පැය 24 තව පැය 2 – 3ක් වුණානම් කියලා හිතිලා තියෙනවද?ඒ කියන්නේ ඔයාගේ වැඩ වැඩි,හැබැයි කරගන්න වෙලාවක් නැහැ. කොහොමද වැඩ ටික ඉවර කරගන්නේ.bossගෙන් බැනුම් තමයි.ඔහොම එක එක ජාතියේ දේවල් හිතෙනවා නේද?හා හා එහෙම හිතන්න එපා.ඔය ප්‍රශ්නෙට උත්තරේ මම ළග තියෙනවා.ඔන්න බලන්නකෝ මොකක්ද කරන්න ඕනේ කියලා
Time Table කලාව

Time Table කියන්නේ අපි පොඩි කාලේ ඉදන්ම දන්නා දෙයක්නේ.අපි ඕනේ තරම් Time Table හදලත් ඇති.හැබැයි කවදාවත් එකේ තියෙන විදිහට වැඩ කරලා නැහැ නේද.ඕනේ නම් පලවෙනි දවසේ ආසාවෙන් කරන්න ඇති.ඊටපස්සේ දවසේ ඉදන් Time Table එක මතක්වත් නැහැ.දැන් නම් එහෙම කරන්න එපා. මොකද ඔයාට තියෙන්නේ ලේසි පහසු වැඩ ගොඩක් නෙමෙයි .ඒ නිසා හරියම Time Table එකක් හදාගන්න.ඒ Time Table එකට ඔයාගේ hobbyත් එකතු කරගන්න අමතක කරන්න එපා
වැඩ ගොඩ කරගත්තද

වැඩ නම් ගොඩ කරගන්න එපා.ඔය කිව්වට ඔයා එහෙම කරනවා වෙන්න පුළුවන්.එක වැඩක් කරන අතරේ තවත් වැඩක් කරනවා.අන්තිමට වෙන්නේ එක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙන එක.එහෙම කරන්න එපා.එක වෙලාවකට එක වැඩක් කරන්න.එක වැඩක් කරලා ඉවර කරලා අනෙක් වැඩේට යොමු වෙන එකෙන් කාලය ඉතිරි කරගන්නවා වගේම වැඩෙත් හරියට කරගන්න පුළුවන්.
media වලින් ඈත් වෙන්න

සමහර වෙලාවට අපේ හිතේ වැඩ කරන්න ඕනේ කියල තියෙනවා.ඒ වුණාට ඒක ගැන හිත හිත Facebook එකේ උඩ පල්ලෙහා යනවා.එහෙම වුනොත් වෙන්නේ වැඩේ කරගන්න බැරි වෙන එක.ඒ නිසා වැඩකට නැති වැඩ වලට කාලය නාස්ති කරන්නේ නැතුව අදාළ වැඩේට විතරක් කාලය යොදවන්න.එතකොට තමයි ඕනෙම දෙයක් effective වෙන්නේ
නිදිමරාගෙන වැඩද

වැඩ ගොඩගැහිලා නිසා නිදි මරන්නත් වෙන අවස්ථා තියෙනවා.එතකොට ඊළඟ දවසේ වැඩ කරන්න හරිම අමරුයි.ගොඩක් වෙලාවට මේ system එක පුරුදු ප්‍රශ්නයක් නැතුව මේ වැඩ කරගන්න පුළුවන්.ඒ වුණත් ඒක ඔයාගේ health එකට පොඩ්ඩක්වත් හොඳ නැහැ.ඒ නිසා health එක සහ ඔය ගැන හිතල හරියට කාලය කළමනාකරණය කරගෙන වැඩ ටික ඉවර කරගන්න.එහෙම නැත්නම් කාලයක් යනකොට ලෙඩෙක් වෙයි
හරියට plan එකක් තිබුනා නම් ප්‍රශ්නයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන්.එකනේ ඉතින් අපිටත් වෙන්න ඕනේ .අන්න ඒ නිසා අද ඉදන්වත් හරියට plan කරලා වැඩ කරගන්න.එතකොට ඉතින් හිතන්න දෙයක් නැහැ



