Like
Like Love Haha Wow Sad Angry

ප්‍රතිඔක්සිකාරක ගුණාංග අපේ සිරුරට ගොඩක් වැදගත්. සාමන්‍යයෙන් විද්‍යාත්මකව නම් ප්‍රතිඔක්සිකාරක ගුණාංගය තීරණය කරන්නේ ORAC යනුවෙන් අගයක් භාවිතා කරමින්. ඒ අනුව ස්වභාවිකව ඇති විශාලතම ප්‍රතිඔක්සිකාරක ප්‍රභවය තමයි කුරුඳු. අපි කුරුඳු භාවිතා කරන්නේ රස කාරකයක්, එහෙමත් නැත්නම් කුළුබඩුවක් විදිහටයි. හැබැයි කුරුඳු වල ස්වභාවික රසකාරකයකට එහා ගිය ඖෂධීය වටිනාකමක් තියෙන බව ඔයා දැනගෙන හිටියද?

කුරුඳු වල පොටෑසියම් , කැල්සියම් , මැග්නීසියම් ,යකඩ, තුත්තනාගම් ,මැන්ගනීස් යන පෝෂකයන් අනූන වන අතර විටමින් A, නියැසින් ,පැන්ටෝතෙනික් අම්ලය , පයිරිඩොක්සීන් , කැරොටීන් , සිය සැන්තීන් , ලුටින් , Cryptocurrencies යන ක්ෂුද්‍ර පෝෂක ද බහුලයි.

කුරුඳු ඖෂධයක් ලෙස භාවිතා කිරීම

කුරුඳු කියන්නේ දියවැඩියාවට මහඟු ඖෂධයක්. ඒ වගේම ශරීරයේ බර අඩු කර ගැනීමට, කොලෙස්ටරෝල් පාලනයට, අනවශ්‍ය මේද කොටස් දහනයට, වයසට යාම පාලනය කිරීමට, රුධිර නාල අවහිර වීම්, අංශභාගය වැලකීමට සහ ආහාර මාර්ගයේ සුනම්‍ය බව ඇති කිරීමට කුරුඳු වලට හැකියාව තියෙනවා.

ඔයාට කුරුඳු වල ගුණ ලබා ගන්න නම්, හොඳම විදිහ තමයි කුරුඳු අඩංගු green tea එකක් ලබාගන්න පුළුවන්.

විශේෂයෙන්ම කුරුඳු, ගොරකා, සුදුළූණු අඩංගු green tea එකක් use කරලා බලන්න. මොකද එමඟින් එමඟින් ඔයාගේ සිරුරේ තරබාරු බව අඩු කරලා නිරෝගීව බව රැක දෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here