Like
Like Love Haha Wow Sad Angry

දවසම දහඩිය දාගෙන, දූවිලි කාගෙන වැඩ කරලා ගෙදර ඇවිත් හැමෝම බලන්නේ නාලා පිරිසිදු වෙන්න.ඒ නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ සිරුරේ තිබෙන කුණු දුහුවිලි ඉවත් කරන සහ විෂබිජ, බැක්ටීරියා ඉවත් කරන soap තෝරා ගන්නවා. හැබැයි soap වල තියෙන රසායනික ද්‍රව්‍ය නිසා ඔයාගේ සමට විවිධ බලපෑම් ඇති වෙන්නත් පුළුවන්.

Soap භාවිතය සමට කරන බලපෑම

ඇත්තටම soap ඔයාගේ සමට අහිතකරයි. එමඟින් සමට හානි කරනවා. ඒ වගේම soap වලින් ඔයාගේ සිරුරේ තියෙන අහිතකට විෂබීජ සහ බැක්ටීරියා විතරක් නෙවෙයි, ඔයාගේ සිරුරට හිතකර බැක්ටීරියා පවා ඉවත් කර දමන්න soap වලට හැකියාව තියෙනවා. ඒකෙන් වෙන්නේ ආයෙත් ඔයාගේ සම මත අහිතකර බැක්ටීරියා වර්ධනය වී සමේ ආසාදනය තත්වයන් ඇති කිරීම. ඒ වගේම soap වල pH අගය 9 – 10 ත් අතර අගයක් ගන්නවා.මේ නිසා ඔයාගේ සම වියළීමට සහ ඉරිතැලීමට ලක් වෙනවා. විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය එක් කළ soap සහ වෙනත් පිරිසිදුකාරක මඟින් ඉකිලි, කිහිලි හා ලිංගාශ්‍රිත ප්‍රදේශ වලට වැඩි බලපෑමක් සිදු වෙන්න පුළුවන්.ඒ කියන්නේ, එම ප්‍රදේශ ඉක්මණින්ම ආසාදන වලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි.

සුදුසු පිළියම්

ඔයා soap එකක් තෝරා ගැනීමේදී මුලින්ම බලන්න එය ඖෂධීය ශාක සාර අඩංගු soap එකක් ද කියලා.ඒ වගේම ඔයාගේ සමට ගැළපෙනවද? නැද්ද? කියලත් හොයලා බලන්න. විශේෂයෙන්ම ආයුර්වේද soap එකක් මිලදී ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ඉතින් ඔයාට ආසාදන තත්වයන් ගැන බිය විය යුතු නැහැ.

මේ තත්වයන්ට හොඳම විසඳුමක් විදිහට ඔයාට පුළුවන් කෝමාරිකා සාරය අඩංගු soap එක්ක භාවිතා කරන්න.එමඟින් ඔයාගේ සමේ ඇති වන පීඩාකාරී කුරුලෑ ආසාදන අවම කිරීම, හිරු එළියෙන් සමට වන හානිය සහ අවපැහැ ගැන්වීම් අවම කිරීම,සමේ රැළි වැටීම අවම කර තරුණ පෙනුම රැකදීම සහ බ්ලීචින් නිසා ආසාදන සුවපත් කර පැහැපත් කිරීම වගේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමද සිදු කෙරෙනවා.

එමෙන්ම අධික තෙල් සහිත සමකට නම් ලෙමන් සාරය අඩංගු soap එකක් වඩාත් සුදුසුයි. ඔයාගේ සමේ අධික තෙල් ගතිය පාලනය කර බ්ලීචින් නිසා ආසාදන සුවපත් කර සම පැහැපත් කරන්න සමත් වෙනවා.ඊට අමතරව ඔයාට පුළුවන් saffron අඩංගු soap වර්ගයක් භාවිතා කරන්න.saffron අඩංගු soap සාමාන්‍ය සමක් තියෙන ඔයාට ගොඩක් හොඳයි. saffron සම පැහැපත් කරන ගුණයෙන් යුක්තයි.

ඒ වගේම ඔයාට කුරුලෑ සහිත වියළි සමක් තියෙනවා නම් කොහොඹ මිශ්‍ර soap එකක් වඩාත් යෝග්‍යයි . කොහොඹ කියන්නේ ඖෂධීය ගුණ රැසක් අඩංගු ශාකයක්. විෂබිජ නාශකයක් ලෙස ක්‍රියා කරන කොහොඹ ඔයාගේ කුරුලෑ, ලප කැළැල්, සුව කර හිරු එළියෙන් සමට ඇති වන හානිය අවම කරන්න සමත් වෙනවා.

වෙළඳපොලේ නම් විෂබීජ ඉවත් කරන soap වර්ග ඕන තරම් තියෙනවා.හැ බැයි ඒවා ඔයාගේ සමට එතරම් හිතකර වෙන එකක් නම් නැහැ.ඒ නිසා හැමවෙලේම අහිතකර විෂබිජ සහ බැක්ටීරියා ඉවත් කරන සහ ඔයාගේ සමට ගැළපෙන ස්වභාවික ශාකසාර අඩංගු soap තෝරාගන්න අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here