Like
Like Love Haha Wow Sad Angry
1

නිතරම ඔළුවේ අත තියාගෙනම ඉන්න, එහෙම නැත්නම් කට ඇරියොත් මගේ ඔළුව රිදෙනවා කියාගත්ත හැබැයි බෙහෙත් බොන්නත් කැමති නැති කෙනෙක් ඔයත් එක්ක ඉන්නවද? පොඩ්ඩක් මතක් කරලා බලන්න.අද මම කියන දේ එයාට ගොඩක් වැදගත් වෙයි.ඔයාටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි.මොකද හිසරදයට එහෙමත් නැත්නම් ඔළුවේ කැක්කුම හැදිලා නැති කෙනෙක් හොයාගන්නත් අමාරුයිනේ.Headache එකක් තියෙන අය දන්නවා ඒ වේදනාව කොහොමද කියලා.ගෙදරදී, office එකේදී හිසරදයක් හැදුන ගමන් අපි පුරුදු වෙලා ඉන්නේ Panadol දෙකක් බොන්න.ඇයි ඒ විතරක්ද එක එක Balm වර්ග ගාන එකත් කරනවා.අපි එහෙම කරන්නේ කොහොම හරි ඔළුව කැක්කුම සුව කරගන්න.එහෙම කරලත් අඩු වුණේ නැත්නම් doctor කෙනෙක් ළඟට ගිහින් බෙහෙත් ගන්නවා.ඒත් අපේ ඇඟට ඕනවට වඩා බෙහෙත්, ඒ කියන්නේ pain killers හොද නෑ.ඒ මොකද දන්නවද.ඒක ඔයාගේ අක්මාවට ලොකු damage එකක්.ඉතින් ඒ නිසා අද කියන්නේ යන්නේ බෙහෙත් බොන්නේ නැතුව ගෙදරදීම ලේසියෙන් හිසරදය අඩු කරගන්නේ කොහොමද කියලා.

Heat therapy

Headache එකක් තියෙන වෙලාවට රස්නේ වතුරෙන් නාගන්න.එහෙම නාගන්න බැරි නම් උණු වතුරෙන් පොඟවපු රෙදි කෑල්ලකින් ඔළුව පිරිමදින්න.

Aroma therapy

Lavender oil වගේ essential oil වර්ගයක් හරි peppermint oil හරි තියෙනවා නම් බිංදුවක් අරගෙන නළලේ apply කරන්න.මේවා සාමාන්‍ය Headache එකකට විතරක් නෙමෙයි migraine තියෙන අයටත් සහනයක් ලබා දෙනවා.

හොඳට වතුර බොන්න

ඕනෙම කෙනෙක්ගේ ඇඟට වතුර මදි වුණාම ඔළුවේ කැක්කුම ඇතිවෙන්න පුළුවන්.ඒ හින්දා හොඳට වතුර බිව්වොත් ඔළුව කැක්කුම ලේසියෙන් අඩු කරගන්න පුලුවන්.හැබැයි ඕනවට වඩා වැඩියෙන් වතුර බ්ව්වොත් ඇඟේ තියෙන sodium level එක අඩු වෙලා Hypothermia කියන තත්වය ඇති වෙනවා.ඒ නිසා දවසකට අවශ්‍ය වතුර ප්‍රමාණය විතරක් බොන්න.

ඉඟුරු හොඳයි

ඉඟුරු කියන්නේ එදා වගේම අදටත් හොඳ ඖෂධයක්.ඒ හින්දා ඔළුවේ කැක්කුම තියෙන වෙලාවට ඉඟුරු දාලා තේ එකක් හරි බොන්න.

Union valley එක massage

Union valley කියන්නෙ ඔයාගෙ අතේ මහපටඟිල්ල හා දබරඟිල්ල බැඳුන තැන.මුලින් එතන තත්පර 10ක් විතර තදින් කොනිත්තන්න.ඊටපස්සේ අනෙක් අතේ මහපට ඇඟිල්ලෙන් ඒ තැන රවුමට පිරිමදින්න.මුලින් දක්ෂිණාවර්තව තත්පර 10කුත් ඊටපස්සේ වාමාවර්තව තත්පර 10කුත් massage කරන්න.මේ massage එකෙන් ඔලුවේ කැක්කුම හොඳ වෙනවා.අතීතයේ නාඩි වෙදකමෙත් මේ දේවල් කියලා තියෙනවා.

San Yin Jiao massage

මේ Treatment එකේදී වෙන්නේ stress එක නැතිකරලා මනස එක සංසුන් කරන එක.ඔයාගේ කකුලේ වළලු කරට ටිකක් උඩ ප්‍රදේශය මහපට ඇඟිල්ල ආධාරයෙන් තත්පර 4, 5 ක් විතර හොදට massage කරන්න.එතකොට පුළුවන් ඔයාගේ Headache එක ඉක්මනටම අඩු කරගන්න.

Gates of consciousness massage

Gates of consciousness කියල කියන්නේ අපේ බෙල්ල උරහිසින් පටන් ගන්න ස්ථානයට.ඔයාගේ බෙල්ල පිටිපස්සේ තියෙන මේ තැන් දෙක අත් දෙකේම මහපට ඇඟිලි හා දබර ඇඟිලි වලින් තත්පර 10ක් තද කරගෙන ඉඳලා අතාරින්න.තත්පර 10කින් පස්සේ ආයෙමත් ඒකම කරන්න.හිසේ කැක්කුම බලාගෙන ඉද්දි නැති වෙලා යයි.

Drilling bamboo points massage.

ඔයාගේ නාසයේ කෙලවරින් ඇස් හමුවෙන ස්ථානයට තමයි Drilling bamboo points කියන්නේ.ඒ ස්ථානයට අත් දෙකේම දබරැඟිලි යොදාගෙන එකම වෙලාවකදි තත්පර 10ක් විතර තද කරන්න.එතකොට ඇස් වල කැක්කුම වගේම හිසේ කැක්කුමත් ඉක්මණින්ම නැති වෙලා යයි.

Shoulder well massage.

ඔයාගේ උරහිසේ Shoulder well ප්‍රදේශය අතේ මහපට ඇඟිල්ලෙන් කවාකාරව මිනිත්තුවක් විතර massage කරන්න.මේකෙන් බෙල්ලේ වගේම උරහිසේ තද බව නැති කරලා ඔලුවේ කැක්කුමට සහනයක් සලසනවා.

Pupil bone hole සම්බාහනය කරන්න.

Pupil bone hole තියෙන්නෙ ඔයාගෙ ඇස් දෙක පිටත කෙළවර.සහනයක් දැනෙනකම් මේ තැන දබරඟිල්ලෙන් හරි මැදඟිල්ලෙන් හරි පිරිමදින්න.අනිවාර්යයෙන්ම ඔලුවේ කැක්කුම අඩු වෙයි.

මේ දේවල් ඕනම වෙලාවක ඕනම තැනකදී අපිට practically use කරන්න පුළුවන් .ඉතින් හැම වෙලාවේදීම බෙහෙත්ම බොන්නේ නැතුව අද කියලා දුන්න therapy, massage ටික try කරලා බලන්නකෝ.ඉක්මනටම ඔලුවෙන් කැක්කුමට සහනයක් ලබාගන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here