කොලොස්ටරෝල් කියන්නේ ලෝකයේ බොහෝ දෙන පීඩා විඳින රෝග තත්වයක්.මෙයට ඔබ ගන්නා අහාරයන් හේතු වෙනවා නිසයි.මේ සඳහා ඖෂධ ලබා ගැනීම ඔබ විශේෂයෙන් කල යුතු දෙයක් වෙනවා.නැතිනම් පසුකාලීනව හෘදයාබාධ තතවයන්ට ගොදුරු වීමේ අවධානම බොහෝ ලෙස පවතිනවා.එහිදී ඔබ මෙවැනි රටාවක් අනුගමනය කල යුතුයි.
– බිත්තර කහ මදයේ බොහෝ ලෙස මේදය ඇති නිසා එය ඉවත් කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.
– මස් වෙනුවට මාළු වර්ග ආහාරයට ගන්න.
– ඒ මාලු වල ඇති ඔමේගා 3වලින් හෘදයාබාධ ඇති වීම අවම කරයි.
– ඔබට කොලොස්ටරෝල් වැනි රෝගී තත්වයෙන් පීඩා විඳිනවා නම් ඉස්සන්, කකුළුවන් ආහාරයට ගැනීමෙන් වලකින්න.
– මුං ඇට, කවුපි, සෝයා, පරිප්පු වැනි පියලි සහිත ආහාර වැඩිපුර ආහාරයට එකතුකර ගන්න.
– ඔබ මස් වර්ග ආහාරයට ගන්නවා නම් සම ඉවත් කල මස් පමණක් අහාරයට ගන්න.
– ඌරුමස් වැනි දේ ආහාරයට ගැනීමෙන් සිරුරට අනවශ්‍ය මේදය එකතු වේ.
– මී කිරි,කිරි පිටි ,යෝගට්, චීස් සහ බටර් ගැනීමේදී මේද රහිත ඒවා පමණක් ගන්න
– උදේ, දවල් ප්‍රධාන ආහාරවේල් දෙකට අමතරව රාත්‍රි ආහාරවේල ඉතා සුළු ප්‍රමාණයකින් ලබා ගැනීමට සැලකිලිමත් වන්න.
– පිටි සහිත සහ ක්ෂණික ආහාර රාත්‍රියට ගැනීමෙන් වැලකී සිටින්න.



