Like
Like Love Haha Wow Sad Angry

හෘදයාබාධ කිව්වමත් සමහර අය බය වෙනවනේ ඔයත් එහෙම බය වෙනවද? හෘදයාබාධ කියන්නේ අපි නොදැනුවත්වම හැදෙන රෝගයක්.හැදෙන වෙලාවක් කියන්න බැහැ.හැබැයි මේක වලක්වගන්න නම් පුළුවන්.ඔයා දන්නවද ලෝකේ මිය යන අය හයදෙනෙක්ගෙන් එක් කෙනෙක් මියයන්නේ පූර්ව රෝග ලක්ෂණ හරි විදියට අඳුන ගන්න බැරි වුණ එකෙන්.අද මම ඔයාට කියා දෙන්න හදන්නේ හෘදයාබාධ ගැන.හැදුනට පස්සේ පරිස්සම් වෙනවට වඩා ලේසියි නේද හැදෙන්න කලින් පරිස්සම් වුණානම්.කොහොමද හෘදයාබාධ ගැන දැනගෙන පරිස්සම් වෙන්නේ.

01) හදවත් රෝගවලට බලපාන ජීවන පුරුදු

  • දුම්පානය
  • මත්පැන් පානය
  • ස්ථුල බව
  • ව්‍යයාම නොමැති ජීවන රටාව
  • මේද සහ කාබොහයිඩ්රේට අධික ආහාර
  • දියවැඩියාව
  • අධිරුධිර පීඩනය
  • රුධිරගත අහිතකර කොලෙස්ටරෝල්

02) පුර්ව හෘදයාබාධ ලක්ෂණ

  • පපුවේ වේදනාව
  • දැඩි තෙරපුමක ස්වභාවයක්
  • පපුව මැද හිරවනවා දැනීම.
  • ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම
  • දහදිය දැමීම
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • වමනය දැමීමේ අවශ්‍යතාවය
  • අසනීප ගතියක් දැනීම
  • අධික නොසන්සුන්බව (තැතිගත් ස්වභාවයක්).
  • කැස්සක් හෝ ඇදුම
  • ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම
  • පපුවේ ඉදල අත ,හකු ප්‍රදේශය , බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්. (සාමාන්‍යයෙන් වම් අතේ ඇති වුණාට දෑතටම බලපානවා.)

සමහර වෙලාවට විශේෂයෙන්ම කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් වගේම දියවැඩියාවෙන් තියන අයට පපුවේ වේදනාවක් කිසිසේත් දැනෙන්නේ නැහැ.

03) හෘදයාබාධයක් ඇති වූ පසු හඳුනා ගැනීමේ පරීක්ෂණය

  • Troponin I
  • Troponin T

04) හෘදයාබාධයක් ඇති වුණාම සිදු කරන ප්‍රතිකාර මොනවද?

01) Stent එකක් දැමීම වඩාත් හොඳයි

හෘදයාබාධයක් හැඳුනු ගමන්ම (ST Elevation MI) මුලින්ම කරන්න උපදෙස් දෙන්නේ Stent එකක් දාල රුධිර ගමනාගමනයේ අවහිර වුණු එක ආයෙත් හදාගන්න එක.මේක තමයි යුරෝපීය රටවලත්, ඇමෙරිකානු හෘද සංගමයේත් හෘද රෝගීන්ට නිර්දේශය වෙන්නේ.අපේ රටෙත් දැනට පිළිගත්ත ක්‍රමවේදය වෙන්නේ මෙය තමයි.

02) ඉක්මණින් ECG ගන්න පියවර ගන්න

මේකෙදි මුලින්ම කරන්න ඕනේ දේ තමයි ECG එකක් පුළුවන් ඉක්මණින් ගන්න එක.රෝ්ගියා hospital එකට ඇතුළත් වුණ විනාඩි දහයක කාලයෙදීම අරගන්න ඕනේ.මේකෙදි ST Elevation එකක් තියෙනවා නම් කිසියම් ප්‍රතිකාරාත්මක දෙයක් ඉක්මනින්ම කරන්න වෙනවා.ST systemic clock එක බලගන්වනවා.පැය දෙකක් ඇතුළත මේ රෝගියාගේ හෘදය අවහිරය අයින් කරන්න ඕනේ.

03) Cath Lab

Theater එකට හිරිවට්ටල අතෙහි නහරයක් අරගෙන පොඩි බටයකින් හෘදයවස්තුවේ කිරීටක ධමනී දක්වා යන ඩයි එකක් යවනවා.ඒකෙන් හෘදයේ නහර වල තියන block තිබේ නම් ඒ ස්ථාන හදුනා ගැනීමට අවස්ථාව සැලසෙනවා.ඉන්පසුව වයර් එකක් යවනවා.

මෙම Treatment එකට යන වෙලාවට කියන්නේ Door to Balloon time කියලා.රෝගියාට මුලින්ම වේදනාව දැනීම ඇති වුණ වෙලාවේ ඉඳල පැය දෙකක් ඇතුළත මේ treatment එක කරන්න ඕනේ.

04) රෝගයෙන් වැළකෙන්නේ කොහොමද ?

  • ක්‍රියාශීලී ජිවන රටාවකට හුරු වීම
  • දුම් සහ මත්පැන් පානයෙන් වැලකීම
  • මේදය අඩංගු ආහාර වලින් වැළකීම
  • පිටි සහිත ආහාර ගැනීමෙන් වැලකීම
  • නිතරම ජලය පානය කිරීම

හෘදයවස්තුව කියන්නේ පොඩි එන්ජින් එකක්.එය තමයි ජීවයේ පැවැත්ම.ඉතින් මේ අවයවයට ලේ යන්නෙ නැති වුණාම සිරුරේ අනෙකුත් අවයවත් මිය යනවා.එතකොට රෝගියාට ජීවත් වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මේ නිසා හෘදයාබාධයක් ඇති වෙන්න කලින්ම අපි පරිස්සම් වුණොත් හොදයි නේද?

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here