ඔයාගේ Hair loss ප්‍රශ්නෙට විසඳුමක් හොයා හොයා නේද හිටියේ.ඔයා මේ වෙනකොටත් රටේ නැති Shampoo වර්ග,එක එක ජාතියේ Treatment කර කර සල්ලි නාස්ති කරලා හෙම්බත් වෙලා ඉන්න වෙලාවක්.මේ Hair Loss ප්‍රශ්නේ ඔයාට විතරක් නෙමෙයි Young Genaration එකේ ඉන්න ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්.ඔයාගේ Pocket එකත් Loss වෙන්නෙත් නැතුව Hair එකේ Loss එක නැති කරගන්න මෙන්න මම අද ඔයාට ගේනවා Short Tricks ගොඩක්.කරලම බලන්න,අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
01) Oil Treatments.

කොන්ඩේ ඉක්මනින් දිඟට වවා ගන්න නම් oil treatment කරන්නම වෙනවා.සාමාන්‍යයෙන් Day To Day කරන්න පුළුවන්නම් ගොඩක් හොඳ Result එකක් ගන්න පුළුවන්.
ඔයා වෙළඳපොලෙන් Hair Oil එකක් ගන්නවා නම්
- Olive oil
- Almonds oil
- නෙල්ලි
- Tea Tree oil
- Avocado oil
- පොල්තෙල්
- වොල්නට් ,
තියෙන Hair oil එකක් ගන්න.මේ දේවල් අඩංගු වෙලා තියෙන hair oil එකකින් ඔයාගේ කොන්ඩේ develop කරනවා විතරක් නෙමෙයි ,හිස්හොරි නැති කිරීම,පැසීම නැති කරලා long hair එකක් ලබා දෙනවා.
02) ලෝභ නැතුව කපන්න

කොන්ඩේ කපනවා කියන එක නම් Upset වැඩක් තමයි.ඒ වුණාට කොන්ඩේ වවාගන්න නම් මේ වැඩේ කරන්නම වෙනවා.හැබැයි ඔයාගේ කොන්ඩේ මාස 03 කට වරක් කැපුවොත් නම් අනිවාර්යෙන් කොන්ඩේ වැවෙන්න ගන්නවා.ඒ වුණාට ඔයා කොන්ඩේ වාවගන්න ඕනී නිසාම කොන්ඩේ කපන්නේ නැතුව ඉන්නවා කියලා මම දන්නවා.ඒත් කොන්ඩේ වැවෙන්න නම් Damage වෙලා තියෙන කොටස් කපලා දාන්න ඕනී.නැත්නම් දිඟටම කොන්ඩේ වැවෙන්නේ Damage වෙලාමයි.කොන්ඩේ කපද්දී හානී වෙලා තියෙන කොටස් කපලා දාන්න අමතක කරන්න එපා.අනිත් කාරණය තමයි Salon එකෙන් Hair Cut කරනකොට මතක් කරලා කපන්න අවශ්‍ය ප්‍රමාණය ගැන කියන්න.නැත්නම් Salon එකෙන් වැඩිපුර කොන්ඩේ කපලා දාන්න ඉඩ තියෙනවා.
03) හොද ෂැම්පු එකක් ගාන්න

ඔයාගේ කොන්ඩෙ හරි විදියට Shampoo කලේ නැත්නම් ස්වාභාවික,පෝෂ්‍යදායි තෙල් හිස්කබලෙන් ඉවත් වෙනවා .
- ඔයා Shampoo එකක් ගන්නවා නම් ඉක්මණින් හිසකෙස් වර්ධනය කර ගැනීමට වදමල්,නෙල්ලි ,කෝමාරිකා සහ සැවැන්දරා අඩංගු Shampoo වර්ගයක් ගන්න.
- ඒ වගේම Conditioner එකටත් මේ දේවල් තිබුනොත් ඔයාට දිඟ කොණ්ඩයක් ලබා ගන්න එක Dream එකක් වෙන්නේ නැහැ.
Home Made සත්කාර.

- කෝමාරිකා යුෂ මේස හැදී 1 ක්.
- එඬරු තෙල් මේස හැදී 1 ක්.
- විටමින් E කරල් 01 ක් .
මේ විදිහට හදා ගන්න
- පොඩි භාජනයක් අරගෙන ඒකට කෝමාරිකා යුෂ දාගන්න ,ඒකට විටමින් E කරලේ තෙලුයි , එඩරු තෙලුයි, දාල හොදින් Mix කරන්න.
- ඔයාගේ හිසකෙස් වල මිශ්‍රණය ආලේප කරන්නේ හිස් කබලේ මුල ඉදලා අගට.
- ආලේප කරලා මිනිත්තු 30ක් සම්බාහනය කරන්න.
- මේ මිශ්‍රණය රෑට ආලේප කරලා පසුදා උදෑසන සෝදගන්න.
- ඇස්පිල්ලම් හරි ඇහිබැම ගානවා නම් මේකප් Brush එකක් ආධාරයෙන් ආලේප කරන්න.
04) Tight Hair Style නම් කරන්න එපා.

Ponytails දැමීම,ඉහළට තදට බැදීම සහ කොන්ඩේ ගැට ගැසෙන විලාසිතා අතහරින්න වෙනවා.මොකද දන්නවද මේ වගේ Hair Style කලොත් වෙන්නේ කොන්ඩේ නිකන්ම Damage වෙන එක. ඒ නිසා කොණ්ඩෙට හානී කරන Hair Style කරන එකට තිත තියලා නැවුම් වගේම සැහැල්ලු Hair Style කරන්න පුරුදු වෙන්න.
05) ඔයාට ගැලපෙන එක තෝරාගන්න

- තම හිසකෙස් වර්ගයටම සකස් කර ඇති Product තෝරාගන්න.
- මීට අමතරව Marine Collagen, මිදී ඇට සාරය ,Biotin , Lycopene extract ,මැංගනීස් ඇමයිනෝ ඇසිඩ් , Zink ඇමයිනෝ ඇසිඩ්,කැල්සියම් පෙන්ටොතනේට් ,සිලිකන් ඩයොක්සයිඩ් සහ කෝමික් ක්ලෝරයිඩ් අඩංගු Beauty Supplement එකක් Use කරන්න
මෙහිදී - Sodium Lauryl Sulfate
- Ayisopropayil
- Alcohol අඩංගු නිෂ්පාදන ගන්න එපා.
- ඒ වෙනුවට අලිගැට පේර තෙල් ,මී පැණි හෝ කෝමාරිකා වැනි ස්වභාවික ද්‍රව්‍ය අඩංගු Product එකක් ගන්න.
06) කොට්ටේත් හරි වැදගත්

තව Trick එකක් තියෙනවා.ඒ තමයි Silk කොට්ටෙක නිදාගන්න එක.Silk කොට්ටයක් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ කොන්ඩේ සිල්ක් ස්කාෆ් එකකින් ඔතාගන්න.ටීක කාලයක් යනකොට ඔයාට හිතා ගන්නවත් බැරි Result එකක් හම්බ වෙලා තියෙන්නේ.
දිඟු කෙස් කළඹක හිමිකාරිය වෙන්න බලපු Dream එක දැන් සැබෑ වෙන්නයි යන්නේ.ඔයාට නම් හිතා ගන්නවත් බැරි වෙයි Results දැක්කම.ඒ නිසා මම කියපු මේ දේවල් ටික කරලා දිග කොණ්ඩයක හිමිකාරියක් වෙන්න දැන් ඔයාටත් පුළුවන්.අද ඉදන් පටන් ගන්නකෝ.ඔයාගේ කොන්ඩේ දැකලා ඔයාම Surprise වෙන දවස වැඩි ඈතක නෙමෙයි තියෙන්නේ.



