13
අපි ගෙදරදී Cappuccino හදන්න යන්නේ නැහැනේ.එලියට ගියොත් හරි එහෙමත් නැත්නම් වෙන special තැනකට ගියොත් හරි තමයි අපි Cappuccino බොන්නේ.එහෙම නැත්නම් coffee හරි milk coffee හරි තමයි බොන්නේ.ඉතින් අපිට බැරිද ගෙදරදීම Cappuccino එකක් හදාගෙන බොන්න.මට නම් හිතුනා ගෙදරදීම Cappuccino එකක් හදලා බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය

- Instant Coffee Powder මේස හැඳි 02
- සීනි මේස හැඳි 04
- කිරි කෝප්ප 02
මේ විදිහට හදාගමු

- මුලින්ම කෝප්පයක් අරගෙන Coffee ටික දාලා සීනි ටිකකුත් එකතු කරන්න.
- ඊට ප්ස්සෙස් ඒ දෙක හොඳට කලවම් කරලා කිරි වලින් ටිකක් දාගෙන උකුවට හොඳට Mix කරගන්න.
- මේක විනාඩි 10ක්වත් හොඳට Cream වෙනකල් beat කරගන්න.
- දැන් මේක වෙනම Mug එකට දාලා යන්තම් උණුකරගත් ඉතුරු කිරි ටික වෙනම beat කරගන්න.
- බීට් කරගත්ත Milk සහ Coffee, Mug එකට කලවම් කරන හැන්ඳෙන් හොඳට ගසමින් කළවම් කර උඩින් Coco Powder ටිකක් උඩින් ඉහගන්න.
බලන්නකෝ රස.හිතුවේ නැහැ නේද මේක රස වෙයි කියලා.ඔව් ඉතින් රසද කියලා බලන්න මීට කලින් හදලා නැහැනේ.ඉතින් ඔන්න අද අපි හදලා බැලුවා රසම රස Cappuccino එකක්.හැමදාම බොන කෝපි එකට වඩා මේ Cappuccino එක ගෙදරට එන කෙනෙක්ට වුණත් දෙන්න පුළුවන්නේ.ආයේමත් පාරක් මේක හදන්න try කරලා බලන්න
13



