Like
Like Love Haha Wow Sad Angry

පැණිරසට අකමැති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ඒ අහම්බෙන් කෙනෙක් තමයි ඒ තරමට ලොකු පුංචි ඕනම කෙනෙක් පැණිරසට කැමතියිනේ.හැබැයි ඉතින් දැන් කාලේ හැටියට ඕනවට වඩා පැණිරස කන එක නම් නුවණට හුරු නෑ.මම එහෙම කිව්වේ දත් පණුවෝ කන නිසා නෙවෙයි.දියවැඩියාව කියන්නේ දැන් සුලභ රෝගී තත්ත්වයක් වෙලා තියෙන නිසා.කොහොම වුණත් සාමාන්‍යයෙන් එදිනෙදා කෑම ගොඩක් සෞඛ්‍ය සම්පන්නව, ශරීරයට හිතකර විදියට අරගෙන, ඉඳලා හිටලා Sweet කෑමක් කෑවට මුකුත් වෙන්නේ නැහැනේ.ඉතින් sweet කන්න කැමති අයට ගෙදර ඉදන්ම හදන්න පුළුවන් easy sweet recipes ටිකක් තමයි අද මම අරගෙන ආවේ.

කජු Toffee

අවශ්‍ය ද්‍රව්‍ය

  • කජු මද 50 g යි
  • සීනි 250g යි
  • Butter
  • කිරි කෝප්ප 1/2
  • Toffee mixer එක දාන්න තැටියක්
  • Rose water

මේ විදිහට හදාගමු

  • මුලින්ම සීනි වලට කිරි දාලා දියකරන්න.
  • ඊට පස්සේ butter ටිකත් mix කරලා ළිපේ තියලා රත් කරගන්න.
  • මිශ්‍රණය උකුවනකොට හීනියට කපාගත්ත කජු මද ටික එකතු කරන්න.
  • ඊට පස්සේ ඝන වෙනකන් ලිපේ තියන්න.
  • අන්තිමට rose water apply කරපු තැටියකට දාලා නිවුණු පසු කපාගන්න.

Jujubes

අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි 1kg යි
  • වතුර 500ml යි
  • ජෙලටීන් 200g යි
  • උණු වතුර 100g යි

මේ විදිහට හදාගමු

  • මුලින්ම සීනි හා වතුර භාජනයකට දාලා උණු කරගන්න.
  • මේ මිශ්‍රණය හැන්දකට දාලා පිඹින කොට නූල් විහිදෙන පදමට හදගන්න.
  • දැන් උණුකර ගත් වතුර 100ml වෙනම අරගෙන ජෙලටීන් දිය කරලා මුලින්ම හදාගත්ත මිශ්‍රණයට add කරලා mix කරගන්න.
  • ඊළඟට මේ මිශ්‍රණය තැටියකට දාලා fridge එකට දාන්න.fridge එකක් නැත්නම් පැයක් විතර තියන්න.
  • මිශ්‍රණය කැටි ගැසී ඝන වුණාට පස්සේ ඔයාට ඕන කරන හැඩයකට කපා ගන්න.
  • අන්තිමට කපාගත්ත jujubes icing sugar වල දවටා ගන්න.

Marshmallow

අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි 01kg යි
  • ජෙලටීන් 100g යි
  • ඇල් වතුර 750g යි
  • Coloring
  • Icing sugar
  • Butter
  • Tray එකක්

මේ විදිහට හදාගමු

  • ජෙලටීන් වලට වතුර 300ml පමණ මිශ්‍ර කර විනාඩි 15ක් තියන්න.
  • දැන් වෙනත් බඳුනක් ගෙන එයට ඇල් වතුර දමා ඊට සීනි ද එකතු කර ළිප තබන්න.
  • මෙම මිශ්‍රණය පැණි වනතුරු හැඳි ගාන්න.
  • මිශ්‍රණය ළිපෙන් අරගෙන ජෙලටීන් එකතු කර හොඳින් කූරු ගාලා ආයෙමත් මඳ ගින්නේ තියන්න ඕනේ.
  • විනාඩි 4 – 5කින් පසු ළිපෙන් බාගෙන ඝන වනතුරු හොඳින් ගසා ගන්න.
  • ඊටපස්සේ coloring එකතු කරන්න.
  • දැන් Tray එකේ butter තවරාගෙන මිශ්‍රණය තැටියකට දමා ගන්න.
  • හොඳින් නිවුණු පසු කැබැලිවලට කපා ගෙන icing sugar වල දවටා ගන්න.

මෙච්චර කල් රස කර කර කඩෙන් අරගෙන කෑව sweet ජාති ගෙදර හදන්න හරි ලේසි කියලා දැන් තේරෙනවා නේද? ඉතින් දැන්ම try කරලා බලන්නකෝ.ඔයාටත් රසම රස අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here