදියට හදාගන්න ඕනේ.ඒ වගේම නිකටත් mask එකෙන් වැහෙන විදියට හදාගන්න අමතක කරන්න එපා.මූණේ පැති වලටත් mask එක අපහසුතාවයක් දැනෙන්නේ නැති විදියට fit වෙන්න ඕන.ඒ වගේම තමයි අපහසුවක් නැතුව හුස්ම ගන්නත් පුළුවන් වෙන්නත් ඕන.මෙහෙම තමයි හරියටම face mask එකක් දාන්නේ.

හරිම තැනට දාන්න

Face mask දාන්න ඕන හරි විදිය ගැන අපි උඩින් කිවුවනේ.හැබැයි සමහරුන්ට ඕක අමතක වෙනවා.ඒ විතරක් නෙවෙයි ටික වෙලාවකින් face mask එක බෙල්ලට දාගෙන, කණ්ණාඩි කුට්ටම වගේ නළලට උස්සගෙන, කණේ රඳවන කෑල්ලෙන් එල්ල ගෙන තමයි සමහර අය ඉන්නේ.Mask එකක් එක දිගටම දාගෙන ඉන්න එක ටිකක් අමාරුයි තමයි.එහෙමයි කියලා තමන්ට ලේසි විදියට mask එක use කළා කියලා face mask දාන අරමුණ ඉෂ්ට වෙන්නෙ නැහැනේ.ඒ වගේම තමයි mask එක දැම්මට පස්සේ ඒක අස්සෙන් අත දාගෙන මූණ කසන්න, කොනිති ගහන්න යන්නත් එපා.

Mask එකත් එක්ක එන ප්‍රශ්න

Face mask එකත් එක්ක එදිනෙදා life එකේ practically ප්‍රශ්න කීපයකට අපිට face කරන්න වෙනවා.උදාහරණයක් විදියට ගත්තොත් mask එක දාගෙන ඉන්නකොට අපි කතා කරන දේ අනෙක් කෙනාට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්.අන්න එතකොට පොඩ්ඩක් volume up කරලා කතා කළාට කමක් නෑ. ඒ වගේම තමයි mask එක දාගෙන ඉන්නකොට අපේ මුහුණේ ඉරියව් අනෙක් කෙනාට පේන්නේ නෑනේ. ඒ නිසා වෙනදා වගේ අදුරන කෙනෙක් දැක්කම හිනා වෙන එක වෙනුවට අත වනන් පුරුදු වෙන්න පුළුවන්.

Use කලාට පස්සේ

මෙන්න මේකත් mask එක හරිම විදියට පාවිච්චි කරනවා වගේම ඉතාම වැදගත් point එකක්.දැන් නම් එක එක type එකේ face mask තියෙනවා නේ.ලංකාවේ නම් ගොඩක් දෙනෙක් දාන්නේ එක්කෝ surgical mask එක, එහෙම නැත්නම් රෙදි වලින් මහපු mask.

Surgical mask හරි ඊට සමාන වෙනත් mask හරි හදලා තියෙන්නේ සතිය දෙක එක දිගට දාගෙන ඉන්න නෙවෙයි.උපරිම පැය කීපයකට විතරයි.ඊටපස්සේ mask එක අයින් කරන්න ඕන.එතකොට අයින් කරලා දාන්නේ කොහාටද? තැන තැන දාන්න බෑ. ඒක හරියටම කුණු කූඩෙකට දාන්න ඕන.

ඒ වගේම රෙදි mask එකත් දවස් ගණන් දාන්න බෑ. උපරිම දවසේ වැඩ කරන පැය කීපයට එහා දාගෙන ඉන්න එක හරියන්නෙ නෑ. එතකොට මොකද කරන්නේ? ඒ රෙදි ,mask එක වුනත් හරියට ගලවලා, හොඳින් සබන් දාලා wash කරන්න ඕන.ඊට පස්සේ හොඳට වේල ගන්න ඕන.අන්න ඊට පස්සේ ඔයාට ආයෙමත් ඔයාගේ mask එක දාන්න පුළුවන්.

අපිට අඩුම ගාණේ තව මාස ගාණක්වත්, වැඩේ නරක විදියටම ගියොත් අවුරුද්දක් දෙකක් වත් face mask දාන්න වෙයි කියලා තමයි කියන්නේ.ඒ කියන්නේ අපේ face mask එක පැත්තකට දාන්න පුළුවන් වෙන්නේ covid-19 වලට හරියටම හරියන treatment එකක් හොයාගත්තහම විතරයි.

අන්න ඒ නිසා අද කියලා දුන්න විදියට හරියට face mask දාන්න, face mask etiquette පිළිපදින්න පුරුදු වෙන්න.ඒ වගේම තමා මේ message එක ඔයාගේ යාලුවෝ වගේම family එකේ අය අතරත් අනිවාර්යෙන්ම share කරගන්න අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here