ඉස්සර අපේ මුතුන් මිත්තන් ගත්ත ආහාර එක්ක බලද්දී අපි ඇත්තටම කන්නේ බොන්නේ සිරුරට හිතකර දේවල් නම් නෙමෙයි.දැන් අපි ඒක ගැන බලනකොට අපි ගන්න හැම ආහාරයකින්ම වගේ අපිට ලැබෙන්නේ සිරුරට හානී කරන side effect.සමහර වෙලාවට අපි මේ වගේ ආහාර රටාවකට හුරු වෙන්න ඇත්තේ අපේ තියෙන busy life එක නිසා වෙන්න පුළුවන්.ඒ කියන්නේ අපි office යනවා නම් උදේට කන්න වෙලාවක් නැහැ.එතකොට අපි පුරුදු වෙනවා short eats වර්ග ගන්න.ඊට පස්සේ දිගටම ඉතින් එහෙම තමයි.ඔහොම දිඟටම යනකොට දවල්ටයි රෑටයි තුන්වේලටම මේ විදිහට short eats කන්න තමයි පුරුදු වෙන්නේ.ඉතින් අපි ඒ ගැන හරියටම කතා කරමු.
සෙල්ලම්ද කෑම?

අද වෙනකොට හැමෝම වේල් 03නම short eats කන අය ඉන්නවා.මම කලින් කිව්වා වගේම මේ විදිහට ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ busy life එක.හැබැයි අපි මෙහෙම වැඩකුත් කරනවා.උදේ අවදි වුණාට පාස්සේ මුලින්ම tea එක බොනවා.ඊටපස්සේ උදේ 10 විතර වෙනකොට බිස්කට් වගේ දෙයක් එක්ක අයෙමත් tea බොනවා.ඊට පස්සේ කරන්නේ lunch එක ගන්න එක.lunch එකෙන් පස්සේ desert මොනවා හරිත් කනවා.ඊළඟට හවසට tea හරි coffee හරි දෙයක් එක්ක short eats මොනවා හරි ගන්නවා.හැමදේම ඉවර කරලා ගෙදරට ඇවිත් dinner එකටත් මොනවා හරි කෑවා කියමුකෝ.එතකොටත් ඉතින් desert ගන්නවා.ඉතින් ඔය විදිහට කන කාවහම ලෙඩ හැදෙන එක අහන්නත් දෙයක්ද?
ඉතින් ඔයාට මොකද හිතුනේ.මම කියපු දේවල් එක්ක ඔයාට තේරෙන්න ඇති අපි ගන්න ආහාර වේල් හත අටකින් වැඩි වෙලා තියෙනවා කියලා.
දැන් අපි example එකකට ඔයා ගමුකො.ඔයා office යන කෙනෙක්. ඔයා සාමාන්යයෙන් ගන්නා ආහාර වේල් වලට අමතරව office එකේ special Meeting එකක් තිබුනොත් එතැනදී කේක් ,තේ, කෝපි වගේ දෙයක් පානය කරනවා.එහෙමත් නැත්නම් ඔයා කවුරුහරි බලන්න ගෙදරකට ගියොත් ,එහෙමත් නැතිනම් කුමක් හෝ රාජකාරියකට කාර්යාලයෙන් බැහැරට ගියොත් ඒ අවස්ථාවලදීත් අමතර ආහාරයක් ගන්න ගොඩක් වෙලාවට සිදු වෙනවා.
ඒ විතරක්ද හිතන්න අපි film එකක් බලන්න ගියා කියලා.එතනදිත් අපි මොනවා හරි කන්න ගන්නවානේ. මේ හැම දෙයකින්ම වෙන්නේ අපි ගන්නා ආහාර වේල් ගණන වැඩි වීමම තමයි.
ශීත කල ආහාර

දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ.හැම ගෙදරකම fridge එකක් තියෙනවා.ඒ නිසා අපි fridge එක පුරවලා එක එක ජාතියේ කෑම වර්ග store කරලා තියෙනවා.අපි කෑම වර්ග දාලා තියන්නේ නිකන් නෙමෙයිනේ.අපිට අවශ්ය වෙලාවට ආහාරයට ගන්න.ඉතින් අපි fridge එක ලඟින් යන එන හැම වෙලාවේම පුරුදු වෙලා ඉන්නවා fridge එකේ තියෙන මොනවා හරි දෙයක් කන්න හරි බොන්න හරි පුරුදු වෙලා ඉන්නවා.හිතන්නකෝ අපි බිස්කට් කනවා කියලා.එතකොට අපේ ශරීරය තේරුම් ගන්නේ අපි ඒ ගත්තේ ආහාර වේලක් විදිහට.ඉතින් අපි ආහාර ගන්න ප්රමාණය සහ අපි ගන්න ආහාර වේල් ගණන වැඩි වීම අපේ සෞඛ්යයට විශාල තර්ජනයක්.
ඒ වගේම බඩට ආහාරයක් වැටුණු ගමන් ඒක ශරීරයට අවශෝෂණය කරගැනීමට අපේ එන්සයිම පද්ධතිය ක්රියාත්මක වෙනවා.මේ ආහාර වේල් ගණන වැඩි වීම අපේ මානව පරිණාමය පුරාවටම අපට දැකගන්නට ලැබුණු දෙයක් නෙවෙයි.ඊළඟට අපේ ශරීරයට මේ තත්ත්වය දරාගන්නට බැරි තත්ත්වයක් උදාවෙනවා.
බර ඩබල් වෙන වසංගතය

ඇත්තම කතාව තමයි මේ වෙනකොට හැමෝගෙම බර ඩබල් වෙනවා.හැමෝගෙම කියන්නේ හැමෝගෙම නෙමෙයි.ගොඩක් අයගේ.ඒකට හේතුව වෙන්නෙත් මේ කන කෑම තමයි.යුරෝපයේ සහ ඇමෙරිකාවේ මේ වෙනකොට අධික තරබාරුව 52% මට්ටමට පැමිණ තියෙනවා.අපි අනිත් රටවල් ගැන බලන්න කලින් අපි ගැන බලල ඉන්න ඕනෙනේ.ශ්රී ලංකාව ගැන කතා කළොත් අපේ රටේ ජනතාවගෙන් 32% ක් පමණ ප්රමාණයක් අධි බර තත්ත්වයට ගොදුරු වෙලා තියෙනවා.මීට අවුරුදු දහයකට කලින් මේ ප්රතිශතය සටහන් වෙලා තිබුනේ මීට භාගයකටත් අඩුවෙන්.අවුරුදු දහයක් ඇතුලත මේ තත්ත්වය දෙගුණ වීමට ප්රධාන හේතු වශයෙන් අපි ගන්නා ආහාර වේල් ගණන වැඩිවීම සහ අපි ගන්නා ආහාරවල ගුණාත්මකභාවයෙහි වෙනස්වීම් සඳහන් කරන්නට පුළුවන්.
බලන්න ඉතින් අපි හිතලමයිනේ මේ තරම් බර වැඩි කරගන්නේ.අපි අපේ බර මේ තරම් වැඩි කරගන්නේ නැතුව ලස්සනට සහ නිරෝගීව ඉන්න පුළුවන්.ඒත් අපි කරන්නෙම අනිත් පැත්ත.සාමාන්යයෙන් කෙනෙක්ට නරක දේවල් තේරුම් ගන්න තරම් ඉක්මනින් හොඳ දේවල් තේරුම් ගන්න අමාරුයි.ඉතින් අද ඉදන් හරි දේ කරන්න.මොකටද බර ඩබල් කරගෙන දුක් වෙන්නේ



