Like
Like Love Haha Wow Sad Angry
1

New year එකත් ආරම්භ වුණා.අපි ඉතින් නත්තලෙන් පස්සේ කඩිමුඩියේ ready වෙන්නේ අලුත් අවුරුද්දට.අලුත් ඇඳුම් ගන්නවා.ගෙදරට අවශ්‍ය දේවල් ගන්නවා.ඒ හැමදේමත් එක්ක අපි අලුත් අවුරුද්දේ වැඩ කරන එකටත් හොඳ plan එකක් හදාගන්න ඕනේ.ඒ වගේම කරන වැඩ හොඳ motivation එකක් තියාගෙන කරන්න try කරන්න.ඉතින් විස්සයි විස්ස success කරගන්න ඔයාට හොඳ tips ටිකක් මම අද කියලා දෙන්නම්.මේ tips ටික හරියටම කළොත් නම් ඔයා success වෙන එක simple වැඩක්.

01) ආකල්ප වෙනස් කරගන්න

පරණ ආකල්ප වෙනස් කර ගන්න එක නම් කරන්නම වෙනවා.මොකද ඔයා පරණ අවුරුද්දේ විදිහටම වැඩ කරනවා නම් අලුත් අවුරුද්දට වෙනස් වෙන්න බැරි වෙනවා.පරණ අවුරුද්දේ සිදු වුණ සිත් අමනාපකම්, තරහා, සිත් තැවුල් අමතක කරන්න.ඔයාගේ අතින් සිදුවූ වැරදි නිවැරදි කර ගන්න උත්සහ කරන්න.ඒක ඔයාගේ අලුත් බලාපොරොත්තු ඉටු කර ගන්න ගොඩක් පුළුවන් වෙනවා.

අනිත් කාරණාව තමයි අපි ගොඩක් වෙලාවට ඇත්ත පිළිගන්න කැමති නැහැ.අන්න ඒක නම් වෙනස් කරගන්න වෙනවා. මොකද 2019 කියන්නේ අවුරුද්ද ගෙවිලා ඉවරයි.ඉතින් අලුත් අවුරුද්දේ අපි ඇත්තට මුහුණ දෙන්න ඕනේ.ඉතින් ඔයා හිතාගන්න මේ අවුරුද්දේ යථාර්තය එක්ක ජිවත් වෙනවා කියලා

02) Plan කරන්න

2019 වසර ගෙවුණා දන්නෙත් නැහැ.මොකද ඉතින් plan එකක් නැහැනේ.ඔයා දැන් ඔහොම හිටියට බරපතල විශේෂ වැඩ තියෙන කෙනෙක්ට නම් ඔය time එක ගොඩක් වටිනවා.වටිනවා කියන්නේ එහෙම අයට කාලය කොච්චර තිබුනත් මඳි.අන්න ඒකයි කියන්නේ කාලය රන් හා සමානයි කියලා.ඒ නිසා මේ අවුරුද්දෙවත් හොඳ plan එකකට වැඩ කරන්න.2020 year එක නිකන්ම ගෙවිලා යන්න දෙන්න බැහැනේ.මේ අවුරුද්දේ මම මේ දේ කළා.මම success කියලා ආයිමත් හැරිලා බැලුවම පේන්න තියෙනවා නම් ඒක තමයි වටිනාකම.

03) අතාරින්න එපා

2019දී ඔයාගේ අතින් වැරදි සිදු වෙන්න ඇති.එහෙමත් නැත්නම් ඔයාට තව කාගෙන් හරි වැරදි වෙන්න ඇති.ඒ දේවල් නිසා ඔයා පසුතැවෙන්න ඇති.හැබැයි මේ අවුරුද්දේ නම් ඒ වගේ දේවල් වෙන්න ඉඩ හදාගන්න එපා.ඔයා මතක් කරලා බලන්න ඔයාට වැරදුනු තැන් කොතනද කියලා.ඊට පස්සේ ඒ දේවල් වලින් ඔයාගේ life එකට ගන්න පුළුවන් දේවල් අරගෙන ඒ හැමදෙයක්ම අමතක කරන්න.ඒ වෙනුවට ශක්තියෙන් ඉවසීමෙන් කටයුතු කරන්න.

ඒ වගේම ඔයාගේ අසාර්ථක වීම් ගැන පසුතැවිලි වෙන්න එපා.අලුත් බලාපොරොත්තු ඇති කරගන්න.ඔයාගේ සිත රිදවන affair වලින් ඈත් වෙලා සැලකිලිමත්ව මේ නව වසරේ සම්බන්දකම් ඇති කර ගැනීමට වගබලා ගන්න.ධනාත්මකව සිතන පුද්ගලයින් ඇසුරු කරන්න.

අනිත් කාරණාව තමයි ඔයාගේ කම්මැලිකම නිසා සහ ඔයාගේ අතින් පැහැර හැරුණු වැඩකටයුතු හා සිදුවූ අඩුපාඩු නිවැරදිව හදාගෙන ඉදිරියට යන්න අධිෂ්ඨාන කරගන්න.ඒකෙන් ඔබගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හා ඒ තුලින් ඔබට නව අවස්ථා උදා කර ගැනීමටත් ඔබට කාර්යක්ෂමතාවයෙන් යුතුව වැඩ කර ගැනීමට හැකියි.

04) ඔයා නොකරනම දෙයක් කරන්නම වෙනවා

අපි කවදාවත් අපිව අගය කරන්නේ නැහැනේ.හැමවෙලාවෙම කියන්නේ මට බැහැ.මම කරපු වැඩේ හරියන එකක් නැහැ.අරයා නම් හොඳට කරනවා.මට වඩා හොඳට කරන නිසා boss එයාට කැමති.මට මොකුත් බැහැ කියන negative thinking තමයි හැමදාම ඔයාගේ මගේ හිතේ තිබුණේ.හැබැයි මේ අවුරුද්දේ නම් ඒ විදිහට කරන්න ලෑස්ති වෙන්න එපා.මේ අවුරුද්දේ ඔයා ඔයා ගැන positive විදිහට හිතන්න.ඔයා ලබන පොඩි ජයග්‍රහණ ගැන ගොඩක් සතුටු වෙන්න.එහෙම නැත්නම් ඔයාට කවදාවත් ඔයා ගැන සතුටු වෙන්න විදිහක් නැති වෙයි.

ඉතින් දැන් ඔයාට බය නැතුව 2019න් 2020ට අඩිය තියන්න පුළුවන්.මුලින්ම 2020ට හොඳම හොඳ plan එකක් ගහගන්නකෝ .එතකොට ඔයාට වරදින්නේ නැහැ.උදාවන නව වසරය Hello ladies අපෙන් සුබ පැතුම්.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here