අද කාලයේ සැමියා විතරක් හම්බ කළාට, ඔහුගේ salary එකෙන් විතරක් ජීවත් වෙන්න අමාරුයි.ඒ නිසාම ගොඩක් girlsලත් දැන් job කරනවා. හැබැයි සමහරුන්ට තියෙන ගැටළුවක් තමයි job එකත් එක්ක බබාව බලගෙන්නේ කොහොමද? ගෙදරද වැඩ කරගන්නේ කොහොමද? කියන එක. ඒ වගේම එය බබාටත් එක එක විදිහට බලපාන්න පුළුවන්.ඒ නිසා job එක කරන ගමන් බබාව balance කරන්න මේ කරුණු ටික ගොඩක් වැදගත් වෙයි.
විසඳුම්

ඔයා රැකියාවකට යන්නේ නම් එහිදි මතුවන මූලිකම ගැටළුව තමයි බබාව රැකබලා ගන්නේ කොහොමද කියන එක.ගොඩක් වෙලාවට බබාගේ ආච්චි හෝ සීයා ගේ උදව් ඔයාට ලබාගන්න පුළුවන්. ඒ වගේම බබා බලා ගැනීම සඳහා මෙහෙකාරියක් ගන්න සිදු වේවි. එහෙමත් නැත්නම් පිහිටට එන්නේ දිවා සුරැකුම් මධ්යස්ථානයි.
ආරක්ෂාව

බබා දිවා කාලයේ සිටින්නේ මව හෝ පියා සමග නොවේ නම් බබාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු අවධානයක් ඔයාට දෙන්න වෙනවා. විශේෂයෙන්ම බබාට මෙහෙකාරියක් තෝරා ගැනීමේදී අයගේ පිරිසිදු බව, ඉවසීම, බබාලට දක්වන කරුණාව වැනි දේවල් සොයා බැලීම ගොඩක් වැදගත්.මොකද බබා දිවා කාලය ගත කරන්නේ ඇය සමඟයි. මුල් මාසයක පමණ කාලයක් ඇයගේ ක්රියාවන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න. එහිදී අයගේ ස්වභාවය සම්බන්ධයෙන් ඔයාට අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
ඒ වගේම දිවා සුරැකුම් මධ්‍යස්ථනයක් නම් එහි ආරක්ෂාව, බබාට සලකන ආකාරය පිළිබඳව හොඳින් සොයා බලන්න. ඊට අමතරව මෙහි පිරිසිදු බව පිළිබඳව සහ සිටින බබාලා සංඛ්‍යාව ඔවුන් රැකබලා ගන්න සිටින අය සම්න්ධව හොඳින් අවධානය යොමු කිරීම වැදගත්.
බබා සතුටින්

මේ අතර මහා බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා, රැකියාවට යන් අම්මලාගේ බබාලා වඩා සතුටින් සිටින බවයි. එමෙන්ම ඔවුන් ලොකු වෙද්දී වඩා ස්වාධින හා ප්‍රීතිමත් අය වන බවද ඔවුන් හෙළි කරගෙන තිබෙනවා. මව රැකියාවකට යන්නේ නම් බබා කුඩා කාලයේ සිටම ස්වාධිනව සිටින්න පුරුදු වීම මෙයට හේතු වෙනවා. හැබැයි මින් අදහස් කරන්නේ නිවසේ සිටින අම්මාලාගේ දරුවන් ස්වාධින නොවන බව හෝ අසතුටින් සිටින බව නම් නෙවෙයි කියලා මතක තියාගන්න.
ගොඩක් වෙලාවට අපිට තියෙන busy Life එකත් එක්ක ගොඩක් වැඩ මඟ ඇරෙනවා.ඒ නිසා අපිට අපි ගැනවත් හිතන්න වෙලාවක් නැහැ.හැබැයි එහෙමයි කියලා දරුවෝ අමතක කරන්න බැහැ.අන්න ඒ නිසා මේ කියපු දේවල් ගැන අවදානය යොමු කරන්න



