ගොඩක් Girls ලා තමන්ගේ පියයුරු ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒත් සමහරු නම් එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. සිරුරට සුන්දර පෙනුමක් ලබාදීම, මව්කිරි ලබාදීම වගේම පියයුරු විශාල කාර්යභාරයක් එය ඉටුකරනවා. සමහර girlsලට තියෙන ගැටළුවක් තමයි පියයුරු වල වේදනාවක් ඇතිවීම. සමහරුන්ට එම වේදනාව විවිධ මට්ටමෙන් දැනෙන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ පියයුරු වල වේදනාව ඇති වෙන්න විවිධ හේතුන් පැවතිය හැකියි.
මාසික ඔසප්වීම බොහොම ලඟයි.
ගොඩක් වෙලාවට girlsලට බහුලවම පියයුරු වේදනාවන් ඇතිවෙන්නේ මාසික ඔසප්වීම ලංවීමත් සමඟයි. එය සිදුවෙන්නේ මාසික ඔසප්වීම ආසන්නයේ ඇතිවෙන හෝර්මෝනමය වෙනස්වීම් හේතුවෙන්. Estrogen,progesterone සහ prolactin යන හෝර්මෝන නිකුත්වීම එක්ක මේ වේදනාවන් ඇතිවෙනවා. බොහෝවිට පියයුරු දෙකේම මේ වේදනාව ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැන ඔයා බිය විය යුතු නැහැ. ඔසප්වීම අවසන් වෙද්දි මේ වේදනාවත් නැතිවෙලා යනවා.
Fibrocystic breast tissue
මෙය girlsලගේ පියයුරු අභ්‍යන්තර තන්තුමය ස්වභාවය වර්ධනය වීම එක්ක ඇතිවෙන තත්වයක්. සමහරවිට මෙය එක්තරා විදිහක රෝගී තත්වයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ නිසා පියයුරු මාංශපේෂී තද ස්වභාවයක් ගෙන හෝර්මෝන වෙනස්වීම් වලදි වේදනාකාරී තත්වයක් ඇතිවිය හැකියි. අවශ්‍ය නම් නාරිවේද (Gynecology) වෛද්‍යවරයෙක් හරහා පරික්ෂා කරගන්න පුළුවන්.
පපුව අභ්‍යන්තර තුවාල
සමහර විට පපුව හෝ ඉළ ඇට අතරේ තුවාල තත්වයක් හෝ ගෙඩියක් වැනි දෙයක් ඇතිවීම නිසා පියයුරු වේදනා ඇතිවෙන්න පුළුවන්. හැබැයි මේ වේදනාව අධික ලෙස දීර්ඝකාලයක් තිස්සේ ඇති විය හැකියි ,එලෙස එන්න එන්න වේදනාව වැඩි වෙනවා නම් වෛද්‍යවරයෙක් හමුවෙලා අභය්තර තුවාලයක් තිබෙනවද කියලා පරික්ෂා කරලා බලන්න.
විෂ ගෙඩියක්
පියයුරු මත ඉදිමුමක් හෝ විෂ ගෙඩියක් එහෙමත් නැත්නම් විසප්පුවක් වගේ තත්වයක් නිසාත් දින කිහිපයක් තිස්සේ පියයුරක් හෝ පියයුරු දෙකම මත වේදනාවක් දැනෙන්න පුළුවන්. හැබැයි මේ වේදනාව අභ්‍යන්තරයෙන් දැනෙන වේදනාවක් ලෙස නොව බාහිර වේදනාවක් විදිහට දැනෙන්නත් පුළුවන්.
පියයුරු අධික ලෙස විශාලවීම
ඔයාගේ පියයුරු අධික විදිහට විශාල නම් නිතරම ඔයාගේ පියයුරු වේදනා දෙන්න පුළුවන්. මොකද ඇවිදිද්දී සහ වෙනත් ක්‍රියාකාරකම් වල යෙදීමේදී මෙම විශාල පියයුරු එල්ලාවැටීම සහ පැද්දීම නිසා පියයුරු අඅභ්‍යන්තර භ්‍යන්තර තන්තු වෙහෙසෙනවා. ඒ වගේ අවස්ථා වලදී වේදනාවන් ඇතිවිය හැකියි.
ආසාදන තත්වයක්
මව්කිරි දීමේදී හෝ ඉන් පසුව සමහර අයට පියයුරු ආසාදාන ඇතිවෙන්න පුළුවන්. මව්කිරි ගමන් කරන නාල තුල විෂබීජ හෝ වෙනත් බැක්ටීරියා වර්ධනය වීම නිසා ආසාදන ඇතිවී විවිධ ශ්‍රාවය නිකුත්වීම නිසා පියයුරු වේදනාවන් ඇති වෙනවා. එම වේදනවා සඳහා වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් සහ ප්‍රතිකාර ලබා ලබාගන්න.
පියයුරු පිළිකා
මෙය ටිකක් භයානක තත්වයක්. සාමාන්‍යයෙන් වයස 35 ට වැඩි කාන්තාවන්ට මේ අවදානම ටිකක් වැඩියි. පියයුරු වේදනාව දීර්ඝ කාලීනව පවතිනවා නම් හෝ පියයුරු ආශ්‍රිතව ගැටිති වැනි ස්වභාවයෙන් යුක්ත නම් වහාම පරික්ෂා කරගෙන ඊට ප්‍රතිකාර ලබාගන්න. එය මුලින්ම හඳුනගෙන ප්‍රතිකාර කළොත් නිට්ටාවට සුවපත් කරගන්න පුළුවන්. ඒ නිසා සුවනාරි සායනයක වසරකට වරක්වත් සහභාගී වෙන එක ගොඩක් වැදගත්.
ඔයාටත් මේ විදිහේ පියයුරු වේදනා තත්වයන් ඇති වෙනවා නම්, ඒ ගැන ලොකු අවධානයෙන් ඉන්න. එවැනි අවස්ථාවන් වලදී වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා.



