සාමන්‍යයෙන් Mother In Law ගැන කතා කරනකොටම මතක වෙන්නේ සැර පරුෂ කෙනෙක්නෙ.මොකද අපි හැමෝම හිතේ මවාගෙන ඉන්නේ ඒ වගේ කෙනෙක්ගේ රූපයක්.හැබැයි දැන් නම් ඒ වගේ නැන්දම්මලා ගොඩක් අඩුයි.ඒ කොහොම වුණත් පුතෙක් බන්දලා දුන්නම අලුත එන ලේලිත් එක්ක පොඩි දේකට හරි රණ්ඩුවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මම අද කියලා දෙන්නම් Mother In Law Shape එකේ තියාගන්න Tips ටිකක්.
පුතාගේ අයිතිය අම්මට

අම්ම තමන්ගේ පුතාව කසාද බන්දලා දුන්නට එතනදී තමයි අම්මට පුතාගෙ අයිතිය අත අරින්න බැරුව ගැටුම් ඇතිවෙන්න පටන් ගන්නෙහයි ඉතින් අපි මේ ඉන්නේ තමන්ගේ Husbandගේ අම්මනේ,එහෙම දරුවාව එක පාරටම හිතින් අත ඇරලා දාන්න කාටද පුළුවන්.ඔන්න ඔය කාරණාව ගැන හිතුවා නම් ඔයාට Mother In Law එක්ක වැඩ කරන එක නම් ආමාරු වැඩක් නෙමෙයි.ඒ වගේම පරණ විදිහට අම්මටයි පුතාටයි ඉන්න දෙන එක කෝකටත් ඇඟට ගුණයි.
තීරණ ගන්නේ කව්ද

සාමන්‍යයෙන් Family එකක් වුණාට පස්සේ Life එකේ ඉස්සරහ ගැන හිතන්නම ඕනෙනේ. ඒ වගේ වෙලාවට ඔයා කැමති එයත් එක්ක ඔයා කතා කරලා තීරණ ගන්න.හැබැයි මෙච්චර කල්යල් අම්මගෙන් අහලා හැමදෙයක්ම කරපු පුතා Wife ගෙන් අහලා හැමදෙයක්ම් කරනවා නම් අම්මත් ටිකක් Upset වෙනවා.ඒ නිසා ඒ වගේ වෙලාවට පොඩ්ඩක් කපටි වෙලා තීරණ ගැන Mother in law එක්ක කතා කරලා බලන්න.එතකොට නම් එයට ගොඩක් සතුටු හිතෙයි
රුසියාවට වඩා උසයි ඉරිසියාව

සාමාන්‍යයෙන් අලුතෙන් ගෙදරට ලේලි කෙනෙක් ආවහම mother in law වැරදි හොයන එක සාමාන්‍ය දෙයක්.දැන් mother in law ඔයාට බනිනවා.නැති වැරදිත් කියනවා,දන්නෙත් නැහැ.ඉතින් ඒ වගේ වෙලාවට ඔයා කරන්න ඕනේ mother in law එක්ක රණ්ඩු වෙන්න යන එක නම් නෙමෙයි.ඔයා ඇහුනේ නැහුණ ගානට ඉන්න.එතකොට කියවල කියවලම ඇති වුණහම mother in law කියවන එක,බනින එක නතර කරයි
පොඩි පොඩි Gift

gift කියන්නේ හැමෝම කැමති දෙයක්නේ.ඉතින් mother in law shape කරගන්න නම් ඉදලා හිටලා එයාට gift එකක් දුන්නට කමක් නැහැ.birthday එකට වගේ නම් එයා කැමතිම දෙයක් ලබා දෙන්න.එහෙම නැත්නම් වෙන special අවස්ථාවක් නම් පොඩි gift එකක් අරන් දෙන්න.නැත්නම් ඇඳුමක් වගේ දෙයක් වුණත් දෙන්න පුළුවන්.එතකොට නම් ඉතින් නැන්දම්මා සතුටු වෙනවා වගේම ඔයාට ආදරෙත් කරයි
ඔන්න දැන් ඔයාට බය නැතුව mother in law එක්ක ගනුදෙනු කරන්න පුළුවන්.රණ්ඩු වෙන්න ඕනෙත් නැහැ.මම දැන් කියපු දේවල් හරියම කලොත් නම් mother in law shape කරගන්න එක simple



