Like
Like Love Haha Wow Sad Angry
1

හැමදාම කන පාන් එක desert එකක් විදියට කන්න ඔයා කැමති නැද්ද? අද හදන්න යන්නේ ගොඩක් ලේසි ඒ වගේම අඩු වියදමකින් හදාගන්න පුළුවන් desert එකක්.මේ නත්තල් කාලෙට නිවාඩු පාඩුවෙ ලේසියෙන් හදාගන්න දැන් ඔයාටත් පුළුවන්. අද අපි හදන්නේ Bread pudding එහෙම නැත්තන් පාන් පුඩිම.ඔයා මේක හදලම බලන්නකෝ රස කොහොමද කියලා වෙනදා පාන් කනවට වඩා වෙනස් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි 100
  • බිත්තර 02
  • සීනි 125g
  • පාන් පෙති 04
  • වියලි මිදි 10g
  • සාදික්කා powder අවශ්‍ය නම් පමණක්

හදාගන්නේ කොහොමද ?

  • මුලින්ම බිත්තර 02ට සීනි,කිරි දාලා හොදට Beat කරගන්න
  • දැන් ඒකට සාදික්කා කුඩු ටිකත් දාල mix කරගන්න.දැන් ඒ Custard එක පැත්තකින් තියන්න.
  • ඊළගට පාන් පෙති අරගෙන ඒවායේ බටර් ටිකක් ගාලා පාන් පෙති 02ක් එකට තියලා වටේ කපලා අයින් කරන්න.
  • දැන් පාන් කැමති විදියකට කපලා Baking Tray එකක තියාගන්න.
  • ඊට පස්සේ බීට් කරගත්ත Custard එක පෙනේරයකින් පෙරලා පාන් ටික දාලා තියෙන Tray එකට දාගන්න.
  • හැම පාන් කැබැල්ලක්ම Custard වලින් පෙගෙන්න ඕනේ .නැත්නම් බේක් කරගන්නකොට කස්ටඩ් වැටිලා නැති ප්‍රදේශය කර වෙනවා.
  • අන්තිමට ඔයාට පුළුවන් වියලි මිදි ටිකකුත් උඩින් දාන්න.

දැන් තියෙන්නෙ බේක් කරන්න.

  • අවන් එකේ සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වයට විනාඩි 25 ක් 30 ක් බේක් කරගන්න ඕනේ.
  • හදාගත්ත පුඩින් එක තියෙන Tray එකට වඩා ටිකක් ලොකු Baking Tray එකකට වතුර බාගයක් විතර පිරෙන්න දාලා ඒ වතුර එක තියෙන Baking Tray එකට උඩින් පුඩින් එක තියෙන Tray එක තියලා බේක් කරන්න
  • ඊළඟට තියෙන්නෙ එළියට අරගෙන ටිකක් නිවුනට පස්සේ ice cream එක්ක කන්න.

ඔයාට පුළුවන් ගෙදරදීම අඩු මිලට රසම රස පුඩින් එකක් හදාගන්න.ඔයා විතරක් නෙමෙයි ගෙදර අයටත් හදලා දෙන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි ගෙදරට එන අමුත්තන්ට යාළුවන්ට ඉක්මනින්ම හදලා දෙන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here