හැමදේටම වඩා මොළයේ සෞඛ්‍ය ගැන ඔයාට හිතන්න වෙනවා. මොකද අද කාලේ ගොඩක් දෙනෙක් තම රාජකාරි සමඟ පැය 24ම වැඩ. කන්න, බොන්න, නිදාගන්නවත් හරියට වෙලාවක්. ඒත් ඔයා දන්නවද, ඔයාගේ සෞඛ්‍ය ගැන නොහිතා ජීවිත කාලයම වැඩ වලට හිර වෙනවා, නම්, නිතරම මොළය වෙහෙසවනවා නම් ඔයාගේ මොළයට දැඩි සේ හානි වෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මොළය සැකසී තිබෙන්නේ නියුරෝන ගොන්නක් එකතු වීමෙන්. මෙම සෛල වලට හානි වුණොත් ඔයාගේ මතක ශක්තිය හීන වෙලා යනවා. ඒ නිසා මේ කියන්න හදන්නේ ඔයාගේ මොළයේ වර්ධනයට කරන්න ඕන මොන වගේ Exercise ද කියලා.
මොළය වර්ධනයට සුදුසු Exercise

- ශාරීරික ව්‍යායාම
- අවම පැය 6-7කවත් හොඳ නින්දක් ලබාගන්න.
- මාස 2, 3කට සැරයක්වත් විනෝද චාරිකාවක් යන්න.
- පොත් කියවන්න.
- වැඩ කරන අතරතුර පුංචි වෙලාවක් හොයාගෙන හෝ නිවාඩු දිනයක් හෝ Card, චෙස්, දාම් වැනි ක්‍රීඩාවක් කරන්න.
- ඒ වගේම සිංදුවකට සවන් දෙන්න.
- Puzzel එකක් , ගණිත ගැටළු විසඳන්න.
- ඔයා කැමති විනෝදාංශයක් කරන්න.
- දිනපතා පෝෂණීය ආහාර වේලක් ලබා ගන්න.
- එකදිගට පරිගණකය සහ ජංගම දුරකතනය දෙස බැලීමෙන් වළකින්න.
- සමාජය, මිනිසුන් ගැන සිතින් අධ්‍යයනය කරන්න.
- තණතිල්ලක ඇවිදින්න.
මෙම Exercise මඟින් ලැබෙන වාසි

- නිර්මාණශිලිත්වය වැඩි වීම
- සිරුරේ සහ මනසේ සැහැල්ලුව
- ආතතිය, මානසික පීඩනය අවම කිරීම
- ධනාත්මක ශක්තින් ඇති කිරීම.
- මතක ශක්තිය වර්ධනය කිරීම.
කොතරම් කාර්යබහුල වුණත් පුංචි හෝ වෙලාවක් අරගෙන මේ Exercise ටික කරන්න. නැත්නම් ඔයාගේ මතකය හීන වෙලා, මානසිකව වගේම කායිකවත් විවිධ රෝගී තත්වයන්ට මුහුණ දෙන්න සිදු වේවි.



