සාමාන්‍යයෙන් Makeup කියන්නේ අපේ life එකේ වැදගත්ම දෙයක්.office ගියත්, party එකකට ගියත්, එළියට ගියත් කොහේ ගියත් make up දානවා වගේම bag එකෙත් අනිවාර්යයෙන්ම තියෙනවා.ඉතින් අපි makeup වර්ග නිතරම use කරනවානේ.Makeup කරනකොට හොදම වර්ගයේ brand use කරන්නත් ,ගොඩක් සැලකිල්ලෙන් step by step makeup කරන්නත් ගොඩක් ladies ලා අමතක කරන්නේ නෑ.එකට හේතුව තමා makeup කරද්දී skin එකට කිසිම damage එකක් වෙන්නේ නැති වෙන්න.
Makeup එක කරද්දී කොච්චර සැලකිලිමත් වුනත් ගොඩක් අය makeup remove කරද්දී නම් වැඩිය හිතන්නේ නැතුව ඔහේ remove කරලා දානවා.ඔන්න එතකොට නම් අපි හිතනවට වඩා ලොකු damage එකක් අපේ skin එකට වෙනවා.ඉතින් ඒ නිසා අද අපි hello ladies තුලින් කියනන හදන්නේ damage වෙන්නේ නැතුව හරියටම makeup එකක් remove කරන්නේ කොහොමද කියල.
Makeup remover products ready කරගන්න.

Makeup remove කරන්න නම් ඒ වෙනුවෙන් අවශ්‍ය products ඔයා ළග තියෙන්න ඕනේ.ඒ වගේම තමා products තෝරා ගන්නකොට ඔයාගේ skin type එකට match වෙන products තෝරාගන්න අමතක කරන්න එපා.මුලින්ම ඔයාගේ skin එකට match වෙන cleanser එකක් තෝරාගන්න ඕනේ.ඒ වගේම eye makeup remove කරන්න ඇස් වලටම විශේෂ වුනු eye cleanser එකක් use කරන එක තමා සුදුසු.
Makeup remove කරන්න කරන්න පටන් ගන්න කලින් ඔයාගේ කොණ්ඩේ පිටිපස්සට කරලා බැදගන්න.ඒ වගේම තමා මුලින්ම මුණ තෙත tissue එකකින් පිහදම්මොත් makeup අයින් කරන එක ලේසි වෙනවා.
මුලින්ම ඇස්

ඔයා කැමති ඔයාගේ skin එකට match වෙන cleanser අරගෙන ඔයාගේ ඇස් clean කරන්න.මෙහිදී පුළුන් කැබැල්ලකට හෝ Sponge කැබැල්ලකට cleanser අරගෙන තත්පර 10-20ක් විතරඇස් මත තියන්න.ඊට පස්සේ හිමින් makeup අයින් කරන්න. ඉදිරිපසට සහ පසුපසට පුළුන් කැබැල්ල ඇතිල්ලීමෙන් වළකින්න.සෙමෙන් ඇසේ කෙළවරට පිරිමැද පසුව පහළට පිරිමදින්න ඇස් ඉතාමත් සියුම් බැවින් තදින් ඇතිල්ලීමෙන් වළකින්න.
දෙවනුව තොල්

Lips වල makeup ඉක්මනින්ම remove කරන එක ගොඩක් වැදගත්.එහෙම නැත්නම් මුණේ අනිත් තැන් වලත් lipstick ගැවෙන්න පුළුවන්.ඔයා use කරන cleanser එක lips වල apply කරලා මිනිත්තු කීපයකින් අයින් කරන්න.හැබැයි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි lips තදින් අතුල්ලන හොද නෑ කියන එක.
Face makeup

ඊළඟට ඔයා කරන්න ඕනේ face එක clean කරන එක. පුළුන් කැබැල්ලක ඔයාගේ cleanser හොඳින් තවරන්න.ඊට පස්සේ එයින් මුළු මුණම හොඳින් පිරිසිදු කරන්න. කන පිටුපස, නළලේ කෙස් අතර makeup රැඳෙන නිසා ඒ තැන් හොදට clean කරන්න අමතක කරන්න එපා.ඊට පස්සේ නැවතත් මුහුණ normal වතුරෙන් හොඳින් සෝදන්න.
Clean කලාට පස්සේ.

Makeup remove කලාට පස්සේ skin එකට ඕන කරන පෝෂණය ලබා දීම ගොඩක් වැදගත්.ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් 100%ක් කෝමාරිකා සාරය අඩංගු කරලා හදලා තියෙන Aloe Vera Face Gel use කරන්න.Aloe Vera Face Gel එකෙන් ටිකක් අරගෙන මුණේ apply කරලා ටික වෙලාවක් හොදට massage කරන්න.
ඉතින් ඔයාට පුළුවන් අපේ hello ladies website එකෙන් 100%ක් කෝමාරිකා සාරය අඩංගු කරලා හදලා තියෙන Aloe Vera Face Gel එකක් ගෙදරටම order කරගන්න.
https://helloladies.lk/product/aloe-face-gel/
ඔයත් මෙච්චර කල් ඕනවට එපාවට makeup remove කරන්න ඇති.ඔන්න ඉතින් අද කියලා දුන්න විදියට step by step makeup remove කරන්න පුරුදු වෙන්න.එතකොට ඔයාගේ skin එක damage වලින් ආරක්ෂා වෙනවා වගේම ඔයාගේ තරුණ පෙනුමත් ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා.



