ඔයාට මතකද මාර අමාරුවෙන් උදේ පාන්දරම නැගිටිලා office , class දුවපු කාලයක් තිබ්බා කියලා.ඒ කාලේ ඔයා හැමදාම හිතින් ප්‍රර්ථනා කරපු දෙයක් තමයි පාරවල් ගානේ බස් වල රස්තියාදු වෙන්නේ නැතුව ගෙදරට වෙලා වැඩ කරන්න තිබ්බා නම් කියන එක.ඔයාගේ වාසනාවකට හෝ අවාසනාවකට හැමදාම හිතින් හිතපු අවස්ථාව ලැබිලා ඉවරයි. Covid -19 වසංගතය නිසා ගොඩක් අය work from home කියන සංකල්පයට යොමු වෙලා ඉවරයි. ගෙදර ඉදන් වැඩ කරන ගොඩක් දෙනෙක් office table එක විදියට use කරන්නේ තමන්ගේ bed එක. ඔයාගේ bed එකේ මුළු දවසම ගත කරන එක mind එකට ලොකු relax එකක් කියලා හිතුවට ඒක සම්පුර්ණයෙන්ම වැරදි.මෙච්චර දවසක් වැඩ කරපු Temporary bed office එක ඔයාගේ මානසික සහ ශාරීරික යහපැවැත්මට ලොකු damage එකක් කරනවා කිව්වොත් ඔයා පුදුම වෙයි.
හරියට නින්ද යන්නේ නැහැ

අපේ මනස සමහර ක්‍රියාකාරකම් සමහර ස්ථාන සමඟ සම්බන්ධ කරගෙන ඉන්නවා.අපි ඒ දේවල් mix කලොත් මනස ව්‍යාකූල වෙලා ගැටළුවක් ඇති කරනවා.උදාහරණයක් විදියට ඔයා වැඩ කරනකොට, ඇදට වෙලා film එකක් හෝ පොත් කියවන කොට ඔයාගේ මනස, ඇඳ වැඩ කරන තැනක් විදියට තමයි අදුරගන්නේ.මේ දේවල් අවදිවී සිටීම සමඟ සම්බන්ධ වන අතර එමඟින් මනස ව්‍යාකූල වෙනවා.අන්න එතකොට තමයි රෑට නිදාගන්න අමාරු වෙන්නේ.ඔයාට සුව නින්දක් ඕනේ නම් අදින් පස්සේ ඔයාගේ ඇඳ office table එක විදියට නම් use කරන්න එපා .
ඇගේ පතේ අමාරු

ඇඳෙන් වැඩ කරනකොට හොඳ ඉරියව්වක් පවත්වා ගැනීම ගොඩක් අමාරු දෙයක්.ඔයා ඇඳ උඩ වාඩි වෙලා හිටියත් කද ඍජුව තියාගන්න බැරි නිසා බෙල්ල සහ කොන්දේ වේදනාව ඇති වෙන්න පුළුවන් .ඊට අමතරව බඩ කොරවෙන්න වගේම අතපය හිරි වැටෙන්නත් මේ වැරදි ඉරියව් හේතු වෙනවා.නිරන්තර මේ වැරදි ඉරියව් භාවිතා කලොත් ඔයාට මාංශ පේශි රෝග ඇති වීමේ අවධානමක් ඇති වෙන්න වුණත් බැරිකමක් නැහැ .
Mindset එකට හොද නැහැ

Bed room එක කියන්නේ තරමක් අදුරු කරලා තියෙන වඩාත් සාමකාමී විදියට නිදා නිදාගන්න පුළුවන් තැනක්නේ.ඉතින් ඒ වගේ වාතාවරණය මත වැඩ කිරීම ඔයාගේ mind එකට negative විදියට තමයි බලපාන්නේ.මොකද සූර්යාලෝකය කියන්නේ අපේ mind එක ස්වාභාවිකම ශක්තිමත් කරගන්න පුළුවන් දෙයක්.කාමරයේ අඳුරු ආලෝකය ඔයාට නිදිමත ඇති කරනවා වගේම ඔයාගේ ඔබේ ඇස් වෙහෙසට පත් කරවනවා.ඉතින් පුළුවන් හැම වෙලේම ජනේල තියෙන හොඳින් ආලෝකමත් කාමරයකට වෙලා වැඩ කරන්න පුරුදු වෙන්න.
energy එක නැති කරනවා

Office එකේ තියෙන වටපිටාව තුල නම් ඔයාට හිත එක වැඩකට යොමු කරලා නිදහසේ වැඩ කරන්න පුළුවන්.හැබැයි ගොඩක් අය ගෙදර ඉදලා වැඩ කරන්න පටන් ගන්නේ morning wash එකවත් නැතුව.උදේ නැගිට්ට ගමන් ඇදේ ඉදලම laptop එක on කරලා office වැඩ පටන් ගන්නවා .ඇත්තටම මේ ක්‍රමය නිසා කම්මැලිකම වගේම නිදිමත ඇති වෙන්නේ හිතන්නේවත් නැති විදියට.එතකොට ඔයාට වැඩ කරන්න තියෙන ආසාවත් නිකන්ම නැති වෙලා යනවා.මේ දේ නැති කරගන්න නම් උදේම නැගිටලා wash එකක් එහෙම දාගෙන මේසෙක ඉගෙන වැඩ කරන්න පටන් ගන්න පුරුදු වෙන්න.
නැති ලෙඩ ඇති වෙන්න පුළුවන්

ඇඳක් මත හෝ එකම ස්ථානයක දීර්ඝ කාලයක් වාඩි වී සිටීම කියන්නේ ඔයාගේ සමස්ත සෞඛ්‍යයටම අහිතකර දෙයක් .දිනකට පැය හයකට වඩා වැඩි කාලයක් වාඩි වෙලා ඉන්න අයට හෘද රෝග, පිළිකා සහ වකුගඩු රෝග ඇතුළු බෝ නොවන රෝග ඇතිවීමේ අවධානම 60%ක් කියලා හොයාගෙන තියෙනවා.අඩුම තරමේ දවසට පැය බාගයක්වත් ගෙදර වත්තේ ඇවිදීම හරි සරල ව්‍යායාම කීපයක යෙදෙන්න හරි අමතක කරන්න එපා .
Covid -19 වයිරස් එකත් එක්ක අපිට කොච්චර කාලයක් work from home කියන සංකල්පය use කරන්න වෙයිද දන්නේ නැහැ . ඉතින් ඒ නිසා office වැඩ වගේම ඔයාගේ healthy life එකත් balance කරගෙන ඉන්න පුරුදු වෙන්න ඕනේ .



