ඔයා හිතන්නේ සතුට කියන්නේ මොන වගේ දෙයක්ද ? සතුට නැත්නම් සන්තෝශය කියන්නේ අපි කැමති දේවල් සිද්ද වෙන එකට. එහෙම නැත්නම් අපි කැමති කෙනෙක් එක්ක ඉන්න එකට. මේ වගේ ඔයාට එක එක උත්තර තියෙන්න පුළුවන්. හැබැයි අපි සතුට කියන දේ ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි කියන්න යන්නේ සතුටින් ඉන්නේ කොහොමද කියලා.
ඔයා සතුටින් ඉන්නවා කියලා දැන ගන්නේ කොහොමද?

මනෝවිද්‍යාවේ නම් ඒකට එක එක ක්රම තියෙනවා.හැබැයි ඇත්තටම සතුටින් ඉන්නවා කියලා දැන ගන්නේ කොහොමද? අපි කැමති දේවල් ලැබෙන කොට අපි ආදරේ කරන අය අපිත් එක්ක ඉන්න එකට.හරියටම කියනවානම් අපිට හොද feeling එකක් දැනෙන එකට.විශේෂයෙන්ම ඔයාට positive විදියට හිතන්න පුළුවන් නම් හැම වෙලාවේම ඔයාට සතුටක් දැනෙයි.
සතුට බෙදෙන වර්ග
ඇරිස්ටෝටල් කියන විදියට සතුටේ කොටස් දෙකයි. එකක් තමන්ට හොදයි කියලා හිතෙන දේ කිරීම. අනිත් එක තමයි අනෙක් අයගේ සතුට වෙනුවෙන් වැඩ කිරීම.ඒ කොහොම වුණත් සතුටින් ඉන්න මේ දෙකම වැදගත් වෙනවා.
මොනවද මේ සතුට බෙදෙන වර්ග?
ප්‍රීතිය
ඒ වෙලාවේදී දැනෙන සතුට තමයි ප්‍රීතිය කියල කියන්නේ.
උද්දීපනය
POSITIVE විදියට හිතලා මොනවම හරි බලාපොරොත්තුවෙන් ඉන්න එක තමයි අනිත් සතුට
ස්තූති කිරීම
ඔයා හිතුවේ නැහැ නේද තව කෙනෙක්ට THANK YOU කියන එක සතුටක් වෙයි කියලා.හැබැයි ඒක එහෙම තමයි.
ආඩම්බර වීම.
ඔයා දෙයක් කරලා ආඩම්බරවීමත් එක්තරා විදිහක සතුටක් තමයි.
සතුටින් ඉන්න පුරුදු වෙන්නේ කොහොමද?

සමහර අය නම් ඉන්නෙම සතුටින්. හැබැයි ගොඩක් දෙනා කියන්නේ සතුටක් නෑ කියලා. ඇයි ඒ? ගොඩක් දේවල් එකතු කරනවා වෙනුවට බෙදා ගන්න. ඔයා ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න එපා.ඉන්න මොහොතේ සතුටින් ඉන්න. Negative දේවල් හිතන්න එපා.සිද්ද වෙන හැම දෙයක් ගැනම සතුටින් හිතන්න.එතකොට ඔයාට අමුතුවෙන් පුරුදු වෙන්න ඕනේ නැහැ.
සතුටේ වාසි

ඔයා හිතුවද සතුටින් ඉන්න එකෙන් ඔයාට ලැබෙන වාසි මොනවද කියලා.
• Positive feeling නිසා හිතට සතුටක් දැනෙනවා.
• දුකෙන් ඉන්න අයට වඩා අවුරුදු 13ක් වැඩිපුර ජීවත් වෙන්න අවස්ථාවක් ඔයාට ලැබෙනවා.ඒ කියන්නේ ඔයාගේ ආයුශ දිඟු වෙනවා.
• ඔයාට හොද දරාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා දුක් වෙන්නේ නෑ.
• healthy වෙනවා
• ලෙඩ හැදෙන්නේ ගොඩාක් අඩුවෙන්
සතුට වැඩි කර ගන්න මොනවද කරන්න ඕනේ.
ඔයාගෙ සතුටෙන් 50%ක්ම ලැබෙන්නෙ ඔයාගෙ ජීවිතේ ගෙවන මට්ටමෙන්. ඒ වගේම 10% බාහිර දේවල් වලින්. අනෙක් 40%ම ලැබෙන්නේ ඔයා කරන කියන දේවල් වලින්. ඔයා සතුටින් ඉන්න ඔයාට කරන්න පුලුවන් මොනවද කියල අපි බලමු
• ව්‍යායාම කරන්න. මොකද ඔයාගෙ health එක හොදනම් ඔයා සතුටින් ඉන්න ඉඩකඩ වැඩිනේ.
• මොනවම හරි දෙයක් ලියන්න. ඔයාගෙ එදිනෙදා වැඩ DIARY එකක ලියන්න. නැත්නම් කවියක් ලියන්න try කරන්න
• නිතරම සතුටින් ඉන්න අයව ආශ්‍රය කරන්න.
• ඔයා කැමති සහ දක්ශ දේවල් කරන්න.
සතුටින් ඉන්නකොට ඔයාට විවිධ challenge එන්න පුලුවන්. ඒත් ඒ ගැන ගොඩක් හිතන්න එපා. ඔයාගෙ සතුටට හේතුව ඔයාමයි. ඒ නිසා හැම වෙලාවකම සතුටින් ඉන්න අමතක කරන්න එපා.



