අපි කාලෙන් කාලෙට එක එක විදියේ fashion කරනවනේ. අලුත් ඇදුම් ගන්නවා. සපත්තු ගන්නවා. හැබැයි අපේ hairstyle එක අපි වෙනස් කරන්නේ විශේෂ ගමනකදි විතරයි. ඔයා හැම වෙලාවේම ඉන්නේ එකම විදියේ hairstyle එකක් දාගෙන නම් මොන විදියේ Style තියෙන ඇදුම් ඇන්දත්, මොන තරම් ලස්සන සපත්තු දැම්මත්, අපිව පේන්නේ එකම විදියට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ලස්සන ඔයාව අවලස්සන කරන හැමෝටම පොදු hairstyle 5ක් ගැන.
Ponytail දැමීම

තරුණ වැදිවියේ හැමෝටම පොදු hairstyle එකක් තමයි Ponytail දාන එක.ලේසියෙන් ඉක්මනටම දාගන්න පුළුවන් නිසා හැමෝම මේකට කැමතියි. හැබැයි කොන්ඩේ පොඩ්ඩක් තියෙන නලල ගොඩක් පේන අයට මේ hairstyle එක පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ.ඒ වගේම ගොඩක් අය ලොකු boo band යොදාගෙන Ponytail දානවා.සමහර විට ඔයත් එහෙම වෙන්න ඇති. ඒකෙන් කොන්ඩේ වටිනාකම නැති වෙලා boo band එක කැපී පේන්න ගන්නවා. ඒ නිසා Ponytail එකක් දානවානම් rubber band එකක් තරම් පොඩි hair band එකකින් Ponytail එක බැදලා ඒ වටේට ඔයාගෙ කොණ්ඩෙ පොඩි කොටසක් අරන් band එක වැහෙන විදියට ඔතන්න. ඒක ඔයාට ලස්සනක් ගෙනේවි.
කොණ්ඩය ගෙතීම

කොණ්ඩය ගොතනවා කියන්නෙ හරිම ප්රසිද්ධ hairstyle එකක්. හැබැයි දැන් ඒක ටිකක් පරණයි. ලංකාවේ නම් ඉස්කෝලේ යන කාලෙ ඉදන්ම girlsලා කොන්ඩේ ගොතන එක කරනවා. කොණ්ඩය කොටස් තුනකට බෙදාගෙන ගොතන එක තමයි ගොඩක් වෙලාට අපි කරන්නේ. කොණ්ඩය ගොඩක් දිග කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කොණ්ඩය ගොතනවා. අලුත් විදියට නම් කොණ්ඩය හිරට ගෙතීම කරන්නේ නෑ. ටිකක් බුරුලට කොණ්ඩය ගොතලා ඒක වෙනස් විදියකට තියලා pin ගහන එක නැත්නම් ගොතපු කොටස ටිකක් අවුල් වෙන්න දාගෙන යන එක තමයි දැන් ගොඩක් වෙලාවට කරන්නේ.
කොණ්ඩය colour කිරීම

ගැහැණු පිරිමි බේදයක් නැතිව කරන දෙයක් තමයි කොණ්ඩය colour කරන එක. ඉස්සර නම් කොණ්ඩයේ යට කොටස නැත්නම් කොණ්ඩයේ තැනින් තැන තමයි colour කළේ. ඒ වගේ මැහෝගනී colour තමයි ගොඩක් වෙලාවට හැමෝගෙම කොණ්ඩ වල දකින්න ලැබුණේ. සමහර අය bleaching විතරක් කරගෙනත් හිටියා. දැන් ඒක පරණයි. දැන් ගොඩක් වෙලාවට Red, Dark blue වගේ colours වගේම Rainbow colors භාවිතා කරනවා. ඒ වගේ දැන් කොණ්ඩය colour කරන්නේ එක colour එකකින් නෙවෙයි, colours කිහිපයක mix එකක් විදියටයි.
Donut Bun

මුල්ම දවස්වල හරිම ප්රසිද්ධ hairstyle එකක් වුණත් දැන් නම් Donut bun style කල් Expire වෙලා ගිහින්. කොණ්ඩය තදට පීරලා bun එක දාන නිසා කොණ්ඩය පොඩ්ඩක් තියෙන අයගෙ මුහුණ ඒකෙන් හරිම අවලස්සනට පේනවා. ඒ නිසා කොණ්ඩය බුරුලට තියෙන විදියට බන් එකක් දාන එක තමයි ලස්සන.
Hair Pin සහ Hairband දැමීම

කොණ්ඩය කඩා ගෙන යන කෙනෙක් නම් ඉස්සර අපි කරන්නේ පාට පාට කොණ්ඩ කටු ගහන එක. නැත්නම් සමනලයෝ, මල් වගේ මොනවම හරි තියන band එකක් කොණ්ඩෙට දාන එක. ඒත් දැන් ඒක යල්පැනපු style එකක්. ඔයා කොණ්ඩය කඩාගෙන යනවානම් හැම වෙලාවෙම කොණ්ඩය band නොදා කොණ්ඩ කටු ගහන්නෙ නැතිව සැහැල්ලුවෙන් තියා ගන්න බලන්න. එතකොට ඔයාට ලොකු පහසුවක් දැනේවි.
ඔයා job එකක් කරන girl කෙනෙක් නම් හරි තාම ඉගෙන ගන්න කෙනෙක් හරි නම් සතියේ දවස් 5ටම මේ එක hairstyle එක දාන්නේ නැතිව ඇඳුමට, තැනට සහ ඔයාගේ මුහුණට ගැලෙපන විදිහේ hairstyle එකක් දාගෙන යන්න.



