Dessert එකක් විදිහට අපි නිතරම ගන්නේ Ice Cream ,Salad ,කිරි පැණි ,එහෙමත් නැත්නම් Banana වගේ Fruit වර්ගයක්.ඒක ඉතින් එහෙම වෙන්නේ අපිට තියෙන Busy Life එක නිසා වෙන්න පුළුවන්.එහෙමත් නැත්නම් ඒ වගේ දේවල් හදන්න ටිකක් වැඩිපුර Time එකක් ඕනේ නිසා වෙන්නත් පුළුවන්.ඉතින් ඒ තරම් වදයක් විඳින්නේ නැතුව ඉක්මණින්ම රසම රස Dessert එකක් හදන්නේ කොහොමද කියලා මම අද ඔයාට කියලා දෙන්නයි යන්නේ.දැන් අපි හදමු Coconut macaroons.
අවශ්‍ය ද්‍රව්‍ය

- Desiccated Coconut cup 5 1/3ක්
- Milkmaid ටින් එකක්
- වැනිලා මේස හැන්දක්
මේ විදිහට හදාගමු

- සියල්ල එකට Mix කර හොඳින් අනාගන්න.
- පසුව Oil Paper එකක් දමාගත් තැටියක සාදාගත් මිශ්‍රණයෙන් කුඩා බෝල තැනින් තැන අතුරගන්න.
- සෙල්සියස් අංශක 170ට preheat කරගත් Oven එකක විනාඩි 15-18ක් පමණ රන්වන් පාට වනතුරු Bake කරගන්න.
දැන් ඉතින් ඔයාට පුළුවන් රසම රස Coconut Macaroons වල රස බලන්න.ඔයා හිතුවේ නැහැ නේද මෙච්චර Easy විදිහට විතරක් නෙමෙයි රසට හදාගන්න පුළුවන් වෙයි කියලා.තව දවසක හදලා බලන්න.



