දියවැඩියාව කියන්නේ මේ වෙනකොට ලෝකයේ ගොඩක් ජනප්‍රිය රෝගයක්. රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස වැඩිවීම තමයි දියවැඩියාව කියලා කියන්නේ. දියවැඩියාවේ ප්‍රභේද 2 ක් අපිට හදුනාගන්න පුළුවන්.එනම් පළමු වර්ගය (Type I) හා දෙවන වර්ගය (Type II). මේ අවස්ථා දෙකේදීම සිදුවෙන්නේ සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය සිදුනොවීම සහ නිපදවෙන ඉන්සියුලින් ක්‍රමවත්ව භාවිතා නොවීමයි.දියවැඩියා රෝගය කල්තියා හඳුනාගැනීමෙන් ඉන් මතුවිය හැකි සංකූලතා රැසක් අවම කරගන්න පුළුවන් කියලයි වෛද්‍යවරු කියන්නේ.රුධිරයේ සීනි මට්ටම අවම කරමින් ඉන්සියුලින් නිෂ්පාදන ක්‍රියාවලිය නැවත යථාතත්වයට පත් කරන්න පුළුවන් ස්වභාවික ඔසු කිහිපයක්ම තියෙනවා.
බණ්ඩක්කා සහ සහල් තම්බා පෙරාගත් වතුර

- බණ්ඩක්කා කැබලි වලට කපා ගන්න.
- බත් තම්බා ජලය පෙරාගන්න.
- එසේ පෙරාගත් වතුරට බණ්ඩක්කා කැබලි දමා රාත්‍රියක් පුරා තිබෙන්නට හරින්න.
- පසුව එහි සාරය පෙරාගෙන සෑම දිනකම උදෑසන හිස්බඩ පානය කරන්න.
රාබු

රාබු කියන්නේ විටමින් B1, B2, B3, B5, B6, B9 සහා C පෝෂක වලින් අනූන එළවළුවක්.ඉතින් රාබු නිසා දියවැඩියා රෝගය පාලනය වෙනවා වගේම සිරුරට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් හිමි වෙනවා. ඒ නිසා දිනපතා රාබු සලාදයක් විදියට ආහාරයට ගන්න ඔයාට පුළුවන්.
මී පැණි සහ කුරුඳු

රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ නොයා පාලනයකින් පවත්වා ගන්න පුළුවන් සීනි වලට ආදේශකයක් විදියට මි පැණි භාවිතා කරනවා නම්. මී පැණි වල තියෙන හිතකර පෝෂක මඟින් බර අඩු කිරීම සහා රුධිරයේ ලිපිඩ තැන්පත් වීම වැළැක්වීම වැනි සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා. ඒ වගේම කුරුඳු කියන්නේ සීනි පාලනයට වැදගත් වන ඖෂධීය කුළු බඩුවක්. මී පැණි සමඟ කුරුඳු මුසු කර භාවිතා කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්න පුළුවන්.
භාවිතා කරන ආකාරය
- කුරුඳු කැබලි කිහිපයක් ගෙන තම්බාගන්න.
- කුරුඳු ජලය කෝප්පයකට පෙරාගනිමින් එයට මී පැණි හැන්දක් කලවම් කරන්න
- දිනපතා මෙම කුරුඳු, මි පැණි තේ කෝප්පයක් පානය කරන්න.
අමු කෙසෙල් යුෂ පානය

අමු කෙසෙල් වල පෙක්ටීන් සහා ප්‍රතිරෝධක පිෂ්ටය (resistant starch) අඩංගු වෙනවා. එම රසායනික සංයෝග ආහාර ගත් පසුද සිරුරේ ඇති සීනි මට්ටම පහළ මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
- අමු කෙසෙල් ගෙඩියක් ගෙන පොතු ඉවත්කරගන්න.
- පෙති කපා උතුරන ජල බඳුනකට ඒවා දමා මිනිත්තු 2 ක් පමණ තම්බාගන්න.
- වතුර පෙරා ඉවත්කර කෙසෙල් කැබලි ටික බ්ලෙන්ඩර් කරගන්න.
- මෘදු පදමකට එනතුරු ජලය එක් කරමින් බ්ලෙන්ඩ් කරගන්න.
- සැම දිනකම මෙම පානය හිස්බඩ හෝ සෑම ආහාර වේලකටම පසුව පානය කරන්න.
ඉඟුරු තේ

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ඉතා ගුණදායි ඖෂධයක් ලෙස ප්‍රසිද්ධ ඉඟුරු වලින් සිරුරේ ග්ලූකෝස් මට්ටම ඉතා හොඳින් පාලනය කරගන්න පුළුවන්. ඉඟුරු පරිභෝජනය කිරීම මඟින් රුධිරයේ සීනි මට්ටම 35% කින් අවම කරගත හැකි බවත් ඉන්සියුලින් නිෂ්පාදනය 10% කින් ඉහළ දමන බවත් සොයාගෙන තියෙනවා.
- ඉඟුරු අලයක් ගෙන පෙති කපා කෝප්පයකට දමාගන්න.
- එයට උණු වතුර ස්වල්පයක් එක් කරන්න.
- මෙම තේ පානය දිනපතාම පානය කරන්න.
කෝමාරිකා පානය

දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන් සඳහා ඉතාමත් හිතකර ඖෂධීය පානයක් විදියට කෝමාරිකා හදුන්වන්න පුළුවන්.
- මුලින්ම කෝමාරිකා පත්‍රයක් අරගෙන එහි යුෂ වෙන් කරගන්න.
- කෝමාරිකා යුෂ වලට ජලය එකතු කරගන්න.
- රසය වැඩි කරගැනීමට මී පැණි සහ ලෙමන් යුෂ එක්කරගන්න.
- මෙම පානය දිනපතා පානය කිරීම ඉතා සුදුසුයි.



