පොඩි කාලයේ ඉඳන්ම දරුවන්ට කියවීම සහ ලිවිම පුරුදු කරනවා. එය දරුවන්ගේ අධ්‍යාපනයට අත්‍යවශ්‍යම දෙයක්. හැබැයි දරුවාගේ වාචික භාෂා කුසලතා වර්ධනය කිරීමද අනිවාර්යයයි. විශේෂයෙන්ම දරුවාගේ කතා කිරීමේ සහ සවන් දීමේ හැකියාව පොඩි කාලයේ සිටම පුහුණු කළ යුතු වෙනවා. එමඟින් දරුවන්ගේ සන්නිවේදන හැකියාවන් දියුණු කරමින් විශ්වාසයෙන් යුතුව ඕනෑම දෙයක් ප්‍රකාශ කරන්න ඔවුන් ඉගෙන ගන්නවා. එය දරුවාගේ සාර්ථකත්වයට ලොකු උදව්වක් වෙනවා.
නිවැරදිව කථා කිරීමේ සහ සවන්දීමේ පරිසරයක් ගොඩනගමු

ගෙදරදී දරුවා සමඟ ක්‍රීඩා කිරීම, කියවීම, ගෙදර වැඩ කිරීමට බාහිර ශබ්ද නොමැති කාලය තෝරා ගන්න. ඒ වගේම දරුවා සමඟ නිශ්චිත ක්‍රියාකාරකමක යෙදෙන විට ඒ විදිහට සෑම දෙයක්ම කරන්න. සාමාන්‍යයෙන් ඔයා දරුවා සමඟ එක්ව රූපවාහිනිය නැරඹිම ද සවන් දීමට, ඉගෙන ගැනීම සහ සංවාදයක් ඇති කිරීමට උදව් වෙනවා.
අදහස් දැක්වීම් වැඩි කරන්න.

වැඩිහිටියන් විදිහට ඔයාලා ස්වභාවයෙන්ම සංවාදවලට නායකත්වය දීමට සහ දරුවාගේ දැනුම පරීක්ෂා කිරීමට උනන්දු වෙනවා. බැහැයි පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ දෙමාපියන් නිරන්තරයෙන් උපදෙස් දෙනවිට හා නිවැරදි කිරීම් කරනවිට, දරුවන්ට ඍණාත්මක බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා “ඒ මොකක්ද?, ඇයි එහෙම කරන්නේ? කියලා අහනවට වඩා ඒ පිළිබඳ දරුවා සමඟ කතා කරන්න, සංවාදයක් ඇති කරගන්න.
විවෘත ප්‍රශ්න භාවිතා කරන්න

දරුවා සමඟ විවෘතව ප්‍රශ්න කරමින් සංවාද ඇති කරන්න. දරුවා ඔයාගෙන් නිතරම ප්‍රශ්න , ගැටළු විමසනවා. ඒ වගේ වෙලාවට ඒ ගැටලුව ගැන පැහැදිලි කර දීලා, “අපිට කරන්න පුළුවන් මොකක්ද…?”, “ඔයාට ක්‍රමයක් සොයා ගන්න පුළුවන්ද?” යන ප්‍රශ්න දරුවට යොමු කරන්න. එමඟින් දරුවාට තනිවම ඔහුගේ ගැටළු විසඳා ගැනීමට සහ නිවැරදි මාර්ග සොයා ගැනීමට හැකියාව ලැබෙනවා.
කුඩා අවධියේ සිටම දරුවන්ගේ සන්නිවේදන හැකියාවන් ඔප මට්ටම් කිරීමෙන් ඔහුගේ සාර්ථකත්වයට මහඟු රුකුලක් වේවි. ඒ වගේම සමාජීය වශයෙන් ගණුදෙනු කිරීමේදී පවා, දරුවන්ට කිසිම බියක් සැකක් නැතුව ජීවත් වීමේ හැකියාව ඉබේම වර්ධනය වෙනවා.



