Like
Like Love Haha Wow Sad Angry

Olive Oil කියන්නේ skin එකට විතරක් නෙමෙයි hair එකටත් ගොඩක් හොඳ benefits දෙන oil වර්ගයක්.ඒ වගේම ආහාර සඳහාත් Olive Oilඑකතු කරනු ලබනවා.මේ දවස් වල හරිම රස්නෙයි.එලියටවත් යන්න හිතන්නේ නැහැ.මොකද ඒ තරම්ම රස්නේයි.ඉතින් අපේ skin එකට sun shine එක නිසා හානී වෙන්න ඕනේ තරම් ඉඩ තියෙනවා.olive oil වලින් කොහොමද මේ skin damage වලට treatment කරන්නේ කියලා මම අද කියලා දෙන්නම්

01) හිරු එළියෙන් පිලිස්සුණු සම

අවශ්‍ය වන්නේ

  • යෝගට් Cup 1/3
  • මී පැණි Cup 01
  • ඔලිව් තෙල් tbs 02

යෝගට් ,මී පැණි සහ ඔලිව් තෙල් ගෙන හොදට mix කරගන්න.ඊට පස්සේ මිශ්‍රණය මුහුණේ ආලේප කරලා පැය භාගයකින් සෝදා හරින්න

02) සම රැළි වැටීම සඳහා

අවශ්‍ය වන්නේ

  • ඔලිව් තෙල් හැදි 2 ක්
  • ලෙමන් යුෂ 1 tablespoon
  • ලුණු

ඉහත සඳහන් ද්‍රව්‍ය භාජනයකට දමා හොඳින් mix කරගන්න.පසුව සිරුරේ ආලේප කර විනාඩි 30කින් සෝදා හරින්න.සම රැලි වැටීම නැති කරන්න මේක හොඳ treatment එකක්

ඒ වගේම ඔයාට පුළුවන් gel එකක් use කරන්න.හැබැයි olive oil විතරක්ම නෙමෙයි aloe Vera ,Fruit extracts,olive සහ ආමන්ඩ් oil අඩංගු වෙලා තියෙන එකක් වෙන්නත් ඕනේ.මොකද නැත්නම් olive oil විතරක්ම තියෙන දෙයක් use කරලා අව්වේ ගියොත් skin එක කළු වෙන්න බලනවා.

සමේ තියෙන වියලි බව නැති කරනවා ,තෙතමනය ආරක්ෂා කරනාවා ,සම රැළි වැටීම සහ skin එක පැහැපත් කරනවා.මේ දවස් වල තියෙන රස්නෙත් එක්ක මම කිව්වා වගේ gel එකක් use කරන්නම වෙනවා.හැබැයි ඒ වගේ දෙයක් ගන්නකොට හොඳ brand එකකින් ගන්න ඕනේ,

ඔන්න ඉතින් මේ දවස් වල තියෙන අව්වෙන් බේරෙන්නේ කොහොමද කියලා මම ඔයාට කියලා දුන්නා.ඔයාට තියෙන්නේ මම කිව්වා දේවල් කරන්න විතරයි.දැන් ඉතින් බය නැතුව අව්වට යන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here