දැන් ගොඩක් වෙලාවට ඔයා ගණුදෙනු කරන්නේ cheque වලින්. business එකකදී, හෝ වෙන යම් ඕනෑම ගණුදෙනුවකදීම cheque භාවිතා කරනවා. මෙය cash වලින් කරන ගණුදෙනු වලට වඩා ගොඩක් පහසුයි. cash වගේ නැති වෙන්නේ නැහැ, අඩුපාඩු වෙන්නේ නැහැ. එය වාසි සහගතයි. හැබැයි cheque වලින් ගණුදෙනු කරද්දී ඔයා මේ දේවලුත් දැනගෙන ඉන්නම ඕන.
ආරක්ෂිතව ගෙවීම් කළ හැකියි

cheque එක කියන්නේ ආරක්ෂාව අතින් ඉදිරියෙන් තිබෙන ක්‍රමවේදයක් . එය ලොකු මුදලක් අතේ අරගෙන යනවාට වඩා ගොඩක් පහසුයි සහ ආරක්ෂිතයි. ඒ වගේම හදිසියේ හෝ cheque එක අස්ථාන ගත වුණොත්, අමතක වීමකින් හෝ වෙනත් කෙනෙක් අතට පත්වෙලා නම් හෝ කිසිම ගැටළුවක් නැතිව බැංකුවට කතා කරලා cheque එක මුදල් වලට මාරු වීම නැවැත්වීමේ හැකියාව තියෙනවා.
එමෙන්ම cheque එක මුදල් cheque එකක් නම්, එය තමන්ට වුවමනා වෙලාවක මුදල් කරගන්නට හැකියාව තිබෙනවා. මෙහෙම තියෙද්දී අපිට යම් මුදලක් ගෙවීමක් ලෙස කරන්නට වූවමනාවක් තිබේ නම්, ඒ වගේ වෙලාවක ඔයාට ලැබුණු cheque එක ආපසු ගෙවීමක් විදියට ලබා දෙන්නත් පුළුවන්. එමඟින් ඔයාගේ තැම්පතු වලට බලපෑමක් නොවන ලෙස ගෙවීම් කළ හැකියි.
Check රේඛනය කරන්න

ඔයාගේ cheque පත් රේඛනය කළාම තවත් ආරක්ෂිතයි. රේඛනය කරනවා කියන්නේ cheque එක ගෙවීම් කරද්දී ඉහළ වම කෙළවරින් සමාන්තර කුඩා ඉරි කැබලි දෙකක් සලකුණු කිරීම. සාමාන්‍යයෙන් රේඛනය කළ cheque එක ගිණුමක තැන්පත් කිරීම අනිවාර්යය වෙනවා. ඒ නිසා මෙම ක්‍රමය මඟින් ඔයාගේ නිකුත් කරන cheque එක සහ ගණුදෙනුව වඩාත් ආරක්ෂාකාරීයි.
සාමාන්‍යයෙන් යම් ගෙවීමකදී මුදල් ගණන් කරලා දෙන විට වැරදීමකින් නෝට්ටුවක් දෙකක් අඩුවෙන් හෝ වැඩියෙන් යන්න පුළුවන්. නමුත් cheque එකකින් එවැනි දේවල් සිදු වන්නේ නැහැ. එමගින් මුදල් නිසි පරිදි ගෙවීම් කරන්නට හැකි වෙනවා වගේම අන්තිම සතය දක්වාම නිවැරදිව ඒ ගෙවීම සිදු කෙරෙනවා. ඒ විතරක් නෙවෙයි cheque එකකින් ගෙව්වම ඒ ගෙවීම සාක්ෂියක් වීදියට ඔයා සතු වෙනවා.
Check එක දිනය කලින් ගණුදෙනු කරන්න පුළුවන්ද?

cheque එක ලබාදෙන්නාට මුදල් ගන්නට පුළුවන් වෙන්නේ චෙක්පතේ සටහන් කරන දිනයට හෝ ඊට පසුවයි. කොතරම් හදිසි වුණත් ඊට කලින් නම් මුදල් ලබාගන්න බැහැ. ඒ නිසා ඕනම නම් ඔයාට මුදල් ලබාදීම සඳහා යම් කාලයක් ලබාගන්න පුළුවන්.
ඔයාගේ ගිණුමේ තිබෙන මුදල් වියදම් කරන්නේ cheque එකකින් නම් එම වියදම් ගැන අමුතුවෙන් මතක තබා ඕන නැහැ. ඔයාගේ ලැබීම් සහ ගෙවීම් සියල්ලම ගණනය කරලා අදාළ ගෙවීම් වලින් පසුව ඔයාගේ ගිණුමේ ඉතිරි කොපමණ මුදලක් ද කියලා සවිස්තර ආදායම් සහ වියදම් සටහනක් බැංකුවෙන් ඔයාගේ අතට සෑම මාසයක් අවසානයේ ලබා ගන්න පුළුවන්.



