Like
Like Love Haha Wow Sad Angry
1

ජීවිතය සාර්ථක කරන්න ඔයා ගොඩක් හීන දකිනවා. ඒ වෙනුවෙන් කැපවෙනවා, වෙහෙසෙනවා. හැබැයි ඔයාගේ සාර්ථකත්වයට අකුල් හෙළන අයත් නැතුවම නෙවෙයි. වටෙපිටේ ඉන්න හැමෝම හදන්නේ එයාලගේ ජීවිතය සාර්ථකයි කියලා පෙන්වන්න. ඒත් ඒ කියන තරම් නම් එයාලගේ ජීවිත සාර්ථක නොවෙන්නත් පුළුවන්.ජීවිතය කියන්නේ මුදල්ම නෙවෙයි කියලා සමහරු කියන්න පුළුවන්. හැබැයි මුදල් නැතුව ජීවත් වෙන්න මුදල් නැතුව බැහැ.කොච්චර කට්ට කෑවත්, කොච්චර දුක් විඳලත් ජීවිතය සාර්ථක කරගන්න බැහැ,ලේසි නැහැ කියලා ඔයා දුක් වෙනවා.ඒත් ඒ වෙනුවෙන් දුක් වේවි ඉන්නේ නැතිව ටිකක් හිතලා බලන්න ඔයාට මොනවද මඟ හැරුණේ කියලා.

සාර්ථකත්වය සුළුවට හිතන්න එපා

හැමෝටම හැමදේකින්ම සාර්ථක වෙන එක ලේසි නැහැ. මොකද එකිනෙකාට සාර්ථක වෙන්න තියෙන මාර්ග විවිධාකාරයි. ඒ නිසා අනිත් අය යන මාර්ගයේම යන්නේ නැතිව ඔයාගේම මාර්ගයක් කපාගන්න. ඔයාගේ දක්ෂතාවයට, හැකියාවට අනුව ඔයාගේ සාර්ථකත්වයේ ගමන් මඟ සකස් කරගන්න. ඔයාගේ ගමනට වැඩකට නැති බාධක ඕන තරම් එන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එකිනෙකාගේ මතයන් සමඟ සටන් කරන්න ඔයාට සිදු වෙයි. හැබැයි සැලෙන්න එපා. ඔයා ඔයාගේ මතයට ඇහුම්කන් දෙන්න. කාගෙවත් පදයට නටලා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න බැරි බව මතක තියාගන්න.
ඒ වගේම ගොඩක් වෙලාවට ඔයා කරන්නේ, වටේ ඉන්න කවුරු හරි සාර්ථක වෙලා ඉන්නවා දකිද්දී හිතනවා “මමත එයා වගේ සාර්ථක වෙන්න ඕන” කියලා. හැබැයි එහෙම හිතුවා, ඒක එතනින් ඉවරයි. හැබැයි සිතුවිලක් ආ පමණින් සාර්ථක වෙන්න බැහැ. ඒ නිසා හැමවෙලේම සාර්ථකත්වය ගැනම හිතන්න. ඒ වෙනුවෙන් කැපවෙන්න, වෙහෙසෙන්න. සාර්ථකත්වය කරා යනතුරුම ඒ සිහිනය අත්හරින්න එපා.

ඔයා අවංකද?

වැඩක් කරන්න ගත්තට පස්සේ ඔයාට කම්මැලි හිතෙනවද? හැබැයි කම්මැලිවෙලා නම් සාර්ථක වෙන්න බැහැ.ඒ විතරක් නෙවෙයි සමහරු ඉන්නවා වැඩක් කරන්න ගත්තම වැඩ ගොඩක් බදා ගන්නවා. ඊට පස්සේ එකක්වත් කරගන්න බැහැ. එතකොට කොහොමද ඉතින් සාර්ථක වෙන්නේ? ඒ නිසා එක වැඩක් ඉවර කරලා අනෙක් වැඩේට අත ගහන්න.ඒ විතරක් නෙවෙයි කෙනෙකුගේ සාර්ථකත්වයට අවංකකම හොඳටම බලපානවා. කෙනෙක් තමන්ටම අවංක වෙනවා නම් හරි ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්. කාටවත් බැහැ ඔයාව සාර්ථක කරවන්න. ඔයා මහන්සිවෙලා, අවංකව වැඩ කළොත් විතරයි ඔයාට සාර්ථක වෙන පුළුවන්.

Shortcut හොයනවද?

ගොඩක් අය කරන වැරද්දක් තමයි සාර්ථක වෙන්න Shortcut හොයන එක. හැබැයි මතක තියාගන්න මොන දේට Shortcut තිබ්බත් සාර්ථකත්වයට Shortcut නැහැ.අනික සාර්ථකත්වයට යන්න Shortcut හොයන්න ගියොත් වෙන්නේ ඉන්න තැනිනුත් පහළට වැටෙන එක.ඒ නිසා බොරුවට Shortcut හොයන්න මහන්සි වෙන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාගේ කාලය නාස්ති වීමක් පමණයි.Shortcut හොයද්දි පුංචි හෝ හිස්තැනක් ඉතුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ගමන් මගේ හිස්තැන් පුරවන්නේ නැතුව සම්පූර්ණ කරගන්න උත්සහ කරන්න.

ඔයා හති දාගෙන දුවන මේ ගමනේ ඔයාගේ වටෙපිටේ ඉන්න අය ගැනත් අවධානයෙන් ඉන්න ඕන.මොකද හැමෝම වගේ බලන් ඉන්නේ ඔයාගේ කකුලෙන් අදින්න.කේලම් පතුරවමින් ඔයා මහන්සියෙන් හදාගත්ත නම නැති කරන්න තමයි වටේ ඉන්න ගොඩක් අය උත්සහ ගන්නේ. ඒ නිසා ඔයා වටේ ඉන්න අය සමඟ ගනුදෙනු කිරීමේදී හොඳ අවබෝධයක් තියාගෙන ඉන්න එක ගොඩක් වටිනවා. ඔයා කඩා වැටුණාම ඔයාව තවත් වලපල්ලට තල්ලු කරන අයව නෙවෙයි, ඔයා කඩාවැටෙන වැටෙන පාරක් ගානේ ඔයාව නැගිට්ටවන අය ඔයා ළඟ තියාගන්න.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here